ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr17 අගෝස්තු 1 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2017 අගෝස්තු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2017 අගෝස්තු
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • අගෝස්තු 7-13
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr17 අගෝස්තු 1 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

අගෝස්තු 7-13

දේවවචනය නිධානයක් | එසකියෙල් 28-31

“බැබිලෝනිවරුන් කරපු සේවය දෙවි අමතක කළේ නැහැ”

it-2-E 1136 4¶

තීර්

නගරයේ විනාශය. නෙබුකද්නෙෂර් රජුගේ හමුදාව අවුරුදු ගාණක්ම තීර් වටලාගෙන හිටියා. කොච්චර කාලයක් එහෙම හිටියාද කියනවා නම් සෙබළු දාගෙන හිටිය හිස්වැසුම් නිසා එයාලගේ ‘කෙස් හැළී ගියා,’ වටලාගැනීමට අවශ්‍ය ඉදි කිරීම් කරන්න ඕනෙ කරපු බඩු උස්සන් ගිය නිසා එයාලගේ ‘උරහිස්වල හම ගියා.’ තීර් විනාශ කරන්න තමන් දීපු විනිශ්චය ක්‍රියාත්මක කරන්න බැබිලෝනිවරුන්ව පාවිච්චි කළේ යෙහෝවා දෙවි. ඒත් ඒ වෙනුවෙන් එයාලට “කුලියක්” ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් බැබිලෝනිවරුන්ට ඊජිප්තුවේ වස්තුව ලබා දෙනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වුණා. (එස 29:17-20) යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසීෆස් කියන විදිහට බැබිලෝනිවරු තීර් නගරය අවුරුදු 13ක් වටලාගෙන හිටියා. ඒ කාලේ පුරාම හුඟක් දුෂ්කරතාවලට මුහුණ දෙන්නත් ලොකු මුදලක් වැය කරන්නත් බැබිලෝනිවරුන්ට සිද්ධ වුණා. මහන්සි වුණ තරමට ප්‍රතිඵල ලැබුණාද කියලවත් මොන තරම් බරපතළ විදිහට නගරය විනාශ කළාද කියලවත් ඉතිහාස වාර්තාවල හරියටම සඳහන් වුණේ නැතත් තීර් වැසියන් හුඟදෙනෙක්ගේ ජීවිත අහිමි වුණා කියලත් විශාල දේපළ හානියක් වුණා කියලත් හිතන්න පුළුවන්.—එස 26:7-12.

it-1-E 698 5¶

ඊජිප්තුව, ඊජිප්තුවරුන්

ක්‍රි. පූ. 588 ඒ කියන්නේ නෙබුකද්නෙෂර් රජගේ පාලන සමයේ 37වෙනි අවුරුද්දට අයත් බැබිලෝනියේ ලියවිල්ලක ඊජිප්තුවට විරුද්ධව දියත් කරපු යුධ මෙහෙයුමක් ගැන සඳහන් වෙනවා. ඒකෙන් යොමු දක්වන්නේ ඊජිප්තුව යටත් කරගත්ත අවස්ථාවටද එහෙමත් නැත්නම් ඊටපස්සේ සිද්ධ වුණු යුධ මෙහෙයුමකටද කියලා නිශ්චිතවම කියන්න බැහැ. කොහොමවුණත් දෙවිගේ සෙනඟට සතුරුකම් කරපු තීර් දේශය යටත් කරගෙන යෙහෝවා දෙවි වෙනුවෙන් කරපු සේවයට කුලියක් විදිහට යෙහෝවා දෙවි නෙබුකද්නෙෂර්ට ඊජිප්තුවේ ධන සම්පත් ලබා දුන්නා.—එස 29:18-20; 30:10-12.

ගැඹුරින් හොයමු

it-2-E 604 4-5¶

පරිපූර්ණත්වය

පළවෙනි පව්කාරයා සහ තීර්හි රජ. මිනිසුන් පාපයට වැටෙන්නත් එයාලට අසම්පූර්ණකම උරුම වෙන්නත් කලින් ස්වර්ගයේ හිටපු දේවදූතයෙක් පව් කළා. ඒ නිසා එයා අසම්පූර්ණකම උරුම කරගත්තා. ඒක යොහන් 8:44 යේසුස් කියපු දෙයිනුත් උත්පත්ති 3වෙනි පරිච්ඡේදයේ තියෙන වාර්තාවෙනුත් පැහැදිලි වෙනවා. එසකියෙල් 28:12-19 සඳහන් විලාප ගීය ලිව්වේ තීර්හි රජ ගැන වුණත් ඒ දේවල් මුලින්ම පව් කරපු දේවදූතයාටත් අදාළයි. එතන පෙන්වන විදිහට “තීර්හි රජ” උඩඟු විදිහට තමන්වම දෙවි කෙනෙක් කරගත්තා, එයාව ‘කෙරුබ්වරයෙක්’ විදිහටත් “දෙවිගේ උයන වූ ඒදන්හි” වාසය කරපු කෙනෙක් විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ දේවල් සාතන්ටත් අදාළයි. උදාහරණෙකට සාතනුත් උඩඟු විදිහට වැඩ කළා. ඒදන් උයනේ සර්පයෙක් කතා කරනවා වගේ පෙන්නලා කතා කළා. “මේ සමාජයේ දෙවියා” විදිහටත් සාතන්ව හඳුන්වනවා.—1තිමෝ 3:6; උත් 3:1-5, 14, 15; එළි 12:9; 2කොරි 4:4.

තීර් රජ හිතුවේ එයාගේ නගරය තරම් ලස්සන තවත් නගරයක් නැහැ කියලයි. “මා තරම් රුවැත්තියක් තවත් නැත” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. තීර්හි රජගේ නම සඳහන් වුණේ නැතත් ඔහුව හඳුන්වන්නේ “ප්‍රඥාවෙන්ද රූපශ්‍රීයෙන්ද පිරිපුන්” කෙනෙක් හැටියටයි. ‘ඔහුව බිහි කළේ නිර්දෝෂ අයෙකු ලෙසින් වුණත් පසු කලෙක ඔහු අධර්මිෂ්ඨ කෙනෙක් වුණා.’ (එස 27:3; 28:12, 15) මේ විලාප ගීය මූලිකවම අදාළ වෙන්නේ තීර්හි සියලුම පාලකයන්ට වෙන්න ඇති. එක රජෙක්ට විතරක් අදාළ වෙනවා කියලා හිතන්න බැහැ. මුල් කාලයේදී තීර්හි රජවරු දෙවිගේ සෙනඟ එක්ක සහයෝගයෙන් වැඩ කළා. දාවිත්ගෙත් සලමොන්ගෙත් කාලයේදී දේවමාලිගාව ගොඩනඟන්න ඊශ්‍රායෙල්වරුන්ට එයාලා උදව් කළා. (1රාජා 5:1-18; 9:10, 11, 14; 2ලේක 2:3-16) ඒත් පස්සේ කාලෙක තීර්හි රජ වුණ අය දෙවිගේ සෙනඟට විරුද්ධව වැඩ කළා. ඒ නිසා එයාලට දෙවිගේ විනිශ්චය ලැබෙනවා කියලා යෝවෙල්, ආමොස් සහ එසකියෙල් කියන අනාගතවක්තෘවරු මාර්ගයෙන් යෙහෝවා දෙවි අනතුරු ඇඟෙව්වා.—යෝවෙ 3:4-8; ආමො 1:9, 10.

අගෝස්තු 14-20

දේවවචනය නිධානයක් | එසකියෙල් 32-34

“මුරකරුවෙක්ට තියෙන්නේ බැරෑරුම් වගකීමක්”

it-2-E 1172 2¶

මුරකරුවා

සංකේතාත්මක විදිහට. ඊශ්‍රායෙල් ජාතියේ සංකේතාත්මක මුරකරුවන් විදිහට සේවය කරන්න යෙහෝවා දෙවි අනාගතවක්තෘවරුන්ව පාවිච්චි කළා. (යෙරෙ 6:17) අනාගතවක්තෘවරුත් සමහර වෙලාවට මුරකරුවන් කියන වචනය සංකේතාත්මක විදිහට පාවිච්චි කරලා තියෙනවා. (යෙසා 21:6, 8; 52:8; 62:6; හොෂෙ 9:8) පැමිණෙන්න යන විනාශය ගැන නරක අයට අනතුරු අඟවන වගකීම මේ අනාගතවක්තෘවරුන්ට තිබුණා. ඒත් එයාලා ඒ අනතුරු ඇඟවීම කළේ නැත්නම් ඒකට වග කියන්න එයාලට සිද්ධ වුණා. අනිත් අතට අනතුරු අඟවලා තියෙද්දී ඒක අහන්නේ නැතුව සෙනඟ විනාශ වුණොත් ඒකට වග කියන්න ඕනෙ සෙනඟ මිසක් අනාගතවක්තෘවරුන් නෙමෙයි. (එස 3:17-21; 33:1-9) තමන්ගේ වගකීම හරියට කළේ නැති අනාගතවක්තෘවරුන්ව සමාන කරලා තියෙන්නේ අන්ධ මුරකරුවන්ට සහ බුරන්න බැරි බල්ලන්ටයි.—යෙසා 56:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න