ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 10 පරි. 28 පි.-29 පි. 7 ¶
  • යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යෙරුසලමට කළ සංචාරයන්
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ගේ ළමා විය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • තරුණ යේසුස් දේවමාළිගාවේ
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුස් කීකරුකම ඉගෙනගත්තා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 10 පරි. 28 පි.-29 පි. 7 ¶
අවුරුදු 12ක් වයස යේසුස් යුදෙව් ආගමේ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අසයි

10වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි

ලූක් 2:40-52

  • අවුරුදු 12ක් වයස යේසුස් ගුරුවරුන්ගෙන් ප්‍රශ්න අසයි

  • යෙහෝවා දෙවියන්ව යේසුස් “මගේ පියාණන්” ලෙස හඳුන්වයි

දැන් උදා වෙලා තියෙන්නේ වසන්ත කාලය. යෝසෙප්ගේ පවුලේ අය ලහි ලහියේ සූදානම් වෙන්නේ නෑදෑ හිතමිතුරන් එක්ක යෙරුසලමට යන්න. නීතියේ සඳහන් වෙන විදිහට පාස්කු උත්සවය සමරන්න තමයි ඔවුන් මේ ගමන යන්නේ. (ද්විතීය කතාව 16:16) නාසරෙත්වල ඉඳන් යෙරුසලමට කිලෝමීටර් 120ක විතර දුරක් තියෙනවා. මේ කාලෙදී හැමෝම හුඟක් කාර්යබහුල වුණත් ඉන්නේ ලොකු සතුටකින්. මේ උත්සවයට හවුල් වෙන්නත් දේවමාලිගාවට යන්නත් අවුරුදු 12ක් වයස යේසුස් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

යේසුස් සහ ඔහුගේ පවුලේ අය මේ ගමන යන්නේ පාස්කුව සමරන්න විතරක් නෙවෙයි. පාස්කු දවසෙන් පස්සේ මුහුන් නොදැමූ රොටි උත්සවය පටන්ගන්න නිසා ඔවුන් ඒකටත් හවුල් වෙනවා. (මාක් 14:1) දවස් හතක් පුරා දිව යන ඒ උත්සවය සැලකුවේ පාස්කු සමයට අයිති උත්සවයක් විදිහට. යෙරුසලමේ නතර වෙලා ඉන්න කාලය ඇතුළුව නාසරෙත්වල ඉඳන් යෙරුසලමට ඇවිත් ආපහු නාසරෙත්වලට යන මේ සම්පූර්ණ ගමනට සති දෙකක් විතර ගත වෙනවා. හැබැයි මේ වතාවේදී ඊට වඩා වැඩි කාලයක් මේ ගමනට යොදවන්න සිද්ධ වෙනවා. ඒ ඇයි?

ප්‍රීතිමත් අවස්ථාවන්

යේසුස් සහ ඔහුගේ පවුලේ අය යෙරුසලම බලා ගමන් කරමින්

අවුරුද්දකට තුන් වතාවක් යෙරුසලමේ පවත්වන උත්සවවලට යද්දී හැමෝම ලොකු සතුටක් ලැබුවා. (ද්විතීය කතාව 16:15) ඒ ගමන්වලදී ඊශ්‍රායෙල් දේශයේ විවිධ ප්‍රදේශ දැකගන්න, ඒ ප්‍රදේශ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න වගේම වෙනත් ප්‍රදේශවල ඉඳන් දෙවියන්ට නමස්කාර කරන්න ඇවිත් හිටිය අයව මුණගැහෙන්න යේසුස්ට අවස්ථාව ලැබුණා.

ආපහු ගෙදර එද්දී යේසුස් නෑදෑ හිතමිතුරන් එක්ක එනවා ඇති කියලා යෝසෙප් සහ මරියා සිතනවා. ඒත් රාත්‍රියේ නවාතැන් ගන්න සූදානම් වෙද්දී යේසුස් පේන්න නැති නිසා යෝසෙප් සහ මරියා නෑදෑ හිතමිතුරන් අතරේ ඔහුව සොයනවා. ඔවුන් ලොකු වෙහෙසක් දැරුවත් යේසුස්ව සොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් නැවතත් යෙරුසලමට යනවා.

යෝසෙප් සහ මරියා දවස් දෙකක් පුරා යේසුස්ව සෙව්වත් ඔහුව සොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් තුන්වෙනි දවසේදී ශාලා රැසක් තිබුණු දේවමාලිගාවේ ඉන්න තම පුතාව ඔවුන් දකිනවා. ඔහු ඉන්නේ යුදෙව් ආගමේ ගුරුවරුන් එක්ක. ඔහු ඔවුන්ට සවන් දෙමින් ඔවුන්ගෙන් ප්‍රශ්න අහනවා. ඔහුට තියෙන අවබෝධය ගැන හැමෝටම දැනෙන්නේ මහත් පුදුමයක්.

යෝසෙප් සහ මරියා යේසුස්ව සොයාගනියි

යේසුස් ළඟට එන මරියා මෙහෙම කියනවා. “පුතේ, ඇයි ඔයා අපිට මේ වගේ දෙයක් කළේ? තාත්තයි මමයි ඔයාව හොයන්න කොයි තරම් මහන්සි වුණාද! අපි හිටියේ ලොකු භයකින්.”—ලූක් 2:48.

ඒ ගැන පුදුම වෙන යේසුස් මෙහෙම අහනවා. “මාව හොයන්න මේ තරම් මහන්සි වුණේ ඇයි? මගේ පියාණන්ගේ ගෘහයේ මා සිටිය යුතුයි කියා ඔබ දැනගෙන සිටියේ නැද්ද?”—ලූක් 2:49.

අන්තිමේදී යෝසෙප් සහ මරියා එක්ක නාසරෙත්වලට ගමන් කරන යේසුස් දිගටම ඔවුන්ට කීකරුව ඉන්නවා. ප්‍රඥාවෙනුත් උස මහතිනුත් වැඩෙන යේසුස් පොඩි කාලේ ඉඳලාම දෙවියන් සහ මිනිසුන් ඉදිරියේ හොඳ නමක් දිනාගන්නවා. නමස්කාර කටයුතුවලට මුල් තැන දෙන එක සම්බන්ධයෙන් වගේම දෙමාපියන්ට ගෞරව කරන එක සම්බන්ධයෙනුත් ඔහු මොන තරම් කදිම ආදර්ශයක්ද!

  • හැම වසන්ත කාලයකදීම යේසුස් පවුලේ අයත් එක්ක ගියේ කොහේද? ඒ ඇයි?

  • යෙරුසලමේ ඉඳන් ආයෙත් ගෙදර එන අතරතුරේදී යෝසෙප් සහ මරියා දැනගත්තේ මොකක්ද? අන්තිමේදී ඒ දෙන්නා දැක්කේ මොනවාද?

  • අද ඉන්න දරුවන්ට යේසුස් ආදර්ශයක් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න