ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 4 පි.
  • අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බයිබල් පොත් පත් නාස්ති කරන්න එපා
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • ප්‍රශ්න පෙට්ටිය
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • “ඔයාලා අපේ පොත් ගන්නවා නම් අපිත් ඔයාලගේ පොත් ගන්නවා”
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අපගේ පොත් පත්වල පෙනුම මොන වගේද?
    2011 අපගේ රාජ්‍ය සේවාව
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 4 පි.
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්! සඟරාව ඉදිරිපත් කරමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ ප්‍රකාශන බෙදා දෙද්දී ඥානවන්ත වෙන්න

‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න’ කියලා යේසුස් කිව්වා. (මතෙ 10:8) ඒ නිසා බයිබලයක් හරි ඒ මත පදනම් ප්‍රකාශනයක් හරි අනිත් අයට දෙද්දී අපි සල්ලි ගන්නේ නැහැ. (2කොරි 2:17) හැබැයි අපේ ප්‍රකාශනවල තියෙන්නේ දෙවිගේ වචනයේ තියෙන වටිනා සත්‍යයන් කියලා අපි මතක තියාගන්න ඕනේ. ඒවා මුද්‍රණය කරන්න, ලෝකේ පුරාම තියෙන සභාවලට යවන්න ලොකු මුදලක්, ශ්‍රමයක් වැය වෙනවා. ඒ නිසා අපි ගන්න ඕනෙ අපිට අවශ්‍ය ප්‍රමාණය විතරයි.

පොදු සේවයේදී හරි වෙන ඕනෙම අවස්ථාවකදී හරි අනිත් අයට අපේ ප්‍රකාශන දෙද්දී ඥානවන්ත වෙන්න. (මතෙ 7:6) දකින දකින හැමෝටම ප්‍රකාශන දෙනවා වෙනුවට එයාලා ඇත්තටම ඒක කියවන්න කැමතිද කියලා දැනගන්න. කොටුවේ තියෙන එක ප්‍රශ්නයකට හරි ඔව් කියලා උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. කෙනෙක්ට උනන්දුවක් තියෙනවද නැද්ද කියලා හරියටම තේරුම්ගන්න බැරි නම් එයාට පත්‍රිකාවක් දෙන එක තමයි හොඳම දේ. ඒත් එයා සඟරාවක් හරි ප්‍රකාශනයක් හරි ඉල්ලුවොත් අපි සතුටින් ඒක දෙන්න ඕනේ.—හිතෝ 3:27, 28.

ඒ පුද්ගලයා . . .

  • අපි කතා කරද්දී උනන්දුවෙන් අහගෙන ඉන්නවද?

  • අහන ප්‍රශ්නවලට උත්තර දෙනවද?

  • ප්‍රකාශනයක් කියවන්න කැමති වෙනවද?

  • සම්මාදමක් දෙන්න ඉදිරිපත් වෙනවද?

  • දේවවචනයෙන් පෙන්වන අදහස් අගය කරනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න