අත්හදා බැලීමට යෝජනා
සැප්තැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු
“හැම ආගමකම වගේ කියනවා මිනිස්සු කරන දේවල්වලට ඒ අයට අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා. සමහර ආගම්වල ඒකට කියන්නේ දෙවිගේ විනිශ්චය දවස කියලා. ඔයා එහෙම දෙයක් ගැන අහලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න ඒ ගැන මෙතන කියලා තියෙන දේ.” සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාව දී 16වන පිටුවේ ඇති පළමු උපමාතෘකාව යටතේ ඇති මුල් ඡේදය සහ එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට දිනයක් කතා කරගන්න. මාසයට අදාළ පිබිදෙව්! සඟරාවත් දෙන්න.
මුරටැඹ සැප්තැම්බර් 1
“අද ලෝකේ හුඟක් රටවල්වල කාන්තාවන්ට වෙනස්කම් කරනවා. සමහර කාන්තාවන්ට හුඟක් කුරිරු විදිහට සලකනවා. එහෙම කරනවට දෙවියන් කැමතියි කියලා ඔයා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ස්වාමිපුරුෂයන් භාර්යාවන්ට සලකන්න ඕන විදිහ ගැන දෙවි මේ වගේ දෙයක් කියලා තියෙනවා. [එෆීස 5:28, 29 කියවන්න.] දෙවියන් ස්ත්‍රීන්ට සලකන විදිහ ගැන තොරතුරු මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! සැප්තැම්බර්
“හුඟක් අය හිතනවා ළඟදිම මුළු මිනිස් සංහතියම ලෝක විනාශයකින් නැති වෙලා යයි කියලා. සමහරවිට න්‍යෂ්ටික යුද්ධයක්, ස්වාභාවික විපතක්, දේශගුණික වෙනස්කම් එහෙමත් නැත්නම් අභ්‍යාවකාශ වස්තුවක් පොළොවේ ගැටිලා ඒක සිද්ධ වෙයි කියලා එයාලා හිතනවා. ඔයත් එහෙම හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හැබැයි දෙවියන් අපිට මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. [ගීතාවලිය 37:29 කියවන්න.] අනාගතයේදී වෙන්න යන්නේ මොනවද කියලා මේ සඟරාවේ විස්තර කරනවා.”