ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/13 8-9 පි.
  • මූස්—ගෝන කුලයේ දැවැන්තයා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මූස්—ගෝන කුලයේ දැවැන්තයා
  • 2013 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සීත කාලෙදි . . .
  • හරිම කෙළිලොල්
  • ලෝකය දෙස බැලීම
    1996 පිබිදෙව්!
  • පටුන
    2013 පිබිදෙව්!
  • හිම මිදෙන සීතලේ උණුසුම්ව
    2008 පිබිදෙව්!
  • හිමෙන් නැහැවුණු ප්‍රදේශයක සංචාරයක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 පිබිදෙව්!
g 3/13 8-9 පි.
[8වන පිටුවේ පින්තූරය]

පරිසරයේ අසිරිය

මූස්—ගෝන කුලයේ දැවැන්තයා

මූස් ගෝන කුලයට අයිති සතෙක්. ඌ හුදකලාවේ වෙසෙන්න කැමති නිසාත් උගේ විකට පෙනුම නිසාත් හුඟදෙනෙක් කියන්නේ ඌ අලස මෝඩ සතෙක් කියලා. “මූස්ට තියෙන්නේ මූසල පෙනුමක්. ඌ මෙච්චර උස ඇයි, ඌට මෙච්චර දිගටි ඔළුවක් තියෙන්නෙත් ඇයි?” එහෙම ඇහුවේ හෙන්රි ඩේවිඩ් තොරේ කියන 19වන සියවසේ සිටි ලේඛකයා. ඒත් මෑතකදී මූස් ගැන උතුරු ඇමරිකාවේ වගේම යුරෝපයේ සහ ආසියාවේ රටවල සිටින පර්යේෂකයන් බොහෝ තොරතුරු සොයාගෙන තියෙනවා.

මූස්ව කොයි කවුරුත් සලකන්නේ වන වදුලේ දැවැන්තයෙක් විදිහට. බැලූ බැල්මට උගේ පාදවල සිත්ගන්නාසුලු පෙනුමක් නැතත් ඒවායේ ශක්තිය කොයි තරම්ද කියනවා නම් වෘක රංචුවක් වුණත් පන්නා දමන්න ඌට පුළුවන්. මූස් පීනන්නත් උපන් හපනෙක්. ඉපදී දින කිහිපයකින්ම ඌ පීනන්න ඉගෙනගන්නවා. උන් සැතපුම් ගාණක් පීනනවාත් අඩි 20ක් පමණ ගැඹුරට කිමිදී ජලජ පැළෑටි හොයාගන්නවාත් සමහරු දැක තිබෙනවා.

වතගොත

  • වර්ගය: ක්ෂීරපායි

  • කෑම: අතු රිකිළි, ගස් කොළං සහ ජලජ පැළෑටි

  • වේගය: පැයට කිලෝමීටර් 55ක් පමණ

  • උස: අඩි පහේ සිට හත දක්වා

  • බර: කිලෝග්‍රෑම් 816ක් දක්වා

මූස්ට පුළුවන් ඔලුව හරවන්නේ නැතිවම පිටුපස වෙන දේවල් දකින්න. උගේ නාසයත් හරිම සංවේදියි. නාස්පුඩු හොම්බේ දෙපසට වෙන්න පිහිටා තිබෙන නිසා උගේ නාසයට ගඳ සුවඳ ඉතාම තියුණු විදිහට දැනෙනවා. ඒ නිසා ඌට ඕන දේ තිබෙන තැන ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. උගේ කන් දෙකත් හරිම සියුම්. හැම පැත්තකින්ම එන ශබ්ද ඌට ඇහෙනවා. කිලෝමීටර් තුනක් ඈතින් ඉන්න උගේ නෑයෙකුගේ හඬ පවා ඌට ඇහෙනවා.

මූස් පැටියා උගේ අම්මගෙයි තාත්තගෙයි කපාපු පළුව. වැඩි වෙනසක් නෑ. අවට ලෝකය ගැන කුතුහලයෙන් ඉන්න මේ පුංචි දඟයෝ දුව පැන ඇවිදින්නේ හරිම නිදහසේ. මූස් අම්මලාට පැටවුන් ගැන තියෙන්නේ පුදුම සෙනෙහසක්. ඒ හින්දා පැටවුන්ට හානියක් වෙයි කියලා උන් හැම තිස්සෙම ඉන්නේ බයෙන්. පැටව් ඉන්න කාලෙදි වෘකයන්, වලසුන් සහ මිනිසුන් වැනි උගේ දරුණු සතුරන් වුණත් පන්නා දාන්න ඌ පසුබට වෙන්නේ නෑ. ආයෙත් පැටවු ගහන කාලය එනකොට අවුරුද්දක් විතර වුණු තම පැටවුන්ව තමන්ගේ තුරුලෙන් එළවා දමනවා. එතකොට පැටවුන්ට තම ජීවිතේ තනියෙන් පටන්ගන්න සිද්ධ වෙනවා.

සීත කාලෙදි . . .

මූස් මුළුමනින්ම යැපෙන්නේ ශාක මත. එහෙනම් ඌ කොහොමද සීත කාලෙට ඔරොත්තු දෙන්නේ? උණුසුම් කාලෙදී ඌ දවසකට කන කොළ තොගය ඒකට එක උදව්වක්. ඌ එක දවසකට කිලෝ 23ක් විතර ගිල දානවා! ඒ සඳහා අඩි දහයක් උසට වැවී තිබෙන ගහ කොළ වුණත් ගංගා, වැව් පතුල්වල අඩි දහයක් ගැඹුරේ තියෙන පැළෑටි වුණත් ඌ හොයාගන්නවා. ආහාර උගේ කුටීර හතරක් ඇති ආමාශයට ගොස් එහිදී හොඳින් ජීර්ණය වී පෝෂණ කොටස් හා මේදය ලෙස උගේ ඇඟේ තැන්පත් වෙනවා.

උන් සීත කාලෙට ඔරොත්තු දෙන්න යොදාගන්නා තවත් ක්‍රමයක් තමයි ඒ කාලෙදී වැඩිපුර ඇඟ වෙහෙසන්නේ නැතුව ඉන්න එක. ඒ වගේම උගේ ඇඟ පුරා ඇති රෝම, සීතට අඳින කබායක් වගේ. සීත කාලෙදි සීතලෙන් බේරුණත් වෙනත් අනතුරු උන්ට නැතුවම නෙමෙයි. තදින් හිම වැටෙන කාලෙදි වෘකයාට හිම මත ලේසියෙන් දුවන්න පුළුවන් වුණත් මූස්ට හිම මත වේගයෙන් දුවාගන්න බැරි නිසා උන් පහසුවෙන්ම වෘකයන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ඒත් ලොකුම අනතුර ඌට වෙන්නේ දඩයක්කරුවන්ගෙන් හා රියදුරන්ගෙන්.

හිම දිය වෙන්න පාරට දමන ලුණු කන්න මූස්ලා හරිම කැමතියි. උගේ රෝම අඳුරු පැහැ නිසා රාත්‍රියේදී රියදුරන්ට උන්ව පේන්නෑ. ඒ නිසා වාහනවල හැප්පිලා රියදුරන්ගෙත් මූස්ලගෙත් ජීවිත නිරපරාදේ අහිමි වෙලා තියෙනවා.

හරිම කෙළිලොල්

මූදු රැල්ලත් එක්ක සෙල්ලම් කරන්නත් උණුදිය උල්පත්වලින් නාන්නත් මූස්ලා හරිම ආසයි. පිරිමි සතා හා ගෑණු සතා පෙම් රංගනයේ යෙදෙන්නේ හරිම ආදරෙන්. මූස් අම්මලාට පැටවුන් ගැන තියෙන්නේ පුදුමාකාර දාරක සෙනෙහසක්. මිනිසුන් මේ පැටවුන්ව හදාගන්න කොට මේ පැටවුන් හා මිනිසුන් අතර ඇති වෙන්නේ මවක් හා දරුවෙක් අතර ඇති වන බැඳීමට හා සමාන බැඳීමක්. එක් වෛද්‍යවරයෙක් කිව්වේ “උගේ පෙනුම ලස්සන නැති වුණත් ඌ බුද්ධිමත්, සෙනෙහෙවන්ත, පණ දෙන්න තරම් පක්ෂපාත සතෙක්” කියායි.

[9වන පිටුවේ පින්තූරය]

අවට ලෝකය ගැන කුතුහලයෙන් ඉන්න මේ පුංචි දඟයෝ දුව පැන ඇවිදින්නේ හරිම නිදහසේ

ඒත් පුංචි අවවාදයක් දෙන්න කැමතියි. මූස් සවි ශක්තිමත් සතෙක්. ඒ නිසා කවදාහරි දවසක මූස්ලා ගැවසෙන තැනකට යන්න ලැබුණොත් ටිකක් ඈතින් ඉඳලා උන් දිහා බලන එක ඇඟට ගුණයි. විශේෂයෙන්ම පැටවු ඉන්න අම්මලා ළඟට යන එක නම් ගොඩක් භයානකයි. මූස් එතරම් සුන්දර පෙනුමකට උරුමකම් නොකීවත් උන්ගේ ලෝකය නම් හරිම සුන්දරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න