යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඔයාගේ කාලය සහ ශක්තිය දෙන්න පුළුවන්ද?
හුඟ කාලෙකට කලින් යෙසායා කියලා තිබුණු විදිහටම දෙවියන්ගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස දවසින් දවස වර්ධනය වෙනවා. (යෙසා 54:2) ඒ වර්ධනයත් එක්කම නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා සහ ශාඛා කාර්යාල අලුතින් ඉදි කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. ගොඩනැඟිලි ඉදි කළාට පස්සේ ඒවා නඩත්තු කරන්නත් සමහර ඒවා කාලෙන් කාලෙට අලුත්වැඩියා කරන්නත් සිද්ධ වෙනවා. ඒ දේවල් නිසා යෙහෝවා දෙවියන් වෙනුවෙන් අපේ කාලයත් ශක්තියත් දෙන්න අපිට මොන වගේ අවස්ථා උදා වෙලා තියෙනවාද?
අපේ ක්ෂේත්‍ර සේවා කණ්ඩායමට නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න පැවරිලා තියෙන දවසේදී ඒකට හවුල් වෙන්න අපිට පුළුවන්
නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන්න අවශ්‍ය කරන පුහුණුව දෙද්දී ඒක ලබා ගන්න අපිට පුළුවන්
නිවසට කිට්ටුව කරන ඉදි කිරීම් සහ නඩත්තු ව්‍යාපෘතිවලට කලින් කලට උදව් කරන්න කැමති නම් ‘ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් සඳහා ස්වේච්ඡා සේවක අයදුම්පත’ (DC-50) පුරවන්න අපිට පුළුවන්
බෙතෙල් එකේ එහෙමත් නැත්නම් ශාඛා කාර්යාලයට අයිති වෙනත් ගොඩනැඟිල්ලක සතියක් හරි ඊට වැඩි කාලයක් හරි සේවය කරන්න කැමති නම් ‘ස්වේච්ඡා සේවය සඳහා ඉල්ලුම් පත්‍රය’ (A-19) පුරවන්න අපිට පුළුවන්
‘නව ඉදි කිරීමේ ව්‍යාපෘතියකට සැලසුම් යොදයි - කෙටි වීඩියෝව’ බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
2014 ඉඳන් වීඩියෝ පාවිච්චි කරන එක කලින්ට වඩා වැඩි වෙලා තියෙන්නේ කොහොමද?
වීඩියෝ නිෂ්පාදනය කරන්න තියෙන අවශ්‍යතාවය වැඩි වෙලා තියෙන නිසා සැලසුම් කරලා තියෙන ව්‍යාපෘතිය මොකක්ද? ඒ ව්‍යාපෘතියට කොයි තරම් කාලයක් ගත වෙනවාද?
කෙනෙක්ට මේ ව්‍යාපෘතියට දායක වෙන්න පුළුවන් විදි මොනවාද?
එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයට අයිති ප්‍රදේශයේ අය රැමාපෝවල කරන ඉදි කිරීම් වැඩවලට උදව් කරන්න කැමති නම් අයදුම්පතක් (DC-50) පුරවන එකත් එයාලගේ නිවසට කිට්ටුව කරන ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන එකත් වැදගත් ඇයි?
මේ ව්‍යාපෘතියට යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
මේ ව්‍යාපෘතියේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්න බැරි වුණත් ඒකට සහයෝගය දෙන්න අපිට පුළුවන් කොහොමද?