ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 35 ලිපිය
  • නත්තල් උත්සවය බයිබලයට එකඟද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නත්තල් උත්සවය බයිබලයට එකඟද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • නත්තල් චාරිත්‍රවල ඉතිහාසය
  • පෙරදිගටත් නත්තල්?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තල සමරන එක වැරදිද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • නත්තල ලෞකික නිවාඩු දිනයක්ද නැත්නම් ආගමික ශුද්ධ දිනයක්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 35 ලිපිය

නත්තල් උත්සවය බයිබලයට එකඟද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යේසුස් ඉපදුණු දවසවත් ඔහුගේ උපන් දිනයවත් සමරන්න කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. එක පොතක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “නත්තල සමරන්න කියා ආඥාවක් දෙවියන් දී නැහැ. අලුත් ගිවිසුමේ නත්තල ගැන සඳහන් වෙන්නේ නැහැ.”—McClintock and Strong’s Cyclopedia.

අතීතයේ බොරු දෙවිවරුන් අදහපු අය පැවැත්වූ විවිධ චාරිත්‍රවලින් නත්තල් චාරිත්‍ර පටන් අරන් තිබෙන බව නත්තල් උත්සවයේ ඉතිහාසය ගැන හොයලා බලද්දී පැහැදිලි වෙනවා. ඒ වගේ චාරිත්‍ර පවත්වලා දෙවිට නමස්කාර කරන්න හැදුවොත් දෙවියන් ඒ ගැන කොහොමටවත් සතුටු වෙන්නේ නැහැ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—නික්මයාම 32:5-7.

නත්තල් චාරිත්‍රවල ඉතිහාසය

  1. යේසුස්ගේ උපන් දිනය සැමරීම: “මුල් ක්‍රිස්තියානීන් යේසුස්ගේ උපත සැමරුවේ නැහැ. මොකද උපන් දින සැමරීම බොරු දෙවිවරුන් ඇදහූ අය අනුගමනය කළ චාරිත්‍රයක් බව ඔවුන් තේරුම්ගත්තා.”—The World Book Encyclopedia.

  2. දෙසැම්බර් 25වෙනිදා: බොරු දෙවිවරුන් අදහපු අය දෙසැම්බර් 25වෙනිදා හෝ ශීත ඍතුවේ වෙනත් දවස්වල විවිධ උත්සව පැවැත්තුවා. පල්ලිවල පූජකයන් යේසුස්ගේ උපත සමරන්න දෙසැම්බර් 25වෙනිදා යොදාගත්තේ ඒ නිසයි. නමුත් යේසුස් ඇත්තටම ඉපදුණේ ඒ දවසේ කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ.

  3. තෑගිබෝග හුවමාරු කරගැනීම හා කා බී විනෝද වීම: “නත්තල් කාලේ සතුටු වීම සඳහා කරන බොහෝ චාරිත්‍ර පටන්ගෙන තිබෙන්නේ අතීතයේ රෝමවරුන් දෙසැම්බර් මැද භාගයේ පැවැත්වූ සැටනේලියා උත්සවයේ චාරිත්‍රවලිනුයි. විශේෂ කෑම බීම පිළියෙල කිරීම, තෑගිබෝග හුවමාරු කරගැනීම හා ඉටිපන්දම් දැල්වීම වැනි චාරිත්‍ර එම උත්සවයේ සිදු වුණා” කියා එක පොතක සඳහන් වෙනවා. (The Encyclopedia Americana) තවත් පොතක සඳහන් වෙන්නේ සැටනේලියා උත්සවය පැවැත්වූ කාලයේදී “සියලුම ව්‍යාපාර කටයුතු හා රාජකාරි අත්හිටවණු ලැබුවා” කියායි.—Encyclopædia Britannica.

  4. ලයිට් සැරසිලි: “ශීත ඍතුවේ හිරු උදාව සැමරීමට හා දුෂ්ට ආත්ම පළවාහැරීමට ලයිට්වලින් හා සදාහරිත ගස්වල අතුවලින්” යුරෝපයේ ජනයා ඔවුන්ගේ නිවෙස් සැරසුවා කියා එක පොතක සඳහන් වෙනවා.—The Encyclopedia of Religion.

  5. අතු ඉති සැරසිලි: “යුරෝපයේ සිටි පූජක කණ්ඩායමක් මිස්ල්ටෝ නම් පරපෝෂිත ශාකයට විශේෂ බලයක් තිබෙනවා කියා විශ්වාස කළා. එමෙන්ම හිරු නැවත පැමිණෙන බවට සනාථ කළ සදාහරිත ශාකයක් වන හෝලි ශාකයටත් ඔවුන් නමස්කාර කළා.”—The Encyclopedia Americana.

  6. නත්තල් ගහ: “යුරෝපයේ බොරු දෙවිවරුන් ඇදහූ බොහෝදෙනෙක් ගස්වලට වන්දනාමාන කළා. ඔවුන් පසු කාලයකදී ක්‍රිස්තියානි ආගමට හැරුණත් දිගටම ගස්වලට වන්දනාමාන කළා. උදාහරණයකට සීත කාලයේදී බොහෝදෙනෙක් නිවෙස්වල දොරකඩ හා ඇතුළත නත්තල් ගසක් තැබුවා. ”—Encyclopædia Britannica.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න