ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • gt 103 පරි.
  • යළිත් දේවමාලිගාවට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යළිත් දේවමාලිගාවට
  • මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාන තොරතුරු
  • දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • “පැය පැමිණ තිබේ”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසු මිහිපිට ගත කළ අන්තිම දවස්වල නැවත ජීවත් වීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
gt 103 පරි.

103වෙනි පරිච්ඡේදය

යළිත් දේවමාලිගාවට

යේසුස් සහ ඔහුගේ ගෝලයන් යෙරිකෝවේ සිට බෙතානියට පැමිණ දැන් රාත්‍රි තුනක් ගත වී හමාරයි. නීසාන් 10වන සඳුදා හිමිදිරි උදෑසන හිරු එළිය වැටෙන විටත් ඔවුන් යෙරුසලම වෙත ගමන් කිරීමට පටන්ගෙන තිබෙනවා. යේසුස් දැන් සිටින්නේ බඩගින්නෙයි. ඒ නිසා, කොළ ඇති අත්තික්කා ගසක් නෙත ගැටුණු විගස එහි අත්තික්කා ගෙඩි තිබෙනවාදැයි බැලීමට ඔහු ඒ දෙසට ගමන් කරනවා.

දැන් තවම මාර්තු අගභාගය වන නිසා ගසේ කොළ හටගෙන තිබෙන්නේ අවාරයටයි. මන්ද අත්තික්කා වාරය පැමිණෙන්නේ ජූනිවලදීයි. එහෙත් කොළ කලින් හටගෙන තිබෙන නිසා අත්තික්කා ගෙඩිත් කලින් හටගෙන ඇතැයි කියා යේසුස් සිතනවා. එහෙත් ඔහුගේ බලාපොරොත්තු කඩ වෙනවා. කොළ නිසා ගසට තිබෙන්නේ මුළා කරවනසුලු පෙනුමක්. යේසුස් ගසට ශාප කරමින්, “මෙතැන් පටන් සදහටම කිසිවෙකු ඔබෙන් පල නොකාවා” යනුවෙන් පවසනවා. යේසුස් කළ දෙයින් ඇති වූ ප්‍රතිඵල හා එහි වැදගත්කම පසුවදා උදෑසන දැකගත හැකියි.

වැඩි වේලාවක් යන්න මත්තෙන් යේසුස් හා ඔහුගේ ගෝලයන් යෙරුසලමට පැමිණෙනවා. ඔහු කලින් දා සන්ධ්‍යාවේදී පරීක්ෂා කර බැලූ දේවමාලිගාව දෙසට ගමන් කරනවා. නමුත් අද ඔහු ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඔහු ක්‍රියා කරන්නේ මීට වසර තුනකට කලින් ක්‍රි. පූ. 30 පාස්කුවේදී ක්‍රියා කළ ආකාරයටමයි. යේසුස් දේවමාලිගාව තුළ විකුණමින් හා මිලේට ගනිමින් සිටින අයව ඉවතට පන්නා දමා මුදල් මාරු කරන්නන්ගේ මේසද, පරෙවියන් විකුණන්නන්ගේ බංකුද පෙරළා දමනවා. දේවමාලිගාව හරහා භාජනයක්වත් ගෙන යෑමට ඔහු කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ.

දේවමාලිගාව තුළ සිටින මුදල් මාරු කරන්නන්ව හා සතුන් විකුණන අයව හෙළා දකිමින් ඔහු මෙසේ පවසනවා. “‘සියලු ජාතීන්හට මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්යයි කියනු ලබන්නේය’ කියා ලියා නැද්ද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබේ.” පූජාවන් ඔප්පු කිරීම සඳහා අවශ්‍ය සතුන් ඔවුන්ගෙන් ලබාගන්නවා හැර වෙන විකල්පයක් නොමැති මිනිසුන්ගෙන් ඉතා අධික මුදලක් අය කිරීම නිසා ඔවුන් ඇත්තටම කොල්ලකාරයන් කියා පැවසිය හැකියි. යේසුස් මේ ව්‍යාපාරික කටයුතු කොල්ලකෑමක් නැතහොත් සොරකමක් හැටියට සලකන්නේ ඒ නිසයි.

යේසුස් කළ දේ ගැන නායක පූජකයන්, ලියන්නන් සහ ජනයාගේ ප්‍රධානීන් දැනගන්නා විට ඔවුන් නැවතත් ඔහුව මරණයට පත් කිරීමට මං සොයනවා. එමගින් ඔප්පු වන්නේ ඔවුන්ගේ දුෂ්ට ස්වභාවය කවදාවත් වෙනස් කළ නොහැකි බවයි. එහෙත් යේසුස්ව මරණයට පත් කරන්නේ කොහොමද කියා ඔවුන් දන්නේ නැහැ. මන්ද සියලුදෙනාම ඔහු වටා එක් රොක් වී ඔහුට ආශාවෙන් සවන් දෙමින් සිටින නිසයි.

යුදෙව් ජාතිකයන් හැර අන්‍යජාතීන්ද පාස්කුවට පැමිණ සිටිනවා. මේ අය යුදෙව් ආගමට හැරුණු අයයි. පෙනෙන විදිහට යුදෙව් ආගමට හැරුණු ඇතැම් ග්‍රීකයන් දැන් ෆිලිප් වෙතට ඇවිත් පවසනවා ඔවුන්ට යේසුස්ව හමුවීමට අවශ්‍ය බව. ෆිලිප් අන්දෘ වෙතට යන්නේ යේසුස් ගාවට ඔවුන්ව ගෙන යෑම සුදුසුදැයි ඇසීමට විය හැකියි. පෙනෙන විදිහට, යේසුස් තවමත් සිටින්නේ දේවමාලිගාවෙයි. ග්‍රීක්වරුන්ට එතැනදී යේසුස්ව හමුවීමට පුළුවන්.

තමාට ජීවත් වීම සඳහා තව ඇත්තේ දවස් කිහිපයක් පමණක් බව යේසුස් දන්නවා. ඒ නිසා, ඔහු තමාගේ තත්වය හොඳ උපමාවකින් පැහැදිලි කර දෙනවා. “මනුෂ්‍ය පුත්‍රයාව මහිමයට පමුණුවන පැය පැමිණ තිබේ. සැබවින්ම මම ඔබට කියමි, තිරිඟු බීජයක් පස තුළට වැටී මිය නොයන්නේ නම්, එය තනි බීජයක් ලෙසම පවතී. නමුත් එය මිය ගියොත්, බොහෝ පල දරන්නේය.”

එක තිරිඟු බීජයකට ඇත්තේ ඉතා කුඩා වටිනාකමක්. එහෙත් එය පස තුළට දැමූ පසු බීජයක් වශයෙන් එහි පැවැත්ම අවසන් කරමින් “මිය ගියොත්” සිදු වන්නේ කුමක්ද? එවිට එය දළුලා කල් යද්දී ගසක් බවට පත් වන අතර එයින් තිරිඟු බීජ බොහොමයක් හටගන්නවා. මේ හා සමානව, යේසුස් නමැති පරිපූර්ණ මනුෂ්‍යයා දෙවිට විශ්වාසවන්තව සිට මිය ගියොත්, තමා හා සමානව ආත්ම-පරිත්‍යාගී ස්වභාවයක් විදහාපෙන්වන විශ්වාසවන්ත අයට සදාකාල ජීවනය දානය කරන්නාවූ මාධ්‍යයක් බවට පත්වීමට ඔහුට පුළුවන්. ඒ නිසා, යේසුස් පවසන්නේ මෙසේයි. “තමාගේ ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි. නමුත් මේ ලෝකයේදී තමාගේ ජීවිතයට වෛර කරන්නා එය සදාකාල ජීවනය සඳහා ආරක්ෂා කරගනියි.”

යේසුස් තමා ගැන විතරක් සිතන්නේ නැති බව පැහැදිලියි. මන්ද ඔහු ඊළඟට මෙසේ පැහැදිලි කරනවා. “යමෙක් මට සේවය කරන්නේ නම් මා අනුව එන්න. මා කොතැනද, මාගේ සේවකයාත් එහි සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ නම්, පියාණන් ඔහුට ගෞරව කරන්නේය.” යේසුස්ව අනුගමනය කරමින් ඔහුට සේවය කිරීම වෙනුවෙන් ලැබෙන දීමනාව මොන තරම් කදිම එකක්ද! එම දීමනාව නම්, පියාණන් විසින් පිරිනමනු ලබන රාජ්‍ය පාලනය යටතේදී ක්‍රිස්තුස් සමඟ ආශ්‍රය කිරීමේ ගෞරවයයි.

තමා විඳින්න යන මහත් දුක් වේදනා හා වේදනාකාරී මරණය ගැන සිතමින් යේසුස් තවදුරටත් මෙසේ පවසනවා. “දැන් මම කැලඹී සිටිමි. ඉතින් මා කුමක් කියන්නද? පියාණෙනි, මේ පැයෙන් මාව ගලවන්න.” ඔහුට පැමිණෙන්ට තිබෙන දේ මඟ හැරිය හැකි නම්! නැහැ, ඔහු එසේ සිතන්නේ නැහැ. ඔහු පවසන්නේ, “මා මේ පැයට පැමිණියේ මේ නිසාමය” කියායි. තම ආත්ම-පරිත්‍යාගී මරණය ඇතුළු දෙවිගේ මුළු විධිවිධානයටම යේසුස් එකඟ බව මින් පෙනේ. මතෙව් 21:12, 13, 18, 19; මාක් 11:12-18; ලූක් 19:45-48; යොහන් 12:20-27; NW.

▪ ඒ අත්තික්කා වාරය නොවුවත් අත්තික්කා ගෙඩි තිබේවි කියා යේසුස් අපේක්ෂා කරන්නේ මන්ද?

▪ යේසුස් දේවමාලිගාව තුළ විකුණමින් සිටින අයව “සොරුන්” වශයෙන් හඳුන්වන්නේ ඇයි?

▪ යේසුස් මිය යන තිරිඟු බීජයකට සමාන වන්නේ කුමනාකාරයෙන්ද?

▪ තමන් විඳින්න යන දුක් වේදනා හා මරණය ගැන යේසුස්ට හැඟෙන්නේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න