‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
සැප්තැම්බර් 4-10
දේවවචනය නිධානයක් | එසකියෙල් 42-45
ගැඹුරින් හොයමු
it-2-E 467 4¶
නම
දෙවිගේ නම නියෝජනය කරපු ඊශ්‍රායෙල්වරු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණේ නැති නිසා ඒකෙන් යෙහෝවා දෙවිගේ නමට ලොකු නින්දාවක් ඇති වුණා. (එස 43:8; ආමො 2:7) ඊශ්‍රායෙල්වරු කරපු ඒ වැරදි නිසා යෙහෝවා දෙවි ඔවුන් පිටට විපත්ති ගෙනත් දඬුවම් කළා. (ගීතා 74:10, 18; යෙසා 52:5 සසඳන්න.) ඒ දඬුවම යෙහෝවා දෙවිගෙන් ලැබුණු දඬුවමක් කියලා තේරුම්ගත්තේ නැති වෙනත් ජාතීන් හිතුවේ ඊශ්‍රායෙල්වරුන්ට විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ යෙහෝවා දෙවිට තම සෙනඟව ආරක්ෂා කරන්න හැකියාව තිබුණේ නැති නිසා කියලා. මේ විදිහට දෙවිට අකීකරු වෙලා ඊශ්‍රායෙල්වරු නින්දාවට ලක් කළේ දෙවිගේ නමයි. දෙවිගේ නමට ඇති වුණු නින්දාව අයින් කරන අරමුණෙන් යෙහෝවා දෙවි වහලුන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් පිරිසක්ව එයාලගේ දේශයේ ආයෙත් පදිංචි කළා.—එස 36:22-24.
it-2-E 140
යුක්තිය
දෙවිගේ අනුමැතිය දිනාගන්න ආසාවෙන් ඉන්න අයගෙන් දෙවි නිතරම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි යුක්තිය සම්බන්ධයෙන් දෙවි ඇති කරලා තියෙන ප්‍රමිති ගැන හොඳින් දැනුවත් වෙලා ඒවා එදිනෙදා ජීවිතෙන් පෙන්වන එක. (යෙසා 1:17, 18; 10:1, 2; යෙරෙ 7:5-7; 21:12; 22:3, 4; එස 45:9, 10; ආමො 5:15; මීකා 3:9-12; 6:8; සෙක 7:9-12)