ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 74 ලිපිය
  • හෙම්බත් වෙන තරමටම වැඩද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හෙම්බත් වෙන තරමටම වැඩද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එහෙම වෙන්නේ ඇයි?
  • ඒ ගැන හිතලා බලන එක වැදගත් ඇයි?
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?
    2014 පිබිදෙව්!
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • හොඳ නින්දක් ලබාගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුද?
    2010 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 74 ලිපිය
කරන්න තියෙන වැඩ නිසා හෙම්බත් වෙලා ඉන්න තරුණයෙක්

යොවුන් සිතේ ගැටලු

හෙම්බත් වෙන තරමටම වැඩද?

කරන්න තියෙන වැඩ කන්දරාවත් එක්ක කාලයක් තිස්සේ ඔයා ඉන්නේ ලොකු පීඩනයකින්ද? පරිස්සමෙන්, මොකද ඒක ඔයාට මානසිකව සහ ශාරීරිකව ගොඩක් දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙන එක වළක්වාගන්න මේ ලිපිය ඔයාට ගොඩක් උදව් වෙයි.

  • එහෙම වෙන්නේ ඇයි?

  • ඒ ගැන හිතලා බලන එක වැදගත් ඇයි?

  • ඔයාට කරන්න පුළුවන් දේ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

එහෙම වෙන්නේ ඇයි?

  • අත් කරගත්ත දේ මදි කියන හැඟීම. යෞවනියක් වන ජූලි මෙහෙම කියනවා. “‘ඔය තියෙන දේවල් ඇති’ කියලා කවුරුත් කියන්නේ නැහැ. ‘තව හොඳට කරන්න. තව මහන්සි වෙන්න. තව හම්බකරන්න. තව ඉහළට යන්න.’ මොනා කරන්න ගියත් හැමෝම කියන්නේ ඒ වගේ දේවල්. ඒක මනසට ලොකු බරක්.”

  • තාක්ෂණය. ස්මාට් ෆෝන්, ටැබ්ලට් සහ ඉන්ටනෙට් නිසා දවසේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකේ ගොඩක් වාසි තිබුණාට හිතලා බලද්දී අපිව හරියට හිර කරලා වගේ. කිසිම නිදහසක් නැහැ. මොකද කොයි වෙලාවේ කෝල් එයිද, මෙසේජ් එයිද කියලා අපි දන්නේ නැහැ.

  • නින්ද අඩුකම. යෞවනියක් වන මිරැන්ඩා කියන දේ බලන්න. “ඉස්කෝලේ වැඩ, රස්සාව, විනෝදයට කරන දේවල් නිසා ගොඩක් යෞවනයන් පාන්දර නැඟිටලා, ගොඩක් රෑ වෙන කල් ඇහැරන් ඉන්නවා. මේ රටාවට කොටු වෙන අයට ලොකු පීඩනයක් දැනෙනවා. එයාලා ඉක්මනින්ම හෙම්බත් වෙන්න පුළුවන්.”

ඒ ගැන හිතලා බලන එක වැදගත් ඇයි?

මහන්සි වෙලා වැඩ කරන එක හොඳ දෙයක් කියලා බයිබලයෙත් කියලා තියෙනවා. (හිතෝපදේශ 6:6-8; රෝම 12:11) ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ දාගන්න එක හොඳ දෙයක් කියලා. මොකද ඒක ඔයාගේ ජීවිතයට, සෞඛ්‍යයට නරක විදිහට බලපාන්න පුළුවන්.

“දවස ඇතුළත කරන්න වැඩ කන්දරාවක් තිබුණ නිසා සමහර දවස්වල මට කන්නවත් සිහියක් නැහැ. පස්සේ තමයි තේරුණේ හිතන්නේ බලන්නේ නැතුව හැම දෙයක්ම භාර අරන් කරන්න ගියාම අන්තිමට මාව ලෙඩ වෙන්නත් පුළුවන් කියලා.”—ඈෂ්ලි.

කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ දාගන්න ලේසියි. පටන්ගත්ත මුලදී “මේ ඔක්කොම කරලා ඉවර කරන්න මට ශක්තිය තියෙනවා” කියලත් හිතෙයි. ඒත් වැඩි කාලයක් යන්න කලින් ඔයා හොඳටම හෙම්බත් වෙයි. ‘මැරුණ සිංහයෙකුට වඩා පණපිටින් සිටින බල්ලෙකු හොඳයි’ කියලා බයිබලයෙත් කියනවා.—දේශනාකාරයා 9:4.

ඔයාට කරන්න පුළුවන් දේ

  • ‘බැහැ’ කියන්න ඉගෙනගන්න. බයිබලයේ කියනවා “නිහතමානී අය ප්‍රඥාවන්තයි” කියලා. (හිතෝපදේශ 11:2) නිහතමානී කෙනෙක් තමන්ට කරන්න පුළුවන් සීමාව මොකක්ද කියලා තේරුම්ගන්නවා. ඒ වගේ කෙනෙක් කරන්න බැරි දේවල් භාරගන්නේ නැහැ.

    “හැම වැඩක්ම භාරගෙන කරන එක නිහතමානීකම නෙමෙයි. මොකද එහෙම කරන්න ගියොත් අන්තිමට වෙන්නේ ලොකු පීඩනයක් ඔළුවේ තියාගෙන වැඩ කරන්න වෙන එකයි. ඒ නිසා කරන්න පුළුවන් ප්‍රමාණය තේරුම්ගන්න. කරන්න බැරි නම් ‘බැහැ’ කියන්න.”—ජෝඩන්.

  • පොඩි විවේකයක් ගන්න. බයිබලයේ කියනවා “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය” කියලා. (දේශනාකාරයා 4:6) නින්ද කියන්නේ නිරෝගී මානසික සෞඛ්‍යයකට අත්‍යවශ්‍යම දෙයක්. අඩුම වශයෙන් පැය අටකවත් (8 සිට 10ක) රාත්‍රී නින්දක් අපි හැමෝටම ඕනේ. හැබැයි ගොඩක් යෞවනයන් අඩුම ගාණේ පැය අටක්වත් රෑට නිදාගන්නේ නැහැ.

    “වැඩ ගොඩගැහිලා තියෙන දවස්වල රෑ වෙන කල් ඇහැරන් ඉඳලා කොහොමහරි වැඩ ටික ඉවර කරන්න තමයි හිතෙන්නේ. හැබැයි වෙලාවට නිදාගත්තොත් පැයක් නිදි මරාගෙන කරන වැඩේ ඔයාට ඊළඟ දවසේ පැය භාගෙකින් කරන්න පුළුවන් වෙයි.”—බෘක්ලින්.

  • වැඩ සැලසුම් කරන්න. බයිබලයේ කියනවා “උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියලා. (හිතෝපදේශ 21:5) ඒ නිසා කාලසටහනක් හදාගෙන ඔයාට කරන්න තියෙන වැඩ ටික හොඳින් සැලසුම් කරන්න. ඒ විදිහට දේවල් සැලසුම් කරන්න ඉගෙනගන්න එක ඔයාගේ මුළු ජීවිත කාලෙටම ප්‍රයෝජනවත් වෙනවා.

    “කරන්න තියෙන වැඩ ටික ඔයාගේ ෆෝන් එකේ නැත්නම් පුංචි පොතක සටහන් කරගන්න. ඒ සටහන් බලන එක බැලන්ස් එකේ වැඩ ටික කරගන්න ඔයාට උදව් වෙයි.”—වෙනේසා.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ජියානා

“සමහර අයට ඕනෙ පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න. එයාලගේ ඔළුවේ හැම තිස්සෙම තියෙන්නේ වැඩ වැඩ වැඩ. ඒ නිසා එයාලා ඉන්නේ ලොකු පීඩනයකින්. ඒත් 1 තිමෝති 6:8 කියන්නේ මූලික අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒ ඇති. ඒකෙන් සෑහීමට පත් වෙන්න කියලා. ඒක ඇත්තටම හොඳ උපදෙසක්. මොකද එහෙම කරනවා නම් අනවශ්‍ය දේවල් ලබාගන්න මහන්සි වෙන්නේ නැතුව සරල විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන්.”—ජියානා.

වේලන්

“ඔහේ හැම වැඩකටම හා කියන්න තමයි මං පුරුදු වෙලා හිටියේ. අන්තිමට කරගන්නත් බැහැ. ඒත් හැම සතියකම කරන්න තියෙන වැඩ ටික කලින්ම සැලසුම් කරාම හරිම ලේසියි. එතකොට ඔළුවට බරක් නැහැ.—වේලන්.

කේරා

“වැඩක් ලැබුණාම ඒක හා කියලා භාරගත්තේ නැත්නම් හිතට නිකම් හරි නෑ වගේ දැනෙයි. ඒත් ඇත්තටම හිතට හරි නැති වෙන්නේ වැඩ භාරගත්තේ නැත්නම් නෙමෙයි, වැඩිපුර වැඩ දාගෙන ඒ ටික කරගන්න බැරුව මුළු දවසම අවුල් ගියාම. ඒ නිසා කරන්න පුළුවන් දේවල් විතරක් භාරගන්න.”—කේරා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න