උද්යෝගය දිගටම පවත්වාගනිමු
1 ලොව පුරා සිටින සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ උද්යෝගයෙන් හවුල් වෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් හැටියට 1992 පටන් සෑම වසරකම පැය බිලියනයකට වඩා වැඩි කාලයක් ඒ සඳහා ගත කර තිබෙනවා. අපිටත් සුළු වශයෙන් හෝ ඒ කාර්යයට හවුල් වෙන්න ලැබීම ගැන අපි මොන තරම් සතුටු වෙනවාද!—මතෙ. 28:19, 20.
2 මේ “අසීරු, අන්තරාදායක කාලවල” මෙතරම් අතිවිශාල කාර්යයක හවුල් වෙන්න අපිට හැකි වී තිබෙන්නේ දෙවිගෙන් අපිට නොඅඩුව ලැබෙන ශක්තිය හා ධෛර්යය නිසයි. (2 තිමෝ. 3:1) මේ වැදගත් කාර්යයේ දිගටම උද්යෝගයෙන් හවුල් වීමට නම් අපි කුමක් කළ යුතුද?
3 උද්යෝගයට පදනම: ශුභාරංචිය දේශනා කිරීමට අපව පොලඹවන්නේ දෙවි හා ජනයා කෙරෙහි අප තුළ තිබෙන ඉමහත් ප්‍රේමය මෙන්ම අපේ කැපවීමට එකඟව ජීවත් වීමට තිබෙන අවංක ආශාවයි. (මතෙ. 22:37-39; 1 යොහ. 5:3) දේශනා සේවයේ හැකි උපරිමයෙන් හවුල් වීමට නම් යම් කැප කිරීම් කළ යුතුයි. මෙය කරන්න අපිව පොලඹවන්නේ ප්‍රේමයයි.—ලූක් 9:23.
4 උද්යෝගය පවත්වාගන්න නම්: අපේ විරුද්ධකාරයා වන සාතන් නිතරම උත්සාහ කරන්නේ දේවසේවය සඳහා තිබෙන අපේ උද්යෝගය බාල කරන්නයි. ජනයා පණිවිඩයට සවන් නොදීම, අපේ සිත වෙනතකට යොමු කරන දේවල්, කාර්ය බහුල ජීවිතය හා අසනීප ගැන කනස්සල්ලෙන් පසුවීම යනාදි විවිධ උපක්‍රම ඔහු විසින් යොදාගනු ලබනවා.
5 මේ නිසා අපේ උද්යෝගය දිගටම පවත්වාගැනීමට දැඩි වෑයමක් දැරිය යුතුයි. ඒ සඳහා අප තුළ ‘මුලින් තිබූ ප්‍රේමය’ තව තවත් වැඩි කරගැනීම වැදගත්. නිතිපතා බයිබලය කියවීම මෙන්ම කියවන කොටස ගැන ගැඹුරින් සිතා බැලීමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට සපයන සියලුම සැපයුම්වලින්ද ප්‍රයෝජන ගත යුතුයි.—එළි. 2:4; මතෙ. 24:45; ගීතා. 119:97.
6 බයිබල් අනාවැකිවල ඉටුවීමෙන් පැහැදිලිව පෙනී යන්නේ අභක්තික මිනිසුන්ට විරද්ධව දෙවි ගෙනෙන විනාශය වේගයෙන් ළඟා වෙමින් තිබෙන බවයි. (2 පේතෘ. 2:3; 3:10) මෙම කාරණය සෑම දවසකම මතකයේ තබාගෙන, දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ හැකි උපරිමයෙන් හවුල් වෙමින් අපේ උද්යෝගය දිගටම පවත්වාගනිමු!