ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 12/1 30-31 පි.
  • ඒතොස්—“ශුද්ධ කන්දක්”?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒතොස්—“ශුද්ධ කන්දක්”?
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පැවිද්දන්ගේ “ශුද්ධ කන්ද”
  • නවීන දින ඒතොස්
  • සියල්ලන්ටම “ශුද්ධ කන්දක්”
  • ඔහුගේ ආත්මික අවශ්‍යතාව සංසිඳේ
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සීනයි—මෝසෙස්ගේ හා දයාවේ කන්ද
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාගේ ගෘහය ඔසවා
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • උස් රළු පර්වතවල පිනුම්ගසන්නෝ
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 12/1 30-31 පි.

ඒතොස්—“ශුද්ධ කන්දක්”?

ග්‍රීසියේ උතුරුකරයේ පිහිටි ඒතොස් කන්ද මුහුදට නෙරාගිය රළු උස් බිමකි. ඕතඩොක්ස් පල්ලියට අයත් මිලියන 220කට අධික ජනකාය එය සලකන්නේ “ඕතඩොක්ස් ක්‍රිස්තියානි ලොවේ ශුද්ධතම කන්ද” හැටියටයි. ඔවුන් බොහෝදෙනෙකුගේ ලොකුම පැතුම වන්නේ වන්දනා ගමනක් සඳහා “ශුද්ධ කන්දක්” වශයෙන් සැලකෙන ඒතොස් වෙතට යෑමයි. ඇත්තෙන්ම මෙම “ශුද්ධ කන්ද” මොන වගේ තැනක්ද? එය මෙතරම් වැදගත් කන්දක් බවට පත් වුණේ කොහොමද? එමෙන්ම, එය ආත්මික මඟ පෙන්වීම ලැබීමට හා සැබෑ නමස්කාරය සඳහා දේවභයැති ජනයා පිවිසිය යුතු ස්ථානයක්ද?

ඇත්තෙන්ම, බයිබලයේ “ශුද්ධ කන්ද” යන යෙදුම භාවිත කර තිබෙනවා. එම යෙදුම, සැබෑ දෙවි වන යෙහෝවාට කරන ශුද්ධ, නිර්මල මෙන්ම උත්කෘෂ්ට නමස්කාරය හා බැඳී පවතිනවා. පුරාණයේ විසූ දාවිත් රජ යෙරුසලම වෙතට ගිවිසුම් පෙට්ටිය ගෙනාවායින් පසුව, සියොන් කන්ද ‘ශුද්ධ වූ කන්දක්’ බවට පත් වුණා. (ගීතාවලිය 15:1, NW; 43:3; 2 සාමුවෙල් 6:12, 17) සාලමොන් දේවමාළිගාව මොරියා කන්ද මත ගොඩනැඟුවාට පසුව, ‘සියොන්’ දේවමාළිගාවේ කොටසක් බවට පත් වුණා; මෙබැවින් සියොන් දිගටම දෙවිගේ “ශුද්ධ කන්ද” වශයෙන් පැවතුණා. (ගීතාවලිය 2:6, NW; යෝවෙල් 3:17) දේවමාළිගාව යෙරුසලමේ පිහිටා තිබුණ නිසා, එම නගරයට පවා ‘ශුද්ධ කන්ද’ කියා ඇතැම් අවස්ථාවලදී යොමු දැක්වුවා.—යෙසායා 66:20; දානියෙල් 9:16, 20.

අදදින ගැන කුමක් කිව හැකිද? ඒතොස් කන්ද, එහෙමත් නැත්නම් වෙනත් ඕනෑම කඳු ශිඛරයක්, දෙවිට නමස්කාර කිරීම සඳහා ජනයා එක් රොක් විය යුතු “ශුද්ධ කන්දක්” කියා පැවසිය හැකිද?

පැවිද්දන්ගේ “ශුද්ධ කන්ද”

ඒතොස් කන්ද, චැල්සිඩීය අර්ධද්වීපයේ නැඟෙනහිර කොටසේ නවීන දින තෙසලොනිකි සිට නැඟෙනහිරට වෙන්න ඒජියන් මුහුදට නෙරාගිය පටු බිම් තීරයක කෙළවරේ පිහිටා තිබෙනවා. ප්‍රපාතාකාර ලෙස බෑවුම් වන මෙම කිරිගරුඬ කන්ද චමත්කාරජනක ආකාරයකින් මුහුදු මට්ටමේ සිට මීටර් 2,032ක් උසට විහිදෙනවා.

ඒතොස් සෑහෙන කාලයක් පුරා ශුද්ධස්ථානයක් ලෙස සලකා තිබෙනවා. පුරාණ ග්‍රීසියේ මිථ්‍යා කථාවල පැවසෙන ආකාරයට, දෙවිවරුන් ඔලිම්පස් කන්ද තම නිවහන කරගැනීමට කලින් ඔවුන්ගේ වාස භූමිය වූයේ ඒතොස් කන්දයි. මහා කොන්ස්ටන්ටයින්ට (පො.යු. හතරවන සියවසට) ටික කාලයකට පසුව, ඒතොස් ක්‍රිස්තියානි ලෝකයේ ජනයාගේ ශුද්ධස්ථානයක් බවට පත් වුණා. එක් ප්‍රබන්ධ කථාවකට අනුව, “කන්‍යා” මරියා එවැන්ජලිස්ත යොහන් සමඟ ලාසරුස්ව බැහැදැකීම සඳහා කුප්‍රසයට යන අවස්ථාවේදී, හටගත් දරුණු කුණාටුව හේතුවෙන් ඔවුන්ට ඒතොස් කන්දට ගොඩබැසීමට සිද්ධ වුණා. කන්දේ අලංකාරය වෙතට ඇගේ සිත ඇදී ගිය අතර, ඇය යේසුස්ගෙන් එය ඉල්ලා සිටියා. එමනිසා ඒතොස් කන්ද “ශුද්ධ වූ කන්‍ය මාතාවගේ උයන” ලෙසත් ප්‍රසිද්ධ වී තිබෙනවා. බයිසැන්ටියානු යුගයේ මැද භාගයේදී, සම්පූර්ණ පර්වතයටම ශුද්ධ කන්ද යන නම ලැබුණා. මෙම නාමය නිල වශයෙන් පිළිගනු ලැබුවේ, 11වන සියවසේ මැද භාගයේදී IXවන කොන්ස්ටන්ටයින් මොනොමාකස්ගේ නියෝගය පරිදියි.

එහි හුදෙකලා පිහිටීම හා රළු ස්වභාවය නිසා, ඒතොස් පැවිදි ජීවිතයක් ගත කිරීමට කියාපු තැනක්. ඇත්තෙන්ම, ශතවර්ෂ ගණනාවක් පුරා ඕතඩොක්ස් ලොවේ භක්තිවන්ත පුරුෂයන් එයට ආකර්ෂණය වී තිබෙනවා. ඒවාටම ආවේණික වූ පල්ලි හා ප්‍රජාවන් ඇති පූජකාරාම ගණනාවක් තැනූ ග්‍රීසිය, සර්බියාව, රුමේනියාව, බල්ගේරියාව, රුසියාව හා වෙනත් රටවල්ද මෙයට අයත් වෙනවා. මේවායින් 20ක් පමණ තවමත් පවතිනවා.

නවීන දින ඒතොස්

අදදින ඒතොස්හි ස්වාධීන පාලනයක් ඇති අතර, ඒ සඳහා නීත්‍යනුකූල අනුමැතිය ලැබුණේ 1926දීයි. වසර ගණනාවක් පුරා එහි සිටි පැවිද්දන්ගේ සංඛ්‍යාව එන්න එන්නම අඩු වෙමින් පැවතුණත්, දැන් එහි පදිංචි පැවිද්දන්ගේ සංඛ්‍යාව 2000 දක්වා ඉහළ නැඟ තිබෙනවා.

සෑම පූජකාරාමයකටම ගොවිපොළක්, පල්ලියක් හා ඉඳුම් හිටුම් වෙන වෙනම තිබෙනවා. එහි ඈතින්ම පිහිටා තිබෙන පූජකස්ථානය, භයංකර ලෙස උසට විහිදෙන ඒතොස් කඳු ශිඛරයේ කරූලියා නම් ප්‍රදේශයේ සොයාගත හැකියි. එහි පැල්පත් කිහිපයක් එක ළඟ පිහිටා ඇති අතර, එතැනට යන්න නම් අඩි පාරවල්, ගලින් තැනූ පඩි පෙළවල් හා නැඟීමට දම්වැල් අවශ්‍ය සංකීර්ණ මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදු වෙනවා. ඒතොස්හි වෙසෙන පැවිද්දන් පුරාණයේ මෙන් දැනුත් ආගමික වතාවන්ගෙන් යුත් දිනචර්යාවක් අනුගමනය කරන අතර, ඔවුන් තවමත් (හිරු බැස යෑමත් සමඟ අලුත් දවස උදා වන) බයිසැන්ටියානු කාල මාපකය හා (ග්‍රෙගෝරියානු දින දර්ශනයට වඩා දින 13ක් ප්‍රමාද) ජූලියන් දින දර්ශනය භාවිත කරනවා.

මෙම භූමිය “ශුද්ධ” ලෙස ගණන් ගැනෙන්නේ ස්ත්‍රියක් හේතුවෙන්යයි විශ්වාස කළත්, අවුරුදු දහසක කාලයක් පුරා අර්ධද්වීපයට ඇතුල් වීමෙන් ගැහැනුන්ව පමණක් නොවෙයි, ගැහැනු සතුන්ව පවා පැවිද්දන් විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. මෙම තහංචියට නපුංසක මෙන්ම රැවුල කැපූ පුද්ගලයන්ද ඇතුළත් වෙනවා. මෑතකදී, රැවුලක් නොමැති අය හා ඇතැම් ගැහැනු සත්තු සම්බන්ධයෙන් තිබෙන නීතිය ලිහිල් කර තිබුණත්, ගැහැනුන්ව තවමත් දැඩි ලෙස තහනම් කර තිබෙනවා. ඔවුන්ට ළඟා විය හැක්කේ ඒතොස් වෙරළ තීරයෙන් මීටර් 500ක් දක්වා පමණයි.

සියල්ලන්ටම “ශුද්ධ කන්දක්”

දේවභයැති ක්‍රිස්තියානීන් නමස්කාරය සඳහා එළඹිය යුතු “ශුද්ධ කන්ද” ඒතොස්ද? ගෙරිසීම් කන්දේ සිට දෙවිට නමස්කාර කළ යුතුයයි විශ්වාස කළ සමාරීය ස්ත්‍රියකට කතා කරන විට, යේසුස් පැහැදිලි කළ ආකාරයට තෝරාගත් යම් විශේෂිත කන්දක තවදුරටත් දෙවිට නමස්කාර කරන්න යන්නේ නැහැ. “[ගෙරිසීම්] කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා [පියාට] නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය” කියා යේසුස් පැවසුවා. මෙයට හේතුව? “[දෙවි] ආත්මයක්ය. [ඔහුට] නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතු” නිසයි.—යොහන් 4:21, 24, ඇල අකුරු අපගේය.

අපේ කාලයට යොමු දක්වමින් ‘යෙහෝවාගේ ගෘහයේ [සංකේතාත්මක] කන්ද කඳු මුදුනේ [ස්ථිර ලෙස, NW] පිහිටුවා, එය හෙල්වලට වඩා උස් වන්න’ යන බවත්, සියලුම ජාතීන් එය වෙතට රැස් වන්න යන බවත් අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළා.—යෙසායා 2:2, 3.

දෙවිගේ අනුමැතිය ලැබීමෙන් ඔහු සමඟ සබඳතාවක් ගොඩනඟන්න කැමති ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම, ‘ආත්මයෙන් හා සැබෑකමෙන්’ යෙහෝවාට නමස්කාර කරන්න කියන ආරාධනාව ඉදිරිපත් කර තිබෙනවා. යෙහෝවාගේ මෙම ‘ශුද්ධ කන්දට’ යන මඟ ලොව පුරා මිලියන ගණනක් සොයාගෙන තිබෙනවා. ඔවුන්ද ග්‍රීක ජාතික නීතිඥවරියක් ඒතොස් සම්බන්ධයෙන් පැවසූ මේ දෙයට එකඟ වෙනවා: “ආත්මිකත්වය, පවුරුවලින් වට වූ ස්ථානයකට හෝ පූජකාරාමයකට සීමා වෙලා තියෙනවා කියා මට පිළිගන්න බැහැ.”—ක්‍රියා 17:24 සසඳන්න.

[31වන පිටුවේ කොටුව]

දිගු කලක් පුරා සැඟවුණු නිදන් බිමක්

ශතවර්ෂ ගණනාවක් පුරා ඒතොස්හි පැවිද්දන් අත්පිටපත් 15,000ක් ඇතුළත් නිධාන ගණනාවක් රැස් කරගෙන තිබෙනවා. ගණනය කිරීම්වලට අනුව, හතරවන සියවස තරම් පැරණියයි ඇතැමෙක් විශ්වාස කරන අත්පිටපත්ද ඊට ඇතුළත් වෙනවා. ඒ නිසා, එය ලෝකයේ වැඩිම වටිනාකමක් ඇති අත්පිටපත් සමූහය බව කිව හැකියි. මේවා අතර ගීතාවලිය පොතේ, සුවිශේෂ පොත්වල හා ගීතිකාවල අකුළන ලද ලියවිලි, සම්පූර්ණ වෙළුම් හා පිටු මෙන්ම, ඉපැරණි චිත්‍ර, රූප, ප්‍රතිමා හා ලෝහ භාණ්ඩත් දක්නට ලැබෙනවා. ලෝකයේ ග්‍රීක අත්පිටපත්වලින් හතරෙන් පංගුවක්ම ඒතොස් කන්ද තුළ තිබෙන බව ගණනය කර තිබෙනවා. මේවායින් බොහොමයක් තවමත් නියමාකාරයට ලැයිස්තුගත කර නැහැ. පළමු වරට 1997දී, තම නිදන් බිමෙන් වස්තු කිහිපයක්ම තෙසලොනිකිහි ප්‍රදර්ශනය කිරීමට පැවිද්දන් ඉඩ දුන්නා.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Telis/Greek National Tourist Organization

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න