ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 7/1 15 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඇඹරුම් ගලේ පිහිටෙන් ආහාර
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දත්මිටි කනවද?
    1998 පිබිදෙව්!
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 7/1 15 පි.

ඔබ දැන සිටියාද?

අතීතයේදී ඇඹරුම් ගල පාවිච්චි කළේ කොහොමද?

අතීතයේ හිටිය අය රොටි හැදුවේ ධාන්‍යය අඹරලා ලබාගත්ත පිටිවලින්. ඒ නිසා හැම ගෙදරකම වගේ හිටිය කාන්තාවන් හරි සේවකයන් හරි ඇඹරුම් ගල පාවිච්චි කළා. එදා ඇඹරුම් ගලේ සද්දේ නිතර ඇහෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුණා.—නික්මයාම 11:5; යෙරෙමියා 25:10.

ඇඹරුම් ගල පාවිච්චි කරන කෙනෙක් පෙන්වන ඊජිප්තුවේ රූපයක්

ඉස්සර කාලෙදී ධාන්‍යය අඹරපු විදිහ පෙන්වන කැටයම් ඊජිප්තුවෙන් හොයාගෙන තියෙනවා. එක පැත්තකින් වක් වෙලා තියෙන ඇඹරුම් ගල උඩට ධාන්‍යය දාලා ඇඹරුම් ගල ඉස්සරහ දණගහගෙන අත්ගල ඉස්සරහට පස්සට යවමින් වැර යොදා අඹරනවා. එක පොතක කියන විදිහට, අත්ගලක බර කිලෝ 2ත් 4ත් අතර වුණා. ඒ වගේ අත්ගලකින් දමලා ගැහුවොත් කෙනෙක් මැරෙන්නත් පුළුවන්.—විනිශ්චයකරුවෝ 9:50-54.

පවුලකට රැකෙන්න ධාන්‍යය අඹරන එක කොයි තරම් අත්‍යවශ්‍ය දෙයක් වුණාද කියනවා නම් බයිබලයේ මේ නීතිය දාලා තිබුණා. “යම් කෙනෙක් ඔබෙන් ණයක් ගත්තොත් ඒ ණයට ඇප වශයෙන් ඔහුගේ ඇඹරුම් ගලවත් එහි අත්ගලවත් ගන්න ඔබට අවසර නැහැ. එසේ කළොත් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට හැකි වෙන්නේ නැහැ. ඔබ ඇප වශයෙන් ගන්නේ ඔහුගේ ජීවිතයයි.”—ද්විතීය කතාව 24:6.

‘ළයේ ඉන්නවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

නියෝජිත යොහන් අන්තිම සන්ධ්‍යා භෝජනයේදී යේසුස්ගේ සමීපයේ ඉන්නවා

යේසුස්ව හඳුන්වලා තියෙන්නේ “පියාණන්වහන්සේගේ ළයේ ඉන්නාවූ” පුත්‍රයා කියලයි. (යොහන් 1:18, පැරණි අනුවාදය) ඒකෙන් අදහස් කරන්නේ යේසුස් හා දෙවි පියාණන් අතර තියෙන කිට්ටු බැඳීම වගේම පියාණන් ඔහුට දීලා තියෙන විශේෂ තැනයි. එහෙම කිව්වේ ඒ කාලයේ යුදෙව්වන් කෑම මේසයට වාඩි වුණ විදිහ නිසයි.

යේසුස්ගේ කාලේ යුදෙව්වන් කෑමට ඉඳගත්තේ මේසේ වටේ තියපු සෝපාවල ඇල වෙලයි. කෑම මේසේ දිහාවට උඩුකය හරවගෙන වැලමිට යටින් කොට්ටයක් තියලා ඒ අය තමන්ගේ වම් පැත්තට බර වෙලා හිටියා. ඒ නිසා ඔවුන්ගේ දකුණු අත නිදහස්ව තිබුණා. කකුල් තිබුණේ අනිත් දිශාවට. හැමෝම වම් පැත්තට බර වෙලා හිටිය නිසා “එක් එක් කෙනාගේ හිස තිබුණේ ඔහුගේ පිටුපසින් හිටපු කෙනාගේ ළයට සමීපයෙන්. ඒ කෙනා අනිත් කෙනාගේ ‘ළයේ ඉන්නවා’ කියලා කියවුණේ ඒ නිසයි” කියලා එක පොතක සඳහන් වෙනවා.

ගෙදර මූලිකයා හරි සාදයට ආරාධනා කරපු කෙනා හරි ළඟින්ම කෑමට ඉඳගන්න ලැබීම කෙනෙකුට ලැබුණ විශේෂ වරප්‍රසාදයක්. යේසුස්ගේ අන්තිම සන්ධ්‍යා භෝජනයේදී ඔහුට සමීපයෙන්ම වාඩි වෙන්න “යේසුස් බොහෝ සෙයින් ප්‍රේම කළ ගෝලයා” වන යොහන්ට අවස්ථාව ලැබුණා. ඒ නිසා යොහන්ට “යේසුස්ගේ ළයට හේත්තු වී” ඔහු එක්ක කතා කරන්න පුළුවන් වුණා.—යොහන් 13:23-25; 21:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න