ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 12/1 3 පි.
  • හරය ගිලිහිලාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හරය ගිලිහිලාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • නත්තලෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තල් සමයේ මුල් තැන කුමකටද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 12/1 3 පි.

හරය ගිලිහිලාද?

“නත්තල් කාලේ මිනිස්සු හරිම කාර්යබහුලයි. කොච්චර වැඩ රාජකාරි තියෙනවාද කියනවා නම් පවුලේ අය එක්කවත් යාළුවෝ එක්කවත් කාලය ගත කරන්න කිසිම නිදහසක් නැහැ. වැඩිදෙනෙක් නත්තල් චාරිත්‍ර කරන්නේ සතුටෙන් නෙමෙයි නොකර බැරි නිසයි. මේ හේතු නිසා නත්තලෙන් ලැබෙන්න ඕන ප්‍රීතිය අපි අද්දකින්නේ නැහැ.”—ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයා වන බ්‍රැඩ් හෙන්රි.

නත්තල් සමය ළං වෙද්දී නත්තල් අසිරිය ගැන කියන සිංදු, චිත්‍රපටි, වැඩසටහන් නිතර නිතර අහන්න දකින්න ලැබෙන නිසා නත්තල කියන්නේ ප්‍රීතිය, සතුට පිරුණු කාලයක් කියලා හැමෝටම වගේ හිතෙනවා. හැබැයි ඔයා හිතන විදිහට නත්තල ප්‍රීතිමත් කාලයක් වෙන්න ඕන ඇයි?

  • යේසුස්ව සිහි කරන්න පුළුවන් වෙන නිසාද?

  • තෑගිබෝග දෙන්න පුළුවන් වෙන නිසාද?

  • අන් අයට උදව් කරන්න පුළුවන් නිසාද?

  • පවුලේ අය එක්ක කාලය ගත කරන්න ලැබෙන නිසාද?

  • සාමය ඇති කරන්න පුළුවන් නිසාද?

යේසුස්ව සිහි කරන එක, තෑගිබෝග දෙන එක, අන් අයට උදව් කරන එක, පවුලේ අය එක්ක කාලය ගත කරන එක, සාමය ඇති කරන අය විදිහට ජීවත් වෙන එක හොඳයි කියලා බයිබලයෙත් කියලා තියෙනවා.a

හැබැයි නත්තල අද ව්‍යාපාරයක් වෙලා. නත්තල් කාලේදී හුඟදෙනෙක් හරිම කාර්යබහුලයි. එයාලගේ මනසට කිසිම නිදහසක් නැහැ. ඒ නිසා නත්තල් කාලේ කරන්න බලාපොරොත්තු වෙන ඒ එක දෙයක්වත් එයාලට හරියට කරගන්න බැහැ. දැන් අපි සලකලා බලන්න යන්නේ,

  • සමහරු නත්තල සමරන හේතු,

  • ඒකෙන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙලාද,

  • නත්තලෙන් ලැබෙනවාට වඩා වැඩි සතුටක් මිලියන ගණනකට අද්දකින්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණා ගැනයි.

a සමහරු නත්තල සමරන්නේ නැත්තේ මොන බයිබල් ප්‍රතිපත්ති නිසාද කියලා දැනගන්න “පාඨකයන් අසයි” යන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න