11වෙනි පාඩම
උද්‍යෝගය
රෝම 12:11
සාරාංශය: ප්‍රාණවත් විදිහට තොරතුරු ඉදිරිපත් කරලා සවන් දෙන අයගේ හදවතටම කතා කරන්න.
ඒක කරන විදිහ:
- තොරතුරු ඔයාගේ හදවතට ගන්න. ඔයා දෙන්න හදන පණිවිඩයේ වැදගත්කම ගැන සූදානම් වෙද්දී හිතන්න. තොරතුරු හොඳින් තේරුම්ගන්න. එතකොට හදවතින්ම කතා කරන්න පුළුවන්. 
- සවන් දෙන්නන් ගැන හිතන්න. ඔයා කියවන්න හෝ උගන්වන්න යන තොරතුරු සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන විදිහ ගැන හිතන්න. සවන් දෙන අයගේ හිතේ අගයක් ඇති වන විදිහට ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් විදි හිතලා බලන්න. 
- ප්‍රාණවත්ව කතා කරන්න. ඔයාගේ අංග චලන සහ මුහුණේ ඉරියව් ස්වාභාවික වෙන්න ඕනේ. එතකොටයි හදවතින්ම කතා කරනවා කියලා තේරෙන්නේ.