ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 18 පාඩම 143 පි.-144 පි. 4 ¶
  • පිළිතුරු දෙන විට බයිබලය භාවිත කිරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පිළිතුරු දෙන විට බයිබලය භාවිත කිරීම
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • දේවවචනයෙන් ඔබටත් අන් අයටත් ප්‍රයෝජන
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘දෙවිගේ වදන් බලවත්ය’
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හොඳ පදනමක් ඇති තර්ක ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 18 පාඩම 143 පි.-144 පි. 4 ¶

පාඩම 18

පිළිතුරු දෙන විට බයිබලය භාවිත කිරීම

කළ යුතු වන්නේ කුමක්ද?

ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී බයිබලය හොඳින් භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

අපට දී ඇති පැවරුම ‘වචනය දේශනා කිරීම’ වටා ගෙතී ඇත්තකි. “මමම උපදවා කතා නොකරමි” යන්න පවසමින් මේ සම්බන්ධයෙන් ආදර්ශය තබන්නේ යේසුස්ය.—2 තිමෝ. 4:2; යොහ. 14:10.

අපගේ විශ්වාසයන්, අප ගත කරන ජීවිතය, වත්මන් සිදුවීම් සම්බන්ධයෙන් අප දරන දෘෂ්ටිය, අනාගතය සඳහා අපගේ බලාපොරොත්තුව ගැන ප්‍රශ්න අසනු ලබන විට, පිළිතුරු දීම සඳහා බයිබලය භාවිත කිරීමට අපි උත්සාහ දරන්නෙමු. ඒ මන්ද? බයිබලය දේවවචනය වන නිසාය. අපගේ විශ්වාසයන්වලට පදනම සපයන්නේ බයිබලයයි. අප අපගේ ජීවිත ගත කරන්නේ බයිබලයෙහි සඳහන් මඟ පෙන්වීම් පදනම් කරගෙනය. ලෝකයේ සිදුවීම් සම්බන්ධයෙන් අප දරන ආකල්පද එයින් සැකසේ. එමෙන්ම අනාගතය පිළිබඳ අපට තිබෙන බලාපොරොත්තුව ස්ථිරව පිහිටා ඇත්තේ බයිබලයේ දේවානුභාවය ලත් පොරොන්දු මතය.—2 තිමෝ. 3:16.

අප සතු නාමය හා බැඳී පවතින වගකීම ගැන අපට ඇත්තේ ඉතා ගැඹුරු හැඟීමකි. අප යෙහෝවාගේ සාක්ෂිකරුවෝය. (යෙසා. 43:12) එමනිසා අප පිළිතුරු දෙන්නේ මිනිසුන්ගේ දර්ශනවාදි අදහස් පදනම් කරගෙන නොව නමුත් යෙහෝවා තම දේවානුභාවය ලත් වචනයෙහි පවසන දෙය පදනම් කරගෙනය. අප පෞද්ගලිකව විවිධ මත දරන බව ඇත්තය. එනමුත් අපගේ ආකල්ප සකස් කිරීමට අප දේවවචනයට ඉඩ දෙන්නේ එය සත්‍යය බව අපට ස්ථිර ලෙස ඒත්තුගොස් ඇති නිසාය. කෙසේවෙතත්, බොහෝ කාරණා සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික මනාපය ක්‍රියාත්මක කිරීමට බයිබලය අපට ඉඩ කඩ සලසයි. එනමුත් අපගේ පෞද්ගලික මනාපයන් අන් අය පිට පටවනවා වෙනුවට අපගේ ආශාව වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි දක්වා ඇති ප්‍රතිපත්ති ඉගැන්වීමය. ප්‍රතිඵලයක් ලෙස, තේරීම් සම්බන්ධයෙන් අප පෞද්ගලිකව භුක්ති විඳින නිදහස අද්දැකීමට අපගේ සවන්දෙන්නන්ට අපි ඉඩ දෙන්නෙමු. ප්‍රේරිත පාවුල් මෙන් අප උත්සාහ දරන්නේ ‘ඇදහිල්ල කරණකොටගෙන කීකරු වීම සඳහා දිරිගැන්වීමක් දීමටය.’—රෝම 16:26, NW [රෝම 16:25, පැ. අ.].

එළිදරව් 3:14හි යේසුස් ක්‍රිස්තුස්ව විස්තර කර ඇත්තේ ‘විශ්වාස වූ සැබෑ සාක්ෂිකරුවා’ ලෙසය. යේසුස් ප්‍රශ්නවලට පිළිතුරු දුන්නෙත්, ඉස්මතු වූ තත්වයන්ට මුහුණ දුන්නෙත් කෙසේද? ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ට කල්පනා කිරීමට උපකාර කළ උපහැරණ භාවිත කිරීමෙනි. තවත් අවස්ථාවලදී ප්‍රශ්න විචාරන්නා ශුද්ධ ලියවිල්ලේ කොටසක් තේරුම්ගත් ආකාරය ගැන එම තැනැත්තාගෙන්ම විමසීමෙනි. නිතරම පාහේ ශුද්ධ ලියවිලි පද උපුටා දැක්වීමෙන්, ඒවා තම වචනවලින් කීමෙන් හෝ ඒවාට යොමු දැක්වීමෙනි. (මතෙ. 4:3-10; 12:1-8; ලූක් 10:25-28; 17:32) මුල් සියවසේදී, අකුළන ලද ශුද්ධ ලියවිලි පොත් සාමාන්‍යයෙන් තැබුවේ සිනගෝගවලය. යේසුස්ට මෙම ලියවිලිවල පෞද්ගලික පිටපත් තිබූ බවට කිසිදු සාක්ෂියක් නැත. ඒ කෙසේවෙතත්, ඔහුට ශුද්ධ ලියවිල්ල ගැන හසළ දැනුමක් තිබූ අතර, ඉගැන්වීම් කටයුතුවල නිරත වෙද්දී නිතරම පාහේ ඒවාට යොමු දැක්වීය. (ලූක් 24:27, 44-47) මේ අනුව තමා ඉගැන්වූ දේ තමාම උපදවාගත් දේවල් නොවන බව සත්‍යවාදීව පැවසීමට ඔහුට හැකි විය. ඔහු කතා කළේ තම පියාණන්ගෙන් ඇසූ වචන පමණි.—යොහ. 8:26.

අප ආශා කරන්නේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමටයි. යේසුස්ට ඇසුණාක් මෙන්, දෙවි කතා කරනවා පෞද්ගලිකව අපගේ සවන්වලට වැකී නැත. එනමුත් බයිබලය දේවවචනය වේ. අපගේ පිළිතුරුවලට පදනම ලෙස ඊට යොමු දක්වන විට, අවධානයට ලක් වන්නේ අප නොව, දේවවචනයයි. අසම්පූර්ණ මිනිසෙකුගේ මතයක් පළ කරනවා වෙනුවට, සත්‍යය සම්බන්ධයෙන් දෙවිගේ ස්ථාවරය එළිදරව් කිරීම අපගේ තිර අදිටන බව එමගින් පෙන්නුම් කරමු.—යොහ. 7:18; රෝම 3:4.

කෙසේවෙතත්, අපගේ ආශාව නිකම්ම බයිබලය භාවිත කිරීමට සීමා වී නැත. අප ආශා වන්නේ අපගේ සවන්දෙන්නාට වඩාත්ම ප්‍රයෝජනයක් ගෙන දිය හැකි ආකාරයකින් එය භාවිත කිරීමයි. ඔහු විවෘත මනසකින් අපට සවන් දෙනවාට අපි කැමැත්තෙමු. පුද්ගලයා විදහාපෙන්වන ආකල්පයට අනුව මෙසේ පවසමින් බයිබලයේ අදහස් හඳුන්වා දීමට ඔබට පුළුවන. “ඇත්තටම වැදගත් වන්නේ දෙවි පවසන්නේ මොකක්ද කියන එක කියා ඔබට සිතන්න බැරිද?” එසේ නැතහොත් මෙසේ පැවසිය හැක. “ඒ ප්‍රශ්නය බයිබලයෙහි සාකච්ඡා කර තිබෙනවා කියා ඔබ දැන සිටියාද?” බයිබලයට කිසිදු ගෞරවයක් නොදක්වන කෙනෙකුට කතා කරනවා නම්, වෙනම ආකාරයේ හැඳින්වීමක් භාවිත කිරීමට සිදු විය හැක. “මෙම පුරාණ අනාගතවාක්‍යය මම ඔබට පෙන්වන්නම්” කියා ඔබට පවසන්නට පුළුවන. එසේ නැතහොත් “මිනිස් ඉතිහාසයේ වඩාත් පුළුල් ලෙස බෙදාහැර ඇති පොත මෙවැනි දෙයක් කියනවා . . . ” යනාදි වශයෙන් පැවසිය හැක.

ඇතැම් අවස්ථාවලදී යම් බයිබල් පදයක වදන් ඔබේ වචනවලින් විස්තර කිරීමට තීරණය කළ හැක. කෙසේවෙතත්, හැකි සෑම අවස්ථාවකදීම බයිබලය විවෘත කර එහි සඳහන් දේ කියවීම යහපති. අනික් පුද්ගලයාගේ බයිබලයෙන් ශුද්ධ ලියවිලි පදයක් පෙන්වීම ප්‍රායෝගික වන අවස්ථාවන්හිදී එසේ කරන්න. බයිබලය මෙලෙස ඍජුව භාවිත කිරීමෙන් බොහෝ විට මිනිසුන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.—හෙබ්‍රෙ. 4:12.

ප්‍රශ්නවලට පිළිතුරු සපයන විට බයිබලය භාවිත කිරීම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සතු විශේෂ වගකීමකි. වැඩිමහල්ලෙකු ලෙස සේවය කිරීමට අවශ්‍ය වන එක සුදුසුකමක් වන්නේ එම සහෝදරයා ‘තම ඉගැන්වීමේ කලාව සම්බන්ධයෙන් විශ්වාස වූ වචනයට තදින් ඇලී සිටීමය.’ (තීත. 1:9, NW) සභාවේ සාමාජිකයෙකු වැඩිමහල්ලෙකුගෙන් උපදෙස් ලැබීමෙන් පසු තම ජීවිතයෙහි ඉතා බැරෑරුම් තීරණයක් ගත හැකිය. එසේ නම්, දෙන උපදෙස් සහමුලින්ම ශුද්ධ ලියවිලි මත පදනම් කිරීම මොනතරම් වැදගත් දෙයක්ද! වැඩිමහල්ලෙකු මේ සම්බන්ධයෙන් ආදර්ශවත් නම්, අනික් අයද ඔවුන්ගේ ඉගැන්වීමේදී එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට පෙලඹිය හැක.

වඩාත් දක්ෂ විය හැකි අන්දම

  • දිනපතා බයිබලය කියවන්න. පෞද්ගලික පාඩම සඳහා හොඳ කාලසටහනක් තබාගන්න.

  • සභා රැස්වීම්වලදී අදහස් දක්වන විට ශුද්ධ ලියවිලි පද ඇතුළත් කිරීමට පුරුදුව සිටින්න.

  • ප්‍රශ්නයකට හෝ යම් අභියෝගයකට මුහුණ දෙන විට පිළිතුරු දීමට හෝ තීරණයක් ගැනීමට පෙර, “බයිබලයේ පවසන්නේ කුමක්ද” කියා හැමවිටම ඔබෙන්ම අසන්න.

  • යම් කාරණයක් සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ කුමක්ද කියා ඔබ නොදන්නා විට අනුමාන වශයෙන් පිළිතුරක් නොදෙන්න. පෞද්ගලික මත ඉදිරිපත් නොකරන්න. පර්යේෂණ කිරීමට ඔබේ කැමැත්ත පළ කරන්න.

අභ්‍යාසය: (1) ක්ෂේත්‍ර සේවයේදී, (2) ළඟදී මාධ්‍යයෙහි වාර්තා වූ යම් සිද්ධියක් සම්බන්ධයෙන් සහ (3) යම් ජනප්‍රිය දෙයක නිරත වීම සම්බන්ධයෙන් ඔබෙන් අසා ඇති ප්‍රශ්නයක් දෙකක් ලැයිස්තුගත කරන්න. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු වශයෙන් උචිත ලෙස යොදාගත හැකි එක ශුද්ධ ලියවිලි පදයක්වත් තෝරාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න