ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 67
  • යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා යෙහෝෂපාට් රජට උදව් කළා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • බයිබලේ සඳහන් වාර්තා ඔයා හිතට ගන්නවද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා බලන විදිහටම ඔයාත් බලන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මුළු හදවතින්ම යෙහෝවා දෙවිට සේවය කරන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 67
ගායනා කරන මිනිසුන් යෙහෝෂාපාට්ගේ හමුදාවේ ඉදිරියෙන් ගමන් කරමින්

කතන්දර 67

යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරයි

මේ මිනිස්සු කවුද? ඒගොල්ලන් මොනවාද කරන්නේ කියලා ඔයා දන්නවාද? ඒගොල්ලන් යුද්ධ කරන්නයි යන්නේ. ඉස්සරහින් යන මිනිස්සු ගායනා කරනවා. ඒ වුණාට ‘ගායනා කරන අය ළඟ කඩුවත් හෙල්ලවත් නැත්තේ ඇයි’ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ ඇයි කියලා අපි බලමු.

යෙහෝෂාපාට් කියන්නේ ඉශ්‍රායෙල් දේශයේ ගෝත්‍ර දෙකේ රාජ්‍යයේ රජුටයි. උතුරු දිශාවේ දසගෝත්‍ර රාජ්‍යයේ ආහබ් රජ හා යෙසෙබෙල් ජීවත් වන කාලයේමයි එයාත් ජීවත් වෙන්නේ. ඒ වුණාට යෙහෝෂාපාට් හොඳ රජෙක්. ආසා කියන එයාගේ තාත්තාත් හොඳ රජෙක් හැටියට හිටියා. ඒ නිසා දකුණු දිශාවේ ගෝත්‍ර දෙකේ රාජ්‍යයට අයිති මිනිස්සුන් අවුරුදු ගණනාවක් තිස්සේ හොඳ ජීවිතයක් ගත කරනවා.

නමුත් දැන් මිනිස්සුන්ට භය හිතෙන දෙයක් වෙනවා. පණිවුඩකාරයින් ඇවිත් යෙහෝෂාපාට්ට මෙහෙම කියනවා: ‘මෝවබ්, අම්මොන් හා සේයිර් කන්දේ රටවල්වලින් විශාල හමුදාවක් එනවා ඕගොල්ලන්ට පහර දෙන්න.’ ඉශ්‍රායෙල්වරුන් හුඟදෙනෙක් යෙහෝවාගේ උපකාරය ඉල්ලන්න යෙරුසලමේ දේවමාළිගාවට යනවා. එහිදී යෙහෝෂාපාට් මෙහෙම යාච්ඤා කරනවා: ‘අනේ අපේ දෙවි යෙහෝවා, අපි දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මේ විශාල හමුදාවට විරුද්ධව සටන් කරන්න අපිට බලයක් නැහැ. කරුණාකරලා අපට උදව් කරන්න.’

යෙහෝවා මේකට ඇහුම්කම් දෙනවා. ඔහුගේ සේවකයෙක්ව පාවිච්චි කරලා මිනිස්සුන්ට කියනවා: ‘සටන ඕගොල්ලන්ගේ නෙවෙයි, නමුත් දෙවිගෙයි. ඕගොල්ලන්ට සටන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. සෝදිසියෙන් බලාගෙන ඉන්න. බලන්න යෙහෝවා ඕගොල්ලන්ව බේරාගන්නේ කොහොමද කියලා.’

ඉතින් ඊළඟ දවසේ උදේ යෙහෝෂාපාට් මිනිස්සුන්ට කියනවා: ‘යෙහෝවාව විශ්වාස කරන්න!’ කියලා. ඊට පස්සේ එයාගේ භටයින්ට ඉස්සරහින් යන්න ගායකයින්ව දානවා. ඒගොල්ලන් ගමන් කරනකොට යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කරනවා. ඒගොල්ලන් සටන් කරන තැනට ළං වෙද්දි වෙන්නේ මොනවාද කියලා ඔයා දන්නවාද? සතුරු භටයින්ට තම තමන්ගේ අය එක්කම සටන් කරන්න යෙහෝවා සලස්වනවා. ඉශ්‍රායෙල්වරුන් එතැනට එනකොට හැම හතුරු භටයෙක්ම මැරිලා!

යෙහෝෂාපාට් යෙහෝවාව විශ්වාස කරපු එකෙන් එයා නුවණ ඇති කෙනෙක් කියලා පෙන්නුවා නේද? අපිත් යෙහෝවාව විශ්වාස කෙරුවොත්, එහෙනම් අපිත් නුවණ ඇති අය වෙනවා.

1 රාජාවලිය 22:41-53; 2 ලේකම් 20:1-30.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න