සියල්ලටම වඩා වැදගත් කාර්යය!
1. දේවසේවය බොහෝ සේ අගය කරනවා නම් අප පරිත්‍යාග කරන්න පෙලඹෙන්නේ මොනවාද?
1 දේවසේවය වෙනුවෙන් මෙතරම් කාලයක්, ශ්‍රමයක් හා වටිනා දේවල් වුණත් වැය කරන්න කියා අපව නිතරම දිරිගන්වන්නේ ඇයි? දේවසේවය තරම් වැදගත් කාර්යයක් තවත් නැති නිසයි. එමගින් ඉටු වන යහපත ගැන සිතද්දී නැවත කිසිදාක සිදු නොවන එම කාර්යයේ හවුල් වීමට අප තුළ ඇති ආශාව තවත් වැඩි වෙනවා.—ක්‍රියා 20:24.
2. දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට දේවසේවය උපකාර වන්නේ කොහොමද?
2 දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරයි: සියලුම මිනිස් ආණ්ඩු ඉවත් කර, මිනිසුන්ගේ ලෙඩ රෝග හා මරණය නැති කර ඔවුන්ගේ සියලුම අවශ්‍යතා දේවරාජ්‍යය මගින් ලබා දෙන්නේ යෙහෝවා දෙවියි. (මතෙ. 6:9, 10; යෙසා. 25:8; 33:24) අපි ඒ දේවල් ගැන මිනිසුන්ට ප්‍රකාශ කරද්දී එය දෙවිගේ නාමයට මොන තරම් ප්‍රශංසාවක්ද! ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ යහපත් හැසිරීම හා ඔවුන් තුළ සේවයට තිබෙන උද්යෝගය දකිද්දී ජනයා දෙවිට ගෞරව කරන්නත් පෙලඹිය හැකියි. (1 පේතෘ. 2:12) විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ නාමය ලොව පුරාම ප්‍රකාශ කරන්න ලැබීම මොන තරම් සතුටක්ද!—ගීතා. 83:18.
3. ශුභාරංචිය පිළිගන්න අය අද්දකින ආශීර්වාද මොනවාද?
3 ජීවිත ගලවයි: ‘කිසි කෙනෙක් විනාශ වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ. ඔහුගේ ආශාව වන්නේ පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමයි.’ (2 පේතෘ. 3:9) ඒත් යෙහෝවා දෙවි හරියි කියා හෝ වැරදියි කියා හෝ සලකන දේ කෙනෙක් ඉගෙනගන්නේ කොහොමද උගන්වන්න කෙනෙක් නැත්නම්? (යෝනා 4:11; රෝම 10:13-15) මිනිසුන් ශුභාරංචිය පිළිගෙන ඒ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙද්දී ඔවුන් යෙදී සිටි නරක පුරුදුවලින් මිදෙනවා. ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ ජීවිත වඩා යහපත් අතට හැරෙනවා. (මීකා 4:1-4) සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුවත් ඔවුන්ට ලැබෙනවා. අපි උද්යෝගයෙන් දේශනා කර බයිබල් පාඩම් පවත්වද්දී අපටත්, සවන් දෙන අයටත් ගැලවීම ලැබෙනවා. (1 තිමෝ. 4:16) එයට සුළුවෙන් හෝ දායක වීමට අවස්ථාව ලැබීම අපට මොන තරම් වරප්‍රසාදයක්ද!
4. දේශනා කිරීමට හා බයිබල් පාඩම් පැවැත්වීමට අපි උද්යෝගයෙන් හවුල් විය යුත්තේ ඇයි?
4 මේ දුෂ්ට සමාජයට අවසානයක් ගෙනෙන මහත් පීඩාව ඉතාම ආසන්නයි. ගැලවීම ලබන්නේ දෙවිගේ පැත්ත ගන්නා අය විතරයි. ඒ නිසා දේශනා කිරීමත් බයිබල් පාඩම් පැවැත්වීමත් අද සිදු කෙරෙන අත්‍යවශ්‍යම හා ඉක්මනින්ම කළ යුතු කාර්යයි. ඊට අපේ ජීවිතයේ වැදගත්ම හා මුල්ම ස්ථානය දෙමු!—මතෙ. 6:33.