ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/11 8 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2011 අපගේ රාජ්‍ය සේවාව
km 8/11 8 පි.

අත්හදා බැලීමට යෝජනා

සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“විවිධ ආගම් අදහන අය හැමදාම දෙවියන්ට යාච්ඤා කරනවා. ඔයා හිතන විදිහට දෙවියන් ඒ හැම යාච්ඤාවකටම සවන් දීලා ඒවාට උත්තර දෙනවාද?” [ප්‍රතිචාරයට ඉඩහරින්න] ඉන්පසු සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාව ඔහුගේ අතට දී එහි 16වෙනි පිටුවේ පළමු ප්‍රශ්නය යටතේ ඇති කරුණු ඔහු සමඟ සාකච්ඡා කරන්න. අඩුම තරමින් එහි ඇති එක බයිබල් පදයක්වත් කියවා පැහැදිලි කරන්න. සඟරා ඉදිරිපත් කර ඊළඟ ප්‍රශ්නය වෙනත් දවසක සලකා බැලීමට සැලසුම් කරන්න.

මුරටැඹ සැප්තැම්බර් 1

සඟරාවේ මුල් පිටුවේ මාතෘකාව පෙන්වා මෙසේ අසන්න. “මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න ඒ ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන දේ. [1 යොහන් 5:19 කියවන්න.] මෙතන කියන විදිහට අද මුළු ලෝකයම පාලනය කරන්නේ “දුෂ්ටයා” ඒ කියන්නේ යක්ෂයායි. ඇත්තටම යක්ෂයෙක් බිහි වුණේ කොහොමද? යක්ෂයා කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවාද? යක්ෂයාට ලෝකය පාලනය කරන්න දෙවි කොච්චර කාලෙකට ඉඩහරියිද? ඒ වගේ ප්‍රශ්නවලට බයිබලයේ දීලා තියෙන පිළිතුරු මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”

පිබිදෙව්! සැප්තැම්බර්

අද හුඟදෙනෙක් ඉන්නේ ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා. ඔබ හිතන විදිහට එදා වේලවත් හම්බ කරන එක අමාරු ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මුදල් පරිහරණය ගැන බයිබලයේ තිබෙන වටිනා මඟ පෙන්වීම් හුඟදෙනෙකුට උපකාර වෙලා තියෙනවා. [සඟරාවේ 8-9 පිටුවල සඳහන් බයිබල් පද අතරින් එකක් කියවන්න.] ණය බරින් මිරිකිලා ඉන්න අයට අදාළ කරගන්න පුළුවන් යෝජනා කීපයක් මේ සඟරාවේ තියෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න