ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 112
  • නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ගලීල බෝට්ටුව බයිබල් ඉතිහාසයේ පුරාවස්තුවක්
    2006 පිබිදෙව්!
  • යේසුස්ට පුළුවන් අපිව ආරක්ෂා කරන්න
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් වතුර උඩ ඇවිද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අසීරුතා හමුවේ පාවුල් ජයගනියි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 112
පාවුල් සහ නැවේ හිටපු අනිත් අය මෝල්ටාව කියන දූපතට බේරිලා එනවා

කතන්දර 112

නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම

මේ බලන්න! ලොකු කරදරයක් වෙලා වගේ! නැව කෑලි කෑලිවලට කැඩීගෙන යනවා! මුහුදට පැනලා ඉන්න මිනිස්සුන්ව ඔයාට පේනවාද? සමහරදෙනෙක් දැනටමත් ගොඩට ඇවිත්. අර ඉන්නේ පාවුල්ද? එයාට මේ වෙනකම් සිද්ධ වෙලා තියෙන්නේ මොනවාද කියලා අපි බලමුද?

අවුරුදු දෙකකට, පාවුල්ව කායිසාරියේ හිරේ දාලයි තිබුණේ. ඊට පස්සේ එයාව තව හිරකාරයන් කීපදෙනෙක් එක්ක නැවක දාලා රෝමයට ගෙනියනවා. ක්‍රීතය කියන දූපත පහු කරගෙන යනකොට ඒගොල්ලන්ව සැර කුණාටුවකට අහු වෙනවා. හුළඟ කොච්චර හයියෙන් හමනවාද කිව්වොත් මිනිස්සුන්ට ඒ නැව කොහොමටවත්ම ගෙනියගන්න බැරි වෙනවා. දවල් කාලේ ඉරවත් රෑට තාරකාවත් දැකගන්න බැරි වෙනවා. අන්තිමේදී, දවස් කිහිපයකට පස්සේ, ඒගොල්ලන් පණ බේරෙයි කියන බලාපොරොත්තුව අත්හරිනවා.

එතකොට පාවුල් නැඟිටිලා මෙන්න මෙහෙම කියනවා: ‘ඕගොල්ලන්ගෙන් කාගේවත් ජීවිත නැති වෙන්නේ නැහැ. නැව විතරයි විනාශ වෙන්න යන්නේ. මොකද, ඊයේ රෑ දේවදූතයෙක් ඇවිත් මට කිව්වා: “භය වෙන්න එපා, පාවුල්. කායිසර් කියන රෝමානු නායකයා ඉදිරියේ ඔයා අනිවාර්යයෙන්ම පෙනීසිටියි. ඔයත් එක්ක නැවේ ගමන් කරන හැමදෙනාවත් දෙවි බේරන්න යනවා” කියලා.’

කුණාටුව පටන්ගෙන 14වෙනි දවසේ මහ රෑ නැවියන්ට තේරෙනවා මුහුදේ ගැඹුර අඩු වෙනවා කියලා. ගල්පරවලට හැප්පෙයි කියන භයට ඒගොල්ලන් නැංගුරම් බස්සනවා. ඊළඟ දවසේ උදේ ඒගොල්ලන් මුහුදු බොක්කක් දකිනවා. ඉතින් නැව වෙරළට කිට්ටු කරන්න ඒගොල්ලන් උත්සාහ කරනවා.

හැබැයි ඒගොල්ලන් වෙරළට ළං වෙනකොට, නැව වැලි කන්දක වැදිලා හිර වෙනවා. සැර රළ පහරවල් නිසා නැව කෑලිවලට කැඩෙන්න පටන්ගන්නවා. එතකොට ඒගොල්ලන්ව භාරව ඉන්න හමුදා නිලධාරියා මෙහෙම කියනවා: ‘පීනන්න පුළුවන් හැමෝම ඉස්සෙල්ලාම මුහුදට පැනලා ගොඩට පීනලා යන්න. අනික් අය ඒගොල්ලන්ට පස්සේ පැනලා නැවෙන් කැඩුණු කෑලි අල්ලාගෙන පාවෙලා යන්න.’ ඉතින් ඒගොල්ලන් කියපු දේ කළා. මේ විදිහට, ඒ දේවදූතයා පොරොන්දු වුණ හැටියටම ඒ නැවේ හිටිය 276දෙනාම හානියක් නැතුව ගොඩට ගියා.

මේ දූපතට කියන්නේ මෙලීතය කියලයි. එහෙ ඉන්න මිනිස්සු හරිම කරුණාවන්තයි. මේ නැවෙන් ගොඩට ආපු අයව ඒගොල්ලන් හොඳින් බලාගන්නවා. කුණාටුව නැවතුණාට පස්සේ පාවුල්ව වෙන නැවකින් රෝමයට ගෙනියනවා.

ක්‍රියා 27:1-44; 28:1-14.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න