ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/11 25 පි.
  • අද්විතීය ඩිම්බවිධායකය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අද්විතීය ඩිම්බවිධායකය
  • 2011 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2011 පිබිදෙව්!
  • සුපිරි ගණයේ නිවාස තනන බඹරා
    2012 පිබිදෙව්!
  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?
    1996 පිබිදෙව්!
  • ඔබ දත්මිටි කනවද?
    1998 පිබිදෙව්!
තව තොරතුරු
2011 පිබිදෙව්!
g 3/11 25 පි.

නිර්මාණයක්ද?

අද්විතීය ඩිම්බවිධායකය

● සමහර කෘමීන්ට බිත්තර දැමීම සඳහා සිහින් නාළයක් වැනි දෙයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ඩිම්බවිධායකය ලෙසයි. නමුත් එක් කෘමි විශේෂයකට (wood-boring wasp) ඇති එම ඩිම්බවිධායකය අනික් කෘමීන්ට වඩා හුඟක් වෙනස්. එම කෘමියාගේ පෙනුම කුඹලෙක් වගෙයි. ඌට පහසුවෙන් පයින් ගස විද උගේ බිත්තර තැන්පත් කළ හැකියි. ඌ එය කරන්නේ කෙසේද කියා බලමු.

මේ ගැන සිතන්න: උගේ ඩිම්බවිධායකය සෑදී තිබෙන්නේ පළු දෙකකින්. එම පළු දෙකේ ආපස්සට හැරුණු කුඩා දැති තිබෙනවා. කෘමියා ගස විදින විට සිදු වන්නේ ඩිම්බවිධායකයේ පළු දෙක මාරුවෙන් මාරුවට ඉදිරියට ගමන් කිරීමයි. එක් පළුවක් ඉදිරියට ගොස් දැතිවලින් ලීය තදින් අල්ලාගත් පසු අනික් පළුව එය ආධාරකයක් ලෙස යොදාගනිමින් ඉදිරියට ඇදෙනවා. මෙය ඉතාමත් වේගයෙන් සිදු වන ක්‍රියාවලියක්. ඒ ආකාරයට ඌ ගස අඟලක් පමණ විදිනවා. මේ ක්‍රියාවලිය නිසා ඌට පහසුවෙන් ගස විදින්න හැකි වන අතර උගේ ඩිම්බවිධායකයටද කිසිම හානියක් වන්නෙත් නැහැ.

විද්‍යාඥයන් මේ කෘමියාගේ ඩිම්බවිධායකය ආදර්ශයට ගෙන ශල්‍යකර්මවලදී භාවිත කළ හැකි ඒ හා සමාන කුඩා දැති සහිත තාක්ෂණයෙන් ඉහළ උපකරණයක් නිපදවා තිබෙනවා. සිලිකන්වලින් සාදා ඇති මෙම උපකරණය භාවිත කරන්නේ මොළයේ සිදු කරන ශල්‍යකර්මවලදීයි. ඒ ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. ‘මෙම කුඩා උපකරණය නිසා වෙනත් උපකරණවලට වඩා පහසුවෙන් සියුම් ශල්‍යකර්ම කිරීමට හැකියි. ඒ වගේම ඉන් එතරම් විශාල තුවාලයක්ද ඇති වන්නේ නැහැ.’—New Scientist.

ඔබේ නිගමනය කුමක්ද? මේ පුදුමාකාර ඩිම්බවිධායකය ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[25වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඩිම්බවිධායකයේ පළු දෙක

ලී කඳ

එක පළුවක් ඉදිරියට යන විට අනික් පළුවේ දැති ලීය තදින් අල්ලාගනියි

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Wasp: David R. Lance, USDA APHIS PPQ, Bugwood.org; diagram: J. F. V. Vincent and M. J. King, (1996). The mechanism of drilling by wood wasp ovipositors. Biomimetics, 3: 187-201

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න