‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න’
1. අපි දේශනා සේවය කළ යුත්තේ කෙසේද?
1 අපි ක්‍රිස්තියානි සේවයේ කිසිම අංගයක් කම්මැළිකමින් නොකළ යුතුයි. අපිට දිරිගන්වා තිබෙන්නේ ‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී යන්න. යෙහෝවාට වෙහෙස මහන්සි වී සේවය කරන්න’ කියායි. (රෝම 12:11) කෙසේවෙතත් සේවය සඳහා වූ අපේ උද්යෝගය අඩු කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. “ගින්නක් යළි දල්වාගන්නාක් මෙන්” දිගටම උද්යෝගය පවත්වාගන්න අපට හැක්කේ කෙසේද?—2 තිමෝ. 1:6, 7.
2. උද්යෝගයෙන් සේවය කිරීමට පෞද්ගලික අධ්‍යයනය දායක වන්නේ කෙසේද?
2 පෞද්ගලික බයිබල් අධ්‍යයනය: උද්යෝගයෙන් රාජ්‍යය ගැන දේශනා කරන කෙනෙක් දෙවිගේ නීතිවලට ඇලුම් කරමින් ඒ අනුව ජීවත් වීමට උත්සාහ කරනවා. (ගීතා. 119:97) පෞද්ගලික අධ්‍යයනයේ යෙදෙමින් බයිබල් සත්‍යයන් වඩාත් හොඳින් අවබෝධ කරගන්නා විට අපේ උද්යෝගය තව තවත් වැඩි කරගන්න ආශාවක් ඇති වෙනවා. එවැනි සත්‍යයන් අපට ලබා දුන් තැනැත්තා කෙරෙහි ප්‍රේමයත් අන් අයට ශුභාරංචිය පැවසීමට අප තුළ තිබෙන ආශාවත් නිසා ප්‍රසිද්ධියේ දෙවිගේ නම ප්‍රකාශ කරමින් ඔහුට ප්‍රශංසා කරන්න අපි පෙලඹෙනවා. (හෙබ්‍රෙ. 13:15) උනන්දුවෙන් ශුභාරංචිය දේශනා කිරීමෙන් අපි එහි වටිනාකම අගය කරන බව පිළිබිඹු වෙනවා.
3. දෙවිගේ බලය අපේ සේවයට බලපාන්නේ කෙසේද?
3 දෙවිගේ බලය ඉල්ලා යාච්ඤා කරන්න: අපේම ශක්තියෙන් අපිට පලදායී සේවයක් කරන්න බැහැ. සැබෑ උද්යෝගයක් ඇති වන්නේ දෙවිගේ බලය නොඅඩුව ලැබීමෙනුයි. (1 පේතෘ. 4:11) ‘අතිමහත් බලය හා ශක්තිය’ ඇති තැනැත්තාට ළං වීමෙන් සාක්ෂි දැරීමට නිර්භීතකම ලැබෙයි. (යෙසා. 40:26, 29-31) ‘දෙවිගේ උපකාරය ලැබූ නිසා’ දේවසේවයේදී එල්ල වූ විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න පාවුල්ට හැකි වුණා. (ක්‍රියා 26:21, 22) අපේ දේවසේවය උද්යෝගයෙන් කරන්න යෙහෝවා දෙවිගේ බලයෙන් ශක්තිය ලැබෙන නිසා අපි එය ඉල්ලා යාච්ඤා කළ යුතුයි.—ලූක් 11:9-13.
4. උද්යෝගය නිසා ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද? නමුත් කල්පනාකාරී විය යුත්තේ කුමක් ගැනද?
4 අපි උද්යෝගයෙන් දේශනා සේවයේ යෙදෙන විට අනික් සහෝදර සහෝදරියන්ගේ උද්යෝගයත් වැඩි වෙනවා. (2 කොරි. 9:2) නිසැකකමින් හා උද්යෝගයෙන් පණිවිඩය ඉදිරිපත් කරද්දී බොහෝවිට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. කෙසේවෙතත් උද්යෝගය සමඟ උපායශීලීබව හා මෘදුකමත් තිබිය යුතුයි. (තීත. 3:2) සැමවිටම අපි නිවැසියාටත් ඔහුට තේරීමක් කිරීමට තිබෙන අයිතියටත් ගරු කළ යුතුයි.
5. අපි ක්‍රියාත්මක කළ යුත්තේ දෙවිගේ කුමන අවවාදයද?
5 රාජ්‍ය ප්‍රචාරකයන් ලෙස අපි නිතරම ‘දෙවිගේ බලයෙන් පිරී ඉතිරී’ සිටිමු. අපට අතිමහත් බලය ලබා දෙන යෙහෝවා දෙවිට නිරතුරුව යාච්ඤා කිරීමෙන් හා පෞද්ගලික අධ්‍යයනයෙන් උද්යෝගය වර්ධනය කරගමු. මෙලෙස ‘දෙවිගේ බලයේ’ උපකාරය ඇතුව ‘ස්ථිර විශ්වාසයෙන් යුක්තව’ අපේ දේවසේවය උද්යෝගයෙන් කිරීමට අපට හැකියි.—1 තෙස. 1:5.