ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 46 පාඩම 244 පි.-245 පි. 4 ¶
  • හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සමාන තොරතුරු
  • දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • අන් අයට ගෞරවය දැක්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සුදුසු උපහැරණ
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 46 පාඩම 244 පි.-245 පි. 4 ¶

පාඩම 46

හුරුපුරුදු පසුබිම්වලින් ගත් නිදර්ශන

කළ යුතු වන්නේ කුමක්ද?

ඔබේ සබයේ සිටින අය එදිනෙදා යෙදී සිටින ක්‍රියාවන් හා සම්බන්ධ හෝ ඔවුන්ට හුරුපුරුදු වූ කාරණා හා සම්බන්ධ නිදර්ශන භාවිත කරන්න.

එය වැදගත් වන්නේ මන්ද?

හුරුපුරුදු පසුබිම්වලින් රැගත් නිදර්ශන සවන්දෙන්නන්ගේ හදවත් ස්පර්ශ කරනු ඇත.

ඔබ කවර නිදර්ශනයක් භාවිත කළද, එය ඔබ සාකච්ඡා කරන තොරතුරුවලට ගැළපෙන බව සහතික කරගැනීම වැදගත් වේ. කෙසේවෙතත්, ඒවායින් උපරිම ප්‍රතිඵල නෙළාගැනීමට නම්, ඒවා ඔබේ සබයට ගැළපෙනවාද යන්න සලකා බැලීමත් ඒ හා සමාන වැදගත්කමක් ගනී.

සබයක් අමතන විට, ඒ සබයේ සිටින්නේ මොන වගේ අයද යන කාරණය ඔබ තෝරාගන්නා නිදර්ශනවලට බලපෑ හැක්කේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස් කළේ කුමක්ද? සමූහයන් හෝ තම ගෝලයන් ඇමතූ විට යේසුස් භාවිත කළ නිදර්ශනවලට පාදක වූයේ ඉශ්‍රායෙල් දේශයෙන් පිට ජනයාට හුරු වූ දේවල් නොවේ. එවැනි දේවල් පාදක කරගෙන කතා කළා නම්, ඒවා ඔහුගේ සබයට නුහුරු වනු ඇත. නිදසුනකට, ඊජිප්තුවේ රජවාසලක ජීවිතය ගැනවත්, ඉන්දියාවේ ආගමික වතාවත් ගැනවත් යේසුස් සඳහන් කළේ නැත. එසේ වුවද, ඔහුගේ නිදර්ශන සියලු රටවල ජනතාවට පොදු වූ ක්‍රියාවන් මත පදනම් වූ බවත් මෙහිදී සඳහන් කළ යුතුය. ඇඳුම් මැසීම, ව්‍යාපාරික කටයුතුවල නිරත වීම, වටිනා දෙයක් නැති වීම සහ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම ගැන ඔහු කතා කළේය. විවිධ තත්වයන්වලදී ජනයා ප්‍රතික්‍රියා කරන අන්දම තේරුම්ගත් ඔහු, එම අවබෝධය ඉගැන්වීමේදී භාවිත කළේය. (මාක් 2:21; ලූක් 14:7-11; 15:8, 9; 19:15-23) යේසුස්ගේ ප්‍රසිද්ධ දේශනා සේවය විශේෂයෙන්ම ඉශ්‍රායෙල් ජනතාව කෙරෙහි යොමු වූ බැවින්, ඔහුගේ නිදර්ශනවලදී නිතරම යොමු දැක්වූයේ ඔවුන්ගේ දෛනික ජීවිතයේ කාරණා කටයුතු සහ ක්‍රියාවලටය. එමනිසා, ගොවිතැන් කිරීම, බැටළුවන් එඬේරෙකුට ප්‍රතිචාරය දක්වන අන්දම, වයින් ගබඩා කිරීම සඳහා සත්ව හම් භාවිතය වැනි දේවලට ඔහු යොමු දැක්වීය. (මාක් 2:22; 4:2-9; යොහ. 10:1-5) මීට අමතරව ඔහු ඉශ්‍රායෙලිතයන්ට හුරු වූ ඓතිහාසික සිද්ධීන් කිහිපයක්ද උදාහරණ ලෙස භාවිත කළේය. මුල් මිනිස් යුවළ මවනු ලැබූ අවස්ථාව, නෝවාගේ දවසේ ජලගැල්ම, සොදොම සහ ගොමොරාවේ විනාශය, ලොත්ගේ භාර්යාවගේ මරණය මින් සමහරකි. (මතෙ. 10:15; 19:4-6; 24:37-39; ලූක් 17:32) නිදර්ශන තෝරාගන්නා විට, ඔබත් ඔබේ සබය සහ ඔවුන්ගේ සංස්කෘතික පසුබිමට හුරු වූ ක්‍රියාකාරකම් හොඳින් සලකා බලනවාද?

ඔබ කතා කරන්නේ විශාල කණ්ඩායමකට නොව, නමුත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුට නම් එය කරන්නේ කෙසේද? ඒ කිහිපදෙනාට විශේෂයෙන්ම යෝග්‍ය වන නිදර්ශනයක් තෝරාගැනීමට උත්සාහ දරන්න. සිඛාර් ආසන්නයෙහි ළිඳ අසල සමාරිය ස්ත්‍රියට සාක්ෂි දැරූ අවස්ථාවේදී, යේසුස් “ජීවනදායක වතුර,” ‘කිසිකලක පිපාසය ඇති නොවීම,’ ‘සදාකාල ජීවනය දෙන පිණිස වතුර උනන දිය උල්පතක්’ වැනි භාෂා අලංකාරයන් භාවිත කළේය. ඒවා සියල්ලක්ම එම ස්ත්‍රිය කරමින් සිටි කාර්යයට ඍජුවම සම්බන්ධ වී තිබිණ. (යොහ. 4:7-15, NW) තවද තමන්ගේ මාළු දැල් සෝදමින් සිටි පුරුෂයන්ට කතා කළ විට ඔහු භාවිත කළ භාෂා අලංකාරය මසුන් මැරීමේ කර්මාන්තයට සම්බන්ධ විය. (ලූක් 5:2-11) යේසුස්ට මෙම අවස්ථා දෙකේදීම ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් කතා කිරීමට හැකියාව තිබිණ. මන්ද දෙපාර්ශ්වයම ජීවත් වූයේ කෘෂිකාර්මික ප්‍රදේශයකය. එනමුත් ඔවුන් පෞද්ගලිකව නිරත වී සිටි කාර්යය ඇසුරෙන් කතා කිරීමෙන් ඔවුන්ගේ සිත් තුළ ඉතා පැහැදිලි චිත්‍රයක් සිතුවම් කිරීමට ඔහු සමත් වූ නිසා, ඔහුගේ ඉගැන්වීම කොතරම් බලපෑමෙන් යුක්ත වීද! එවැන්නක් කිරීමට ඔබ උත්සාහ දරනවාද?

යේසුස් තම අවධානය යොමු කළේ ‘ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන්” වෙතටය. එනමුත්, ප්‍රේරිත පාවුල්ට ඉශ්‍රායෙලිතයන් වෙතට පමණක් නොව, නමුත් අන්‍යජාතිකයන් වෙතටද යෑමට සිදු විය. (මතෙ. 15:24; ක්‍රියා 9:15) පාවුල් කතා කළ අන්දම වෙනස් කිරීමට මෙය තුඩු දුන්නාද? ඔව්. කොරින්තියේ ක්‍රිස්තියානීන්ට ලියූ විට, අන්‍ය ජාතිකයන්ට හුරු වූ දේවලින් තොරතුරු ලබාගත් ඔහු, ධාවන තරඟ, රූපවලින් යුත් දේවස්ථානවල ආහාර අනුභව කිරීම සහ ජය පෙරහැරවලට යොමු දැක්වීය.—1 කොරි. 8:1-10; 9:24, 25; 2 කොරි. 2:14-16.

ඔබේ ඉගැන්වීමේදීත් නිදර්ශන තෝරාගන්නා විට යේසුස් සහ පාවුල් හා සමානව ඔබ සැලකිලිමත්ව කටයුතු කරනවාද? ඔබේ සවන් දෙන්නන්ගේ පසුබිම, ඔවුන් දිනපතා නිරත වන ක්‍රියාවන් ඔබ සලකා බලනවාද? මුල් සියවසේ සිට මෙදින දක්වා මෙලොවෙහි නොයෙකුත් වෙනස්කම් සිදු වී ඇත. බොහෝදෙනෙක් රූපවාහිනිය මාර්ගයෙන් ලොවපුරා පුවත් දැනගනිති. එමනිසා විදෙස් රටවල සිදු වන දේවල් ගැන ඔවුන්ට මනා දැනුමක් ඇත. ඔබේ ප්‍රදේශයේ වෙසෙන අය සම්බන්ධයෙන් මෙය සැබෑවක් නම්, නිදර්ශන සඳහා මෙවැනි පුවත් පදනම් කරගැනීමෙහි වරදක් නැත. කෙසේවෙතත්, පුද්ගලයන්ගේ හදවත් විශේෂයෙන් ස්පර්ශ වන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හා බැඳී පවතින දේවල්ය. ඔවුන්ගේ නිවෙස්, පවුල, රැකියාව, අනුභව කරන ආහාර, ප්‍රදේශයේ පවතින කාලගුණික තත්වය මින් සමහරකි.

ඔබේ නිදර්ශනය ඉදිරිපත් කරන විට, සෑහෙන පැහැදිලි කිරීමක් කරන්නට සිදු වේ නම්, එය ඔබේ සබයට එතරම් හුරු නොවන දෙයක් ගැන කතා කරමින් සිටින බවට ඇඟවීමක් විය හැක. මෙවැනි නිදර්ශනයක් හේතුවෙන් ඉගැන්වීමට උත්සාහ දරන කරුණ පහසුවෙන් යටපත් වීමට ඉඩ කඩ ඇත. ප්‍රතිඵලයක් ලෙස, සබයට නිදර්ශනය මතක තිබිය හැකි වුවත්, ඔබ ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූ ශුද්ධ ලියවිලිමය සත්‍යය මතකයේ නොතිබිය හැක.

යේසුස් ඉතා සංකීර්ණ සැසඳීම් භාවිත නොකළේය. ඒ වෙනුවට ඔහු යොදාගත්තේ ඉතා සරල, දෛනික ජීවිතයේ දක්නට ලැබෙන කාරණාය. ලොකු දේවල් පැහැදිලි කිරීමට ඔහු කුඩා දේවල් භාවිත කළ අතර, තේරුම්ගැනීමට අමාරු වූ දේවල් පැහැදිලිව දැක්වීමට සරල දේවල් යොදාගත්තේය. දිනපතා සිදු වන දේවල් සහ ආත්මික සත්‍යතාවන් අතර සම්බන්ධය පෙන්වා දීමෙන් තමන් උගන්වමින් සිටි ආත්මික සත්‍යයන් පහසුවෙන් ග්‍රහණය කරගැනීමටත්, ඒවා සිහියේ තබාගැනීමටත් යේසුස් ජනයාට උපකාර කළේය. මෙය අපහට අනුගමනය කිරීම සඳහා මොනතරම් කදිම ආදර්ශයක්ද!

මෙම හැකියාව ප්‍රගුණ කරගත හැකි අයුරු

  • කීමට අදහස් කරන දේ ගැන පමණක් නොව, නමුත් ඔබේ සවන්දෙන්නන් ගැන කල්පනා කිරීමටත් ඉගෙනගන්න.

  • අවට ලෝකයෙහි, පුද්ගලයන්ගේ ජීවිත තුළ සිදු වන විපර්යාසයන් ගැන හොඳින් නිරීක්ෂණය කරන්න.

  • සතිපතා, ඔබ කලින් භාවිත කර නැති එක හොඳ නිදර්ශනයක් අඩුම තරමින් භාවිත කිරීම ඔබේ ඉලක්කය කරගන්න.

අභ්‍යාසය: මතෙව් 12:10-12හි භාවිත කර ඇති නිදර්ශනය විග්‍රහ කර බලන්න. එය බලපෑමෙන් යුක්ත එකක් වූයේ මන්ද?

නහඹරයෙකුට සදාචාර ප්‍රමිති ගැන කරුණු තර්කානුකූලව ඒත්තුගැන්වීම සඳහා මට භාවිත කළ හැකි නිදර්ශන

․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․․

වැඩිහිටියෙකුට මූලික බයිබල් සත්‍යයක් ගැන කරුණු තර්කානුකූලව ඒත්තුගැන්වීම සඳහා මට භාවිත කළ හැකි නිදර්ශන

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න