අත්හදා බැලීමට යෝජනා
සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“හුඟක් අය දේවදූතයන්ව විශ්වාස කරනවා. ඔයාත් විශ්වාස කරනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දේවදූතයන් හරිම බලවත්. ඔයා හිතන විදිහට අපිට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද? දේවදූතයන් උදව් කරනවා කියලා බයිබලේ තියෙනවා.” සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ අන්තිම පිටුවේ තියෙන ලිපිය පෙන්වන්න. පළවෙනි ප්‍රශ්නෙට අදාළ තොරතුරු සහ එක බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. සඟරා දීලා අනිත් ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.
මුරටැඹ සැප්තැම්බර් 1
“මිනිසුන් මහ පොළොවට කරලා තියෙන හානිය නිසා කවදාවත් ඒක ගොඩ ගන්න බැරි වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මිනිසුන් පොළොවට කරලා තියෙන විනාශය නැති කරන්න මිනිසුන්ට බැරි වුණත් දෙවියන්ට එහෙම කරන්න පුළුවන්කමයි ආශාවයි දෙකම තියෙනවා කියලා බයිබලයේ කියනවා. [ගීතාවලිය 65:9 කියවන්න.] දෙවියන් මේ පොළොව බලාගන්නා විදිහ ගැනත් අපිට අනාගතයේදී අද්දකින්න පුළුවන් ආශීර්වාද ගැනත් මේ සඟරාවේ විස්තර කරනවා.”
පිබිදෙව්! සැප්තැම්බර්
“අද රස්සාවල් කරන අය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් වැඩ කරන්න වෙලා තියෙන එක. ඒ නිසා හුඟක් අය හෙම්බත් වෙලා. ඒක ඒ අයගේ මනසට විතරක් නෙමෙයි ශරීර සෞඛ්‍යයටත් බලපානවා කියලා ප්‍රවීණයන් කියනවා. සමබර වෙන්නේ කොහොමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මම බයිබලයෙන් ඔයාට පදයක් පෙන්නන්නද? [දේශනාකාරයා 4:6 කියවන්න.] රස්සාව හින්දා හෙම්බත් වෙලා ඉන්න කෙනෙක්ට හිතලා බලන්න පුළුවන් පැති 4ක් ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”