දේවවචනය නිධානයක් | උත්පත්ති 48-50
මහලු අයගෙන් හුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුළුවන්
මේ අවසාන කාලයේ යෙහෝවා දෙවියන් කරලා තියෙන “පුදුමාකාර දේවල්” ගැන මහලු සහෝදරයන්ගෙන් දැනගන්න පුළුවන්. (ගීතා 71:17, 18) ඒවාට ඇහුම්කන් දෙද්දී යෙහෝවා දෙවියන් ගැනත් ඔහු දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඔයාගේ සභාවෙත් මහලු සහෝදර සහෝදරියන් ඉන්නවා නම් මේ දේවල් ගැන එයාලගෙන් අහලා දැනගන්න.
අභියෝග මැද වුණත් දිගටම සේවය කරන්න යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද?
ප්‍රචාරකයන්ගේ ගණන වැඩි වෙනවා දකිද්දී හැඟුණේ කොහොමද?
බයිබල් සත්‍යයන් ගැන තියෙන අවබෝධය වැඩි වෙද්දී ඒ ගැන හැඟුණේ කොහොමද?
කාලෙන් කාලෙට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ වුණු වෙනස්කම් මොනවාද?