ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 11 පි.
  • උද්‍යෝගයෙන් උගන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උද්‍යෝගයෙන් උගන්වන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • උද්‍යෝගය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 11 පි.
සහෝදරයෙක් වයසක කෙනෙක් එක්ක සතුටින් බයිබල් පාඩමක් කරනවා.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

උද්‍යෝගයෙන් උගන්වන්න

උද්‍යෝගය අනිත් අයට බෝ වෙනවා. අපි උද්‍යෝගයෙන් කතා කරද්දී අනිත් අය හොඳට ඇහුම්කන් දෙනවා. අපේ පණිවිඩය ගැන අපිට ලොකු අගයක් තියෙනවා කියලත් ඒකෙන් පේනවා. අපි මොන වගේ අය වුණත් මොන පසුබිමකින් ආවත් උද්‍යෝගය ඇති කරගන්න අපිට පුළුවන්. (රෝම 12:11) ඒ කොහොමද?

මුලින්ම හිතන්න, ඔයා කියන පණිවිඩය කොච්චර වැදගත්ද කියලා. “යහපත් දේවල් ගැන ශුභාරංචි ප්‍රකාශ කරන” වටිනා අවස්ථාව ඔයාට ලැබිලා තියෙනවා. (රෝම 10:15) ඊළඟට හිතන්න, පණිවිඩයට ඇහුම්කන් දෙන අයගේ ජීවිතවලට ඒක කොච්චර ප්‍රයෝජනවත් වෙයිද කියලා. ඒ පණිවිඩයට එයාලා ඇහුම්කන් දෙන එක හරිම වැදගත්. (රෝම 10:13, 14) ඊටපස්සේ, උද්‍යෝගයෙන් කතා කරන්න. හැබැයි ඔයාගේ අංග චලන සහ මුහුණේ ඉරියව් ස්වාභාවිකව තියෙන්න ඕනේ.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - උද්‍යෝගයෙන් උගන්වන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - උද්‍යෝගයෙන් උගන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී බයිබල් පාඩම කරන්න බැහැ කිව්ව නිසා අධෛර්යය වෙලා ඉන්න නීටා.

    නීටාට තිබුණ උද්‍යෝගය අඩු වුණේ ඇයි?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - උද්‍යෝගයෙන් උගන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. බයිබල් පාඩම කරද්දී කම්මැළිකමින් ඉන්න ලිලී.

    නීටාට එයාගේ උද්‍යෝගය ආයෙත් ඇති කරගන්න උදව් වුණේ මොකක්ද?

  • ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - උද්‍යෝගයෙන් උගන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. බයිබල් පාඩමෙන් පස්සේ උද්‍යෝගයෙන් කතා කරකර ඉන්න ලිලී සහ නීටා.

    උද්‍යෝගය බෝ වෙනවා

    අපිට ඇහුම්කන් දෙන අයගේ හොඳ ගතිගුණ දකින්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි?

  • අපේ උද්‍යෝගය අපිත් එක්ක බයිබලය පාඩම් කරන අයටත් අනිත් අයටත් බලපාන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න