ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 2 පාඩම 5 පි.
  • සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ස්වාභාවික ගතිය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ස්ථිර විශ්වාසයකින් කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ආදරය සහ සැලකිල්ල
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 2 පාඩම 5 පි.

2වෙනි පාඩම

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

බයිබල් පදයක්

2 කොරින්ති 2:17

සාරාංශය: මවාපාන්නේ නැතුව, ස්වාභාවික විදිහට කතා කරන්න. විෂය සහ සවන් දෙන කෙනා ගැන ඔයාට හැඟෙන විදිහ ඔයාගේ කතා ශෛලියෙන් දැනෙන්න ඕනේ.

ඒක කරන විදිහ:

  • යාච්ඤා කරලා හොඳින් සූදානම් වෙන්න. ඔයා ගැන හිතනවා වෙනුවට පණිවිඩයට අවධානය දෙන්න උදව් කරන්න කියලා යාච්ඤාවෙන් ඉල්ලන්න. කියන්න ඕනෙ ප්‍රධාන කරුණු මනසට ගන්න. අදහස් ඔයාගෙම වචනවලින් කියන්න. ප්‍රකාශනවල තියෙන දේ කටපාඩම් කරලා කියන්න එපා.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    බයිබලයෙන් හෝ ප්‍රකාශනයකින් කොටසක් කියවන්න හිතාගෙන ඉන්නවා නම් කලින්ම පුරුදු වෙන්න. එතකොට පටලන්නේ නැතුව කියවන්න පුළුවන්. දෙබස් තියෙන තැන්වලදී හැඟීමෙන් කියවන්න. ඒත් අනවශ්‍ය විදිහට හැඟීම් මුසු කරන්න එපා.

  • කියන දේ හදවතින්ම කියන්න. සවන් දෙන අයට අවධානය දෙන්න. ඔයා කියන්න යන දේ එයාලා දැනගන්න ඕනෙ ඇයි කියලා හිතන්න. එතකොට ඔයාගේ ඉරියව්වෙන්, අංග චලනවලින් සහ මුහුණෙන් ඔයා අවංක, මිත්‍රශීලී කෙනෙක් කියලා පෙනෙයි.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ස්වාභාවික විදිහට කතා කරනවා කියන්නේ ඔහේ කතා කරන එක නෙමෙයි. පැහැදිලිව, නිවැරදි වාක්‍ය සැකැස්මක් ඇතුව කතා කරලා ඔයා කියන පණිවිඩය ගෞරවනීය එකක් කියලා පෙන්වන්න.

  • ඔයාට සවන් දෙන අය දිහා බලන්න. ඔයා ඉන්න ප්‍රදේශයේ අය අපහසුතාවට පත් වෙන්නේ නැත්නම් එයාලගේ මුහුණ දිහා බලලා කතා කරන්න. දේශනයක් දෙද්දී මුළු සභාව දිහාම බලනවා වෙනුවට එක වරකට එක් කෙනෙක් දිහා බලලා කතා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න