දේවවචනය නිධානයක් | යෙරෙමියා 25-28
යෙරෙමියා වගේ නිර්භීත වෙන්න
ෂීලෝ නගරය වගේ යෙරුසලමත් විනාශ වෙනවා කියලා යෙරෙමියා අනතුරු ඇඟෙව්වා
යෙහෝවා දෙවි සෙනඟ එක්ක ඉන්න බව නියෝජනය වුණු ගිවිසුම් පෙට්ටිය කාලයක් ෂීලෝවලත් තිබුණා
ගිවිසුම් පෙට්ටිය පැහැරගන්න යෙහෝවා දෙවි පිලිස්තිවරුන්ට ඉඩහැරියා. ඒක ආයේ කවදාවත් ෂීලෝවලට අරන් ආවේ නැහැ
පූජකයන්, අනාගතවක්තෘවරුන් වගේම සෙනඟත් යෙරෙමියාව මරනවා කියලා තර්ජනය කළා
යෙරුසලමත් දේවමාලිගාවත් විනාශ වෙනවා කියලා යෙරෙමියා කියද්දී සෙනඟ එයාව අල්ලගත්තා
යෙරෙමියා පැවරුම දාලා ගියේ නැහැ
යෙහෝවා දෙවි යෙරෙමියාව ආරක්ෂා කළා
යෙරෙමියා දිගටම නිර්භීතව හිටිය නිසා යෙහෝවා දෙවි එයාව අත්හැරියේ නැහැ
යෙරෙමියාව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවි නිර්භීතව වැඩ කරපු අහිකාම්ව පෙලඹුවා
යෙහෝවා දෙවිගේ උදව්වත් දිරිගැන්වීමත් නිසා යෙරෙමියාට පුළුවන් වුණා මිනිසුන් අහන්න කැමති නැති පණිවිඩයක් අවුරුදු 40ක් පුරා කියන්න