ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 4 10-11 පි.
  • වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
  • 2016 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රශ්නය
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • අභියෝගවලට මුහුණ දෙන්න
    2019 පිබිදෙව්!
  • 1 තත්වයන් වෙනස් වෙනවා
    2014 පිබිදෙව්!
  • අපගේ පදිංචියේ වෙනස්වීම සමඟ හැඩගැසීමට මට හැක්කේ කෙසේද?
    1994 පිබිදෙව්!
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 4 10-11 පි.
තමන්ගේ යාළුවා යන එක ගැන දුකින් ඉන්න යෞවනියක්

මේ ඔබේ පවුලටයි | යෞවනයන්ට

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

ප්‍රශ්නය

  • ඔයාගේ තාත්තාගේ රස්සාව නිසා පවුලටම වෙන තැනක පදිංචියට යන්න වෙලා.

  • ඔයාගේ හොඳම යාළුවා ඈත පළාතක පදිංචියට ගිහින්.

  • ඔයාගේ අක්කා හරි අයියා හරි බැඳලා වෙන ගෙදරකට යනවා.

ඒ වගේ වෙනස්කම්වලට ඔයා කොහොම මුහුණ දෙයිද?

හුළඟ හමන දිහාවට නැවෙන ගහක්

ලොකු කුණාටුවක් එද්දී ගහකට පුළුවන් නම් ඒ හුළඟ හමන පැත්තට නැමෙන්න ඒ ගහ බිමට වැටෙන්නේ නැහැ. ඒ වගේ ඔයාටත් පුළුවන් ඕනෙම වෙනස්කමකට මුහුණ දෙන්න වෙද්දී ඒවාට අනුව හැඩගැහෙන්න ඉගෙනගන්න. ඒක කරන්න පුළුවන් විදිහ ගැන කතා කරන්න කලින් වෙනස්කම් ගැන දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.

දැනගන්න ඕන දේ

වෙනස්වීම් වෙන එක නවත්වන්න බැහැ. බයිබලයේ මෙහෙම කියනවා. ‘නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සියලුදෙනාටම සිදු විය හැක.’ (දේශනාකාරයා 9:11) ඒ වචන ඇත්ත කියලා කවදා හරි ඔයාටත් අද්දකින්න ලැබෙයි. අපි නොහිතන විදිහට සිද්ධ වෙන හැම දේම නරකයි කියලා කියන්න බැහැ. මුලින් නරකයි වගේ පේන්න තියෙන දේකින් පස්සේ ඔයාට ප්‍රයෝජන ලැබෙන්නත් ඉඩ තියෙනවා. කොහොමවුණත් යම් ජීවන රටාවකට හුරු වෙලා ඉද්දී දේවල් ලේසියෙන් කරන්න පුළුවන් නිසා වෙනස්කම් වෙද්දී ඒවා හොඳ වුණත් නරක වුණත් ඒවාට හැඩගැහෙන්න හුඟක් අයට ලේසි නැහැ.

වෙනස්කම් වෙද්දී විශේෂයෙන්ම යෞවනයන්ට ඒවා දරාගන්න අමාරුයි. යෞවනයෙක් වන ඇලෙක්ස්a මෙහෙම කියනවා. “යෞවන කාලෙදී කොහොමත් ශාරීරික, මානසික වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙනවා. ඒ අතරේ තව වෙනස්කම්වලටත් මුහුණ දෙන්න වුණොත් ඒක දරාගන්න ලේසි නැහැ.”

තව හේතුවක්: වෙනස්කම්වලට මුහුණ දෙන්න වෙද්දී වැඩිහිටියෝ එයාලගේ අතීත අද්දැකීම් ප්‍රයෝජනයට ගන්නවා. ඒත් යෞවනයන්ට ඒ වගේ අද්දැකීම් අඩුයි.

හැඩගැහෙන්න ඉගෙනගන්න පුළුවන්. වෙනස්කම් වෙද්දී ඒකට මුහුණ දෙන එක ලේසි නැහැ. ඒත් දුක් වෙවී ඉන්නේ නැතුව ඉක්මනින්ම ඒකෙන් ගොඩ ඇවිත් අලුත් වෙනසට හැඩගැහෙන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ. එතකොට ඒකට හොඳින් මුහුණ දෙන්නත් ඒ වෙනස නිසා සිද්ධ වෙන යහපතක් ගැන හිතන්නත් ඔයාට පුළුවන් වෙයි. එතකොට ප්‍රශ්න එද්දී ඒවාට මුහුණ දෙන්න බැරුව මත්ද්‍රව්‍ය හරි මත්පැන් හරි ගන්න ඔයා පෙලඹෙන්නේ නැහැ.

කරන්න පුළුවන් දේ

යථාර්ථයට මුහුණ දෙන්න. ජීවිතේ හැම දේම ඔයාට ඕන විදිහට වෙනවා නම් ඔයා කැමති ඇති. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. යාළුවෝ පදිංචිය මාරු කරයි, නැත්නම් විවාහ වෙයි. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා වැඩිහිටියන් වුණාට පස්සේ ගෙදරින් පිට වෙයි. යම් තත්වයන් නිසා ඔයාට යාළුවන්වයි හුරුපුරුදු දේවලුයි දාලා යන්න වෙයි. ඒ වගේ දේවල් වෙද්දී කලකිරෙනවා වෙනුවට යථාර්ථයට මුහුණ දෙන එක තමයි හොඳම දේ.—බයිබල් ප්‍රතිපත්තිය: දේශනාකාරයා 7:10.

ඉදිරිය ගැන හිතන්න. අතීතය ගැනම හිතන එක හරියට පිටිපස්ස පේන කණ්ණාඩිය දිහා බලාගෙන වාහනයක් එළවනවා වගේ. ඒක දිහා ඉඳලා හිටලා බලන එක ප්‍රයෝජනවත් වුණත් ඔයා වැඩිපුර බලන්න ඕනෙ ඉදිරිය දිහා. වෙනස්කම් වෙද්දීත් ඔයා කරන්න ඕනෙ ඒ දේමයි. දිගටම අනාගතය දිහාම බලන්න උත්සාහ කරන්න. (හිතෝපදේශ 4:25) උදාහරණෙකට ඊළඟ මාසේ නැත්නම් ඊළඟ මාස හයේ ඔයාට තියාගන්න පුළුවන් මොන වගේ ඉලක්කද කියලා හිතන්න.

හොඳ පැත්ත ගැන විතරක් හිතන්න. යෞවනියක් වන ලෝරා මෙහෙම කියනවා. “වෙනස්කම් වෙද්දී ඒවාට හැඩගැහෙන්න පුළුවන් වෙන්නේ ඒ ගැන ඔයා හිතන විදිහ අනුවයි. ඔයා දැනට මුහුණ දෙන වෙනස්කම නිසා අද්දකින හොඳ පැති ගැන හිතන්න.” ඔයා අද්දකින අලුත් තත්වය නිසා අඩුම තරමින් ඔයාට ලැබෙන එක හොඳක් ගැන හරි හිතන්න ඔයාට පුළුවන්ද?—බයිබල් ප්‍රතිපත්තිය: දේශනාකාරයා 6:9.

යෞවන වයසේදී තමන්ගේ කිට්ටු මිතුරන් හැමෝම පදිංචිය මාරු කරපු එක ගැන වික්ටෝරියා මෙහෙම කියනවා. “මට ලොකු තනිකමක් දැනුණා. දේවල් වෙනස් වුණේ අපරාදේ කියලයි මං කොයි වෙලෙත් හිතුවේ. ඒත් ආපහු හැරිලා බලද්දී මට තේරෙනවා ඒ වෙනස්කම් වුණාට පස්සේ මං වෙනස් විදිහට හිතන්න පටන්ගත්තා කියලා. අලුතින් යාළුවෝ කරගන්න පුළුවන් තව කීදෙනෙක් මං වටේ ඉන්නවද කියලා මට තේරුණෙත් ඒ කාලෙම තමයි.”—බයිබල් ප්‍රතිපත්තිය: හිතෝපදේශ 27:10.

අතීතය ගැනම හිතන එක හරියට පිටිපස්ස පේන කණ්ණාඩිය දිහා බලාගෙන වාහනයක් එළවනවා වගේ

අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න. බයිබලයේ කියනවා “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලා. (ෆිලිප්පි 2:4) වෙනස්කම්වලට හැඩගැහෙන්න පුළුවන් තවත් විදිහක් තමයි වෙනස්කම්වලට මුහුණ දෙන තවත් අයට උදව් කරන එක. අවුරුදු 17ක් වයස ඇනා මෙහෙම කියනවා. “කාලයත් එක්කම මං තේරුම්ගත්තා මං අද්දකින තත්වයම හරි ඊටත් වඩා අමාරු තත්වයක් හරි අද්දකින අයට උදව් කරන එකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා කියලා.”

a සමහර නම් වෙනස් කර ඇත.

මූලික බයිබල් ප්‍රතිපත්ති

  • “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ.”—දේශනාකාරයා 7:10.

  • “ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය.”—දේශනාකාරයා 6:9.

  • “ඈතින් සිටින සහෝදරයෙකුට වඩා ළඟින් සිටින අසල්වැසියෙකු හොඳය.”—හිතෝපදේශ 27:10.

ජුආන්

ජුආන්

“වෙනසට හැඩගැහිලා ඒකේ හොඳ පැති දකින්න නම් ඔයා තේරුම්ගන්න ඕනෙ ඒ වෙනස්කම් ජීවිතයේ කොටසක් කියලා. ඒ යථාර්ථය ඉක්මනින්ම තේරුම්ගන්න තරමටම ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. දේවල් ටිකෙන් ටික හොඳ තත්වයට හැරෙනවා කියලා එතකොට ඔයාට තේරෙයි.”

කරීසා

කරීසා

“අමාරු කාලයක් පහු කළාට පස්සේ ඒක ආයෙත් මතක් කරගන්නේ නැතුව ඉන්න මං උත්සාහ කරනවා. මට ඕනෙ ජීවිතේ ඊළඟ අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නයි. වැඩියෙන්ම වටින්නේ අතීතය ගැන හිතන එක නෙවෙයි, අනාගතය ගැන හිතන එකයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න