ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g16 අංක 4 6 පි.
  • 3 උත්සාහය අත්හරින්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 උත්සාහය අත්හරින්න එපා
  • 2016 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඉලක්කවලට යන්න ඔයාටත් පුළුවන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ පුරුදු ඔබේම යහපතට දායක වෙනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු
    2016 පිබිදෙව්!
  • ඉලක්කය වෙත වේගයෙන් දුවන්න!
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 පිබිදෙව්!
g16 අංක 4 6 පි.
කාන්තාවක් දින දර්ශනයේ ලකුණු කරමින්

මුල් පිටුවෙන් | ජීවිතය ලස්සන කරන හොඳ පුරුදු

3 උත්සාහය අත්හරින්න එපා

ලකුණු කරපු දින දර්ශනයක්

මොනවා හරි දේකට අලුතින් පුරුදු වෙන්න දවස් 21ක් ගත වෙනවා කියලා හුඟක් අය අතරේ මතයක් තියෙනවා. හැබැයි සමහර අයට ඒ දේ කරන්න ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ කියලත් තවත් අයට ඒ දේ කරන්න ඊටත් වඩා වැඩි කාලයක් ගත වෙනවා කියලත් පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ උත්සාහ කරන එකෙන් පලක් නැහැ කියලද?

හිතන්න ඔයාට ඕනෙ සතියට දවස් තුනක් ව්‍යායාම කරන පුරුද්ද ඇති කරගන්න කියලා.

  • පළවෙනි සතියේ ඔයා ඒක කරනවා.

  • දෙවෙනි සතියේ දවසක් මඟ ඇරෙනවා.

  • තුන්වෙනි සතියේ දවස් තුනේම කරනවා.

  • හතරවෙනි සතියේ දවසක් විතරක් කරනවා.

  • පස්වෙනි සතියේ දවස් තුනේම කරනවා. එතන ඉඳන් ඒක දිගටම කරන්න ඔයාට පුළුවන් වෙනවා.

සති පහ ඔයාට ලොකු කාලයක් වගේ පෙනෙයි. ඒත් ඉලක්කය ජයගත්තාම හොඳ පුරුද්දක් ඇති කරගත්තා කියන සතුට ඔයාට දැනෙයි.

බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.”—හිතෝපදේශ 24:16.

බයිබලයේ කියන්නේ උත්සාහය අත්හරින්න එපා කියලයි. ඇත්තටම වටින්නේ අපි කී වතාවක් වැටුණාද කියන එක නෙවෙයි, කී වතාවක් නැඟිට්ටාද කියන එකයි.

ඇත්තටම වටින්නේ අපි කී වතාවක් වැටුණාද කියන එක නෙවෙයි, කී වතාවක් නැඟිට්ටාද කියන එකයි

කරන්න පුළුවන් දේ

  • සැරයක් දෙසැරයක් අසාර්ථක වුණා කියලා හැමදාමත් අසාර්ථක වෙන්නේ නැහැ. ඉලක්කයට යද්දී පසුබෑම් තියෙයි කියලා තේරුම්ගන්න.

  • ඔයා ඒ දේ හරියට කරපු අවස්ථාවන් ගැන හිතන්න. උදාහරණෙකට දරුවන් එක්ක හොඳින් කතාබහ කරන පුරුද්ද ඇති කරගන්න ඕනෙ නම් ඔයාගෙන්ම මෙහෙම අහන්න. ‘දරුවන්ට බණින්න හිතුණු වෙලාවේ කෑගහන්නේ නැතුව ඉන්න අන්තිමට මට පුළුවන් වුණේ කවදාද? එහෙම කරන්න පුළුවන් වුණේ මං මොනවා කරපු නිසාද? ඒ දේ දිගටම කරන්න පුළුවන් කොහොමද?’ අසාර්ථක වුණු අවස්ථාවන් ගැන ළත වෙන්නේ නැතුව සාර්ථක වුණු අවස්ථාවන් ගැන හිතන්න ඒ ප්‍රශ්න උදව් වෙයි.

කනස්සල්ල නැති කරගන්න, සතුට පිරුණු පවුල් ජීවිතයක් ගෙවන්න වගේම නියම සතුට හොයාගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන විදිහ දැනගන්න ඔයා කැමතිද? එහෙනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක කතා කරන්න. නැත්නම් jw.org/si වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.

අදාළ තවත් බයිබල් ප්‍රතිපත්ති

“ඔබේ දෙනෙත් ඔබේ ගමන් මඟ දෙසම යොමු කර තබන්න.”—හිතෝපදේශ 4:25.

“මා අත්හැර දැමූ දේවල් අමතක කර ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින් සිටිමි. මගේ ත්‍යාගය ලබාගැනීමේ අදහසින් මම දිගටම දුවමින් සිටින්නෙමි.”—ෆිලිප්පි 3:13, 14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න