ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/15 7 පි.
  • අප්‍රිකාව ගැන විපරමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රිකාව ගැන විපරමක්
  • 2015 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • රයිනෝ දඩයම
  • අල්ලස් ගැනීම
  • අප්‍රිකාවේ ඉන්ටනෙට් භාවිතය
  • ඒ වටිනා අං පිටුපස සිටින සත්වයා
    1995 පිබිදෙව්!
  • මිනිසා සහ සත්ත්වයා යන දෙපාර්ශ්වයට ම ඉඩකඩ තිබෙනවා ද?
    1994 පිබිදෙව්!
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 පිබිදෙව්!
g 3/15 7 පි.
රයිනෝවන් දෙන්නෙක්

දස දෙසින්

අප්‍රිකාව ගැන විපරමක්

අප්‍රිකාවේ මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ නංවන්න විවිධ සංවිධාන හා පුද්ගලයන් උත්සාහ කරනවා. ඒත් අප්‍රිකාවේ විසඳන්න බැරි විශාල ප්‍රශ්න තවමත් තියෙනවා.

රයිනෝ දඩයම

දකුණු අප්‍රිකාවේ 2007දී රයිනෝවන් 13දෙනෙක්ව නීති විරෝධී ලෙස දඩයම් කරලා තිබුණා. 2013දී ඒ ගණන 1,004ක් දක්වා ඉහළ ගිහින්. රයිනෝවන්ගේ අං කොච්චර ලැබුණත් තවමත් ඒවාට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. රයිනෝ අං කිලෝවක මිල රත්තරන් කිලෝවක මිලට වඩා වැඩියි. එක අඟක් ඩොලර් ලක්ෂ පහක් විතර වටිනවා.

ටිකක් හිතන්න. ආණ්ඩුවලට නීති විරෝධී වැඩ නතර කරන්න පුළුවන් වෙයිද?—යෙරෙමියා 10:23.

අල්ලස් ගැනීම

අල්ලසක් දෙමින්

නැඟෙනහිර අප්‍රිකාවේ රටවල් කීපයක් ලෝකයේ වැඩියෙන්ම අල්ලස් ගන්න රටවල් කියා එක් ආයතනයක් පවසනවා. ඒත් අල්ලස් ගැනීම් 90%ක් විතර වාර්තා වෙන්නේ නැහැ. ඒකට හේතුව “ආණ්ඩුව ඒ ගැන පියවරක් ගනියි කියලා මහජනයාට විශ්වාසයක් නැතිකමයි” කියලා කෙන්යාවේ ඒ ආයතනය නියෝජනය කරන කෙනෙක් කිව්වා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි.”—නික්මයාම 23:8.

අප්‍රිකාවේ ඉන්ටනෙට් භාවිතය

2014 අවසන් වෙද්දී අප්‍රිකාවේ වැසියන්ගෙන් 20%ක් විතර ඉන්ටනෙට් පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙයි කියලා අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය (ITU) හිතනවා. ලෝකයේ අනිත් රටවලට සාපේක්ෂව අප්‍රිකාවේ ජංගම උපකරණවලට ඉන්ටනෙට් පහසුකම් ලබාගන්න අයගේ ගණන දෙගුණයකින් වැඩි වෙමින් පවතිනවා.

1. පරිගණක තිරයක දිස්වෙන අප්‍රිකා මහද්වීපය; 2. සියදෙනෙකුගෙන් විසිදෙනෙක්; 3. 20% දැක්වෙන ඊතලයක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න