ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 18 ලිපිය
  • සතුටින් එකට කාලය ගත කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සතුටින් එකට කාලය ගත කරන්න
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එකට හිටියත් දුරස් ඇයි?
  • කරන්න පුළුවන් දේ
  • සාකච්ඡාවට මඟ පෙන්වීම්
  • තාක්ෂණය ඔයාගේ විවාහයට කොහොම බලපායිද?
    2021 පිබිදෙව්!
  • රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • තාක්ෂණයට වහල් වෙන්න එපා
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 18 ලිපිය
යුවළක් එකට එකතු වෙලා සතුටින් කෑමක් හදනවා.

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | සැමියාට සහ බිරිඳට

සතුටින් එකට කාලය ගත කරන්න

එකම ගෙදර හිටියත් හුඟක් විවාහක යුවළයන් කතාබහ කරලා එකට කාලය ගත කරන්නේ නැහැ. එහෙම වෙලා තියෙන්නේ ඇයි?

  • එකට හිටියත් දුරස් ඇයි?

  • කරන්න පුළුවන් දේ

  • විවාහක යුවළයන් කියන දේ

  • සාකච්ඡාවට මඟ පෙන්වීම්

එකට හිටියත් දුරස් ඇයි?

  • අධික වෙහෙස නිසා

    “අපි දෙන්නාට ටිකක් කතා කරකර ඉන්න වෙලාව තියෙනකොට එක්කෝ මගේ මහත්තයාට ගොඩක් මහන්සියි නැත්නම් මට මහන්සියි. මහන්සියෙන් ඉද්දී මට පොඩි දේටත් කේන්ති යනවා. ඒ නිසා එකට ටීවී බලන එක තමයි අපිට හරි යන්නේ.”—ඇනා.

  • ඉලෙක්ට්‍රෝනික උපකරණ නිසා

    “විනෝද වෙන්න ඉන්ටර්නෙට් යන එකෙන්, සමාජ ජාලා වෙබ් අඩවිවලට යන එකෙන් ඔයාගේ කාලය නාස්ති වෙන්න පුළුවන්. පැය ගාණක් ඒවාවල ඉඳලා බලද්දී ඔය දෙන්නා එකම කාමරේ හිටියත් අන්තිමේදී වචනයක්වත් කතා කරලා නෑ.”—කැතරින්.

  • ආස දේවල් වෙනස් නිසා

    “මහත්තයා වැඩ ඇරිලා ගෙදර ආවාම ගොඩක් වෙලාවට කරන්නේ එයා කැමති දේවල්. එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් නිසා එහෙම කරන එකේ වරදකුත් නෑ. ඒත් අපි දෙන්නාටත් ටිකක් කාලේ ගත කරන්න තිබුණා නම් හොඳයි.”—ජේන්.

  • රස්සාව නිසා

    “තාක්ෂණය නිසා දැන් රස්සාවේ වැඩත් ගෙදරට ඇවිල්ලා. හුඟක් වෙලාවට මගේ නෝනාත් එක්ක කතාබහ කරන්න තියෙන වෙලාවෙත් මං කරන්නේ ඊමේල්වලටයි මෙසේජ්වලටයි රිප්ලයි කරන එක.”—මාක්.

කරන්න පුළුවන් දේ

  • එකට කාලය ගත කරන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහට සලකන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.

    හිතන්න දෙයක්: ඔයාගේ රස්සාවටයි ඔයා ආස කරන දේවල්වලටයි වඩා ඔයාගේ විවාහ ජීවිතය වැදගත් කියලා ඔයා කරන දේවල්වලින් පේනවාද? ඔයාගේ සහකරුට හරි සහකාරියට හරි ඔයා වෙලාව දෙන්නේ අනිත් හැම දේම කරලා වෙලාව ඉතුරු වුණොත් විතරද?

    යෝජනාවක්: අවස්ථාවක් ලැබෙන කල් බලන් ඉන්නේ නැතුව ඔයාගේ සහකරු නැත්නම් සහකාරිය එක්ක කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න.

    “මහත්තයා අපි දෙන්නා වෙනුවෙන්ම විතරක් මොනා හරි දෙයක් ප්ලෑන් කරද්දී මං ඒකට ගොඩක් ආසයි. එයා මට ගොඩක් ආදරෙයි කියලත් මාත් එක්ක එකට කාලේ ගත කරන්න කැමතියි කියලත් ඒකෙන් මට තේරෙනවා. එයා එහෙම කරද්දී එයා ගැන මගේ හිතේ තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.”—ඇනා.

  • ඉලෙක්ට්‍රෝනික උපකරණවලට හරි තැන දෙන්න පුරුදු වෙන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

    හිතන්න දෙයක්: සැමියා හරි බිරිඳ හරි එක්ක කතා කරකර ඉද්දී ඔයාට එන මෙසේජ් නිතරම වගේ ඒකට බාධාවක් වෙලා තියෙනවාද?

    යෝජනාවක්: පුළුවන් නම් දවසට එකපාරක් හරි එකට කෑම ගන්න. ඒ වෙලාවට ඔයාලගේ ෆෝන් වෙන කාමරයකින් තියන්න. දවසේ වෙච්ච දේවල් ගැන කතා කරන්න කෑම කන වෙලාව හොඳ අවස්ථාවක්.

  • ගෙදරදොරේ වැඩ, ෂොපින් යන එක දෙන්නා එකතු වෙලා කරන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ.”—දේශනාකාරයා 4:9.

    හිතන්න දෙයක්: හුඟක් වෙලාවට ඔය දෙන්නා පවුලට ඕන කරන දේවල් ගන්න යන්නේ තනි තනියෙන්ද?

    යෝජනාවක්: තනියෙන් කරන්න පුළුවන් වැඩක් වුණත් දෙන්නා එකට එකතු වෙලා කරන්න.

    “බඩු ගන්න කඩේට යන එක, වළං පිඟන් හෝදන එක, රෙදි නවන එක, වත්තේ පිටියේ වැඩ කරන එක වගේ දේවල් නිකම්ම වැඩ විදිහට දකින්නේ නැතුව දෙන්නාට එකට කාලය ගත කරන්න පුළුවන් හොඳ අවස්ථාවන් විදිහට දකින්න.”—නීනා.

  • දේවල් බලාපොරොත්තු වෙද්දී සාධාරණ වෙන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි.”—ෆිලිප්පි 4:5.

    හිතන්න දෙයක්: සැමියාගෙන් නැත්නම් බිරිඳගෙන් දේවල් බලාපොරොත්තු වෙද්දී ඔයාට සාධාරණ වෙන්න පුළුවන් කොහොමද?

    යෝජනාවක්: හොඳට කතාබහ කරලා දෙන්නාට දෙන්නා බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනගන්න. දෙන්නාටම සතුටක් ලැබෙන විදිහට කාලය ගත කරන්නේ කොහොමද කියලා කතා කරගන්න.

    “මට තියෙන එක එක අසනීප නිසා මට එච්චර මහන්සි වෙන්න බෑ. ඒ නිසා මං මහත්තයාට කියනවා ටිකක් එළියට ගිහිල්ලා ඇවිදලා කරලා එන්න, මං ගෙදරට වෙලා ඉන්නම් කියලා. එකෙන් මහත්තයාට ව්‍යායාම් කරන්නත් හම්බ වෙනවා. මට ටිකක් විවේක ගන්නත් පුළුවන් වෙනවා. අපි දෙන්නාම ආස දේවල් කරන්න ලැබෙන නිසා දෙන්නාටම සතුටක් දැනෙනවා.”—ඩැනියෙලා.

    විවාහක යුවළයන් කියන දේ

    ජාමින් සහ කෙන්ඩ්‍රා.

    “දෙන්නා එකට කෑමක් ගන්න එක වැදගත් දේවල් ගැන කතා කරන්නත් පොඩි විහිළුවක් තහළුවක් කරන්නත් හොඳ අවස්ථාවක්. එහෙම කරනකොට නිකම්ම එක ගෙදර ඉන්න විවාහක යුවළක් වෙන්නේ නැතුව හොඳ යාළුවෝ වෙන්න පුළුවන්.”—ජාමින් සහ එයාගේ බිරිඳ කෙන්ඩ්‍රා.

    මොනිකා සහ ෂෝන්.

    “ඔයා කොහොමත් කන්න ඕනෙනේ. ඇයි ඉතිං ඒක එකතු වෙලා කරන්නේ නැත්තේ? පුංචි කාලේ පවුලේ අයත් එක්ක කෑම ගද්දී වෙච්ච සමහර දේවල් මට අද වගේ මතකයි. ඒ නිසා දැනුත් මං මගේ මහත්තයාත් එක්ක එකට කෑම ගන්න කොහොමහරි වෙලාව හොයාගන්නවා. එතකොට අපිටත් ඉස්සරහට හොඳ මතකයන් ඉතුරු වෙයි.”—මොනිකා සහ එයාගේ සැමියා ෂෝන්.

සාකච්ඡාවට මඟ පෙන්වීම්

මුලින්ම, ඔයාලා දෙන්නා වෙන වෙනම මේ ප්‍රශ්නවලට දෙන්න පුළුවන් උත්තර ගැන කල්පනා කරලා බලන්න. ඊටපස්සේ දෙන්නා එකතු වෙලා ඒ ගැන කතා කරන්න.

  • ඔයාලා දෙන්නා දැනටමත් කතාබහ කරන්න ගන්න කාලය ගැන සෑහීමට පත් වෙන්න පුළුවන්ද?

  • ඔයාගේ සැමියා නැත්නම් බිරිඳ ඒ වෙනුවෙන් දැනටමත් කරලා තියෙන මොන දේවල්ද ඔයාට අගය කරන්න පුළුවන්?

  • ඔයා කැමති එයා තව මොන වගේ පැතිවලින් දියුණු වෙනවාටද?

  • ඔයාගේ සැමියාට නැත්නම් බිරිඳට හොඳින් ඇහුම්කන් දෙන එකට ඉලෙක්ට්‍රෝනික උපකරණ නිතරම බාධාවක් වෙනවාද?

  • අනිත් කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන දෙන්නාටම සාධාරණ වෙන්න පුළුවන් කොහොමද?

  • මේ සතියේ කිසිම බාධාවක් වෙන්නේ නැතුව දෙන්නාට එකට කාලය ගත කරන්න කරගන්න පුළුවන් මොන වගේ වෙනස්කම්ද?

සාරාංශය: සතුටින් එකට කාලය ගත කරන්න නම් . . .

  • එකට කාලය ගත කරන එක අත්‍යවශ්‍ය දෙයක් විදිහට සලකන්න.

  • ඉලෙක්ට්‍රෝනික උපකරණවලට හරි තැන දෙන්න පුරුදු වෙන්න.

  • ගෙදරදොරේ වැඩ, ෂොපින් යන එක දෙන්නා එකතු වෙලා කරන්න.

  • දේවල් බලාපොරොත්තු වෙද්දී සාධාරණ වෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න