ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 5/8 22 පි.
  • පුංචි කනේ රහස සොයාගැනේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුංචි කනේ රහස සොයාගැනේ
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ගුවනේ දස්කම් පාන පලතුරු මැස්සා
    නිර්මාණයක්ද?
  • ඔබේ ඇසීමේ හැකියාව සුරැකිය යුතු දීමනාවක්
    1997 පිබිදෙව්!
  • පුංචි ගුවන්ගත ශූරයෝ
    1999 පිබිදෙව්!
  • සෙට්සෙ මැස්සා—අප්‍රිකාවේ ශාපයද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 5/8 22 පි.

පුංචි කනේ රහස සොයාගැනේ

“ශබ්ද තරංග පැමිණෙන දිශාව දැනගැනීම සඳහා සතුන් උපයෝගි කරගන්නා ක්‍රමයක් ජීව විද්‍යාඥයන් පසුගිය දශකය තුළදී අලුතින් සොයාගත්” බව විදු පුවත්හි (සිංහලෙන් නොමැත) පළ වේ. “මෙම සොයාගැනීමට දායක වුණේ බිං ඌරාගේ (cricket) හඬට ආකර්ෂණය වන පරපෝෂිත මැස්සෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව කෙරුණු අධ්‍යයනයයි. කලින් සොයාගෙන තිබුණු ආකාරයට ශබ්ද තරංගවල දිශාව හඳුනාගැනීමට නම්” කන් බෙර දෙක අතර ප්‍රමාණවත් පරතරයක් තිබිය යුතු වෙනවා. “නමුත් මේ මැස්සාගේ හිස ඉතා කුඩායි.”

මෑතකදී අ.එ.ජ. කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ කළ අධ්‍යයනයකට අනුව, “හරියටම ශබ්දය හඳුනාගැනීමට බස්සෙකුට හැකි වාක් මෙන් එක්තරා මැසි විශේෂයකට (Orima ochracea) අයත් ගැහැනු මැස්සන්ටද මාලිමා යන්ත්‍රයක අංශක දෙකක් අතර සීමාවක වුවද ශබ්ද ඇති වන නිෂ්චිත දිශාව හරියටම හඳුනාගන්න පුළුවන්.” නමුත් මේ මැස්සාගේ කන් බෙර දෙක අතර පරතරය මිලිමීටරයක් තරම් කුඩායි! බස්සාට මෙන්ම මේ මැස්සාටත් තියුණු ලෙස ශ්‍රවණය කිරීමට ඇති හැකියාවේ රහස වන්නේ උගේ ශ්‍රවණ ඉන්ද්‍රීයයි.

මේ කෘමි සතාගේ කන් බෙර දෙක එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා මේ තුනී පටල දෙකට එක අවයවයක් ලෙස ඉස්සරහට හා පස්සට පැද්දීමට හැකි වී තිබෙනවා. මේක හරියට ක්‍රීඩා පිට්ටනියක තියෙන සීසෝවක් පදිනවා වගෙයි. එහෙම නැත්නම් තටු ගහනවා වගෙයි. බිං ඌරාගෙන් නිකුත් වූ ශබ්දයක් මේ මැස්සාගේ කන වැකුණු විගස ශබ්ද තරංගය පැමිණි දිශාවට ආසන්න කන් බෙරයට මෙය පතිත වන අතර ක්ෂණයකින්ම වාගේ එම ශබ්දය අනෙක් කන් බෙරයට මාරු වෙනවා. මෙහිදී දෙවෙනි කන් බෙරය පිටතින් පැමිණෙන ශබ්ද තරංගවලට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. නමුත් බිං ඌරා සිටින දිශාවට ආසන්න කන් බෙරය වේගවත්ව කම්පනය වෙයි. මෙමගින් ශබ්දය පැමිණෙන දිශාව හරියටම දැනගන්න මැස්සාට හැකි වන අතර ඉලක්කය කරා පහසුවෙන් ගමන් කිරීමට ඌට හැකි වෙනවා.

මෙම සොයාගැනීමේ ඇති ප්‍රායෝගික වටිනාකම කුමක්ද? පර්යේෂකයන් විශ්වාස කරනවා මෙම සොයාගැනීම් ශ්‍රවණාධාරක හා ශබ්ද විකාශන යන්ත්‍ර තවත් දියුණු තත්වයකට ගෙන ඒමට උපකාරවත් වේවි කියා. “අසන්නා මුහුණ ලා සිටින දිසාවෙන් පැමිණෙන ශබ්ද තරංග පමණක් ග්‍රහණය කරගැනීමට” හැකි වන පරිදි ශ්‍රවණාධාරක නිෂ්පාදනය කිරීමට මෙම සොයාගැනීම උපකාරී වන බව වාර්තා වේ. ඇත්තටම යෙහෝවාගේ පුදුමාකාර මැවිලි තුළින් ඔහුගේ ප්‍රඥාව දිස් වෙන්නේ නැද්ද!—යෝබ් 42:2.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

R. Hoy/කෝර්නෙල් විශ්වවිද්‍යාලය

ඉහළ පින්තූරු දෙක: R. Wyttenbach/ කෝර්නෙල් විශ්වවිද්‍යාලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න