ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 6/14 8-9 පි.
  • මරණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරණය
  • 2014 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මැරුණු අය කොහෙටද යන්නේ?
  • මිය ගිය අය ඉන්නේ මොන වගේ තත්වයකද?
  • මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය ලැබෙයිද?
  • ඇත්තෙන්ම නිරය යනු කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මළවුන්ට අපේ උපකාර අවශ්‍යද?
    2006 පිබිදෙව්!
  • මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • මළවුන්ගේ තත්ත්වය කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 පිබිදෙව්!
g 6/14 8-9 පි.
මැලවුණු මලක්

බයිබලයෙන් පිළිතුරක්

මරණය

මැරුණු අය කොහෙටද යන්නේ?

“ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”—උත්පත්ති 3:19.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මැරුණු අය ස්වර්ගයට, අපායට හෝ ශුද්ධගිනිස්ථානයට යනවා කියලා සමහර අය කියනවා. සතෙක් හෝ මනුෂ්‍යයෙක් වෙලා නැවත ඉපදෙනවා කියලා තවත් අය කියනවා. ඒ මත විශ්වාස නොකරන අය කියන්නේ මරණය ජීවිතයේ අවසානය කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“සියල්ලෝම යන්නේ එකම තැනටය. සියල්ලෝ දූවිල්ලෙන්ය. සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය” කියා දේශනාකාරයා 3:20 සඳහන් වෙනවා. ඒ වගේම “ඔබ යන මිනී වළේදී කිසි වැඩක් කරන්නවත් කිසි දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔබට නොහැක. එහි දැනුමද ප්‍රඥාවද නැත” කියාත් බයිබලයේ කියනවා.—දේශනාකාරයා 9:10.

මිය ගිය අය ඉන්නේ මොන වගේ තත්වයකද?

“ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:4.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

මැරුණාම කෙනෙක්ට වෙන දේ තීරණය වෙන්නේ මැරෙන්න කලින් කළ දේවල් අනුවයි. වැරදි කළා නම් හැමදාම දුක් විඳින්න වෙයි කියලත් හොඳ කළා නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලත් සමහරු කියනවා. දෙවියන් ළඟට යන්න නම් මැරෙන්න කලින් කළ පව් හෝදගන්න ඕනේ කියලත් එහෙම නොකළොත් කවදාවත් දෙවියන් ළඟට යන්න බැහැ කියලත් ඔවුන් හිතනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

මිය ගිය අයට කිසිම දෙයක් දැනෙන්නේ නැති නිසා සතුටක් හෝ වේදනාවක් දැනෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට උදව් කරන්නවත් හානි කරන්නවත් බැහැ. මිය ගිය කෙනෙකුගේ තත්වය ගැන බයිබලයේ දේශනාකාරයා 9:5, 6 මෙහෙම සඳහන් වෙනවා. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද නැති වී ඇත. ඔවුන්ට නැවත කවදාවත් ඉර යට කෙරෙන කිසිම දෙයකට සහභාගි වීමට නොහැක.”

මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය ලැබෙයිද?

“මිනිසෙකු මිය ගිය පසු ඔහු යළි ජීවත් වනු ඇද්ද? මට නියම කළ කාලය අවසන් වී, මාව නිදහස් කරන තුරු මම බලා සිටින්නෙමි.”—යෝබ් 14:14.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

අපායට ගියොත් ඔහුට නැවත ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා හුඟදෙනෙක් කියනවා. ඒත් ශුද්ධගිනිස්ථානයට ගියොත් වැරදිවලට යම් කාලයක් දඬුවම් විඳලා ස්වර්ගයට යන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවියන්ගේ පුත්‍රයා මිය ගිය අයව මරණයෙන් නැඟිටුවා ඔවුන්ට නැවතත් මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ ගැන යොහන් 5:26, 28, 29 මේ විදිහට සඳහන් වෙනවා. ‘මේ ගැන පුදුම වෙන්න එපා. මන්ද සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණෙනවා. ඒ කාලයේදී ඔවුන් නැවත නැඟිටීමක් ලබනවා.’ මිය ගිය අය නැවත නැඟිට්ටත් ඉන්පසුව ඔවුන් ජීවත් වන විදිහ අනුවයි ඔවුන්ට සදාකාල ජීවිතය ලැබෙනවාද නැද්ද කියලා තීරණයවෙන්නේ.a

a වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න