ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 2 7 පි.
  • පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පටුන
    2017 පිබිදෙව්!
  • පුංචි ඇසේ අරුමය
    2008 පිබිදෙව්!
  • ලෝකය දෙස බැලීම
    1996 පිබිදෙව්!
  • හදිස්සි ගොඩබැස්වීමක්!
    2004 පිබිදෙව්!
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 2 7 පි.
මලකට ගොඩ බසින මීමැස්සෙක්

නිර්මාණයක්ද?

පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා

කොච්චර වේගයෙන් පියාඹගෙන ආවත් ඕනෙම අතකට හැරිලා තියෙන දෙයක් මත කරදරයක් නැතුව වහන්න මීමැස්සන්ට පුළුවන්. ඒ කොහොමද?

මේ ගැන හිතන්න: පරෙස්සමින් මලක් මත වහන්න නම් මීමැස්සා පියාඹගෙන එන වේගය බින්දුවටම අඩු කරගන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ මලට තියෙන දුර අනුව පියාසර කරන වේගය අඩු කළොත් විතරයි. හැබැයි මීමැස්සන්ගේ ඇස් අපේ ඇස්වලට වඩා වෙනස්. හුඟක් කෘමීන්ගේ වගේ මීමැස්සන්ගේ ඇස් පිහිටලා තියෙන්නේ එකිනෙකට ළඟින්. උගේ ඇහැ යම් වස්තුවක් මත හරියටම නාභිගත වෙන්නෙත් නැහැ. ඒ හේතු නිසා මලට තියෙන දුර හරියටම තීරණය කරන්න ඌට බැහැ.

එහෙමනම් ඌ පරෙස්සමින් මලක් මත වහන්නේ කොහොමද? යම් දෙයක් ළඟට යන්න යන්න ඒකේ ප්‍රමාණය ටිකෙන් ටික විශාල වෙනවා වගේ අපේ ඇහැට පේනවා. ඒ සරල දේ තමයි මීමැස්සාටත් උදව් වෙන්නේ. මීමැස්සා මල ළඟට පියාඹගෙන යනකොට ඒක විශාල වෙනවා ඌ දකිනවා. එතකොට ඌ වේගය අඩු කරනවා. ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක කරපු පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා ඌ එකපාරටම වේගය අඩු කරන්නේ නැතුව වස්තුව විශාල වෙලා පේන ප්‍රමාණයට අනුව ටිකෙන් ටික වේගය අඩු කරනවා කියලා. අන්තිමට වහන්න ඕන තැනට එද්දී මීමැස්සාගේ වේගය බිංදුවටම බැහැලා. ඒ නිසා කිසිම කරදරයක් නැතුව යම් දෙයක් මත වහන්න ඌට පුළුවන්.

“මීමැස්සා පාවිච්චි කරන සරල ක්‍රමය යොදාගත්තොත් රොබෝ යානා හසුරුවන තාක්ෂණය වැඩි දියුණු කරන්නත් ඒවා ආරක්ෂාකාරීව ගොඩ බස්සන්නත් පුළුවන් වෙයි” කියලා විද්‍යා සඟරාවක සඳහන් වුණා.—Proceedings of the National Academy of Sciences.

ඔයාගේ නිගමනය මොකක්ද? මීමැස්සාට මේ හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළ නිසාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න