ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g17 අංක 4 9 පි.
  • හොඳ නමක වටිනාකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ නමක වටිනාකම
  • 2017 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • නිහතමානිකම දුර්වලකමක්ද නැතහොත් යහපත් ගුණාංගයක්ද?
    2007 පිබිදෙව්!
  • “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අනිත් අයට ගෞරව කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ සැබෑ නිහතමානීකම පෙන්වන්නේ කෙසේද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 පිබිදෙව්!
g17 අංක 4 9 පි.
හොඳ නමක් දිනාගෙන ඉන්න මිකැනික් කෙනෙක්

හොඳ නමක් තියෙන අයට අනිත් අයගේ ගෞරවයත් විශ්වාසයත් දිනාගන්න පුළුවන්

හොඳ නමක වටිනාකම

හොඳ නමක් කොයි තරම් වටිනවාද! සමහර රටවල හොඳ නමක් තියෙන එක කොයි තරම් වැදගත් දෙයක් විදිහට සලකනවාද කියනවා නම් කෙනෙක් එදිනෙදා කතාබහේදී හරි ජනමාධ්‍යයෙන් හරි කෙනෙක්ගේ නමට අපහාස කළොත් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගන්න අවසර දීලා තියෙනවා. “වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි. හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය” කියලා බයිබලයේ කියන දේ කොයි තරම් ඇත්තක්ද! (හිතෝපදේශ 22:1) හොඳ නමක් ඇති කරගන්නත් අනිත් අයගේ ගෞරවය දිනාගන්නත් උදව් වෙන යෝජනා කීපයක් බයිබලයෙන් බලමු.

ගීතාවලිය 15:1-5 මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ධර්මිෂ්ඨකම් කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන, සිතින් සත්‍යය පවසන තැනැත්තාටය. ඔහු කේලම් කියන්නේ නැත. තමාගේ අසල්වැසියාට කිසි අයහපතක් කරන්නේ නැත. තමාගේ හිතවත් මිතුරා ගැන කටකතා පතුරුවන්නේද නැත. ඔහු පිළිකුල් ක්‍රියාවල යෙදෙන්නන්ව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි. ඔහුට පාඩුවක් සිදු වුණත් ඔහු දුන් පොරොන්දු එලෙසම ඉටු කරයි. ඔහු ණයකරුවන්ගෙන් පොලී අය නොකරයි.’ ඒ වගේ කෙනෙක්ට ගෞරවය කරන්න ඔයා පෙලඹෙන්නේ නැද්ද?

අනිත් අයගේ ගෞරවය දිනාගෙන හොඳ නමක් තියාගන්න උදව් වෙන තව ගුණාංගයක් තමයි නිහතමානීකම. “යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 15:33) සාමාන්‍යයෙන් නිහතමානී කෙනෙක් තමන්ගේ අඩුපාඩු හඳුනගෙන ඒවා හදාගන්න වෑයම් කරනවා, වරදක් වුණාම සමාව ඉල්ලනවා. (යාකොබ් 3:2) හැබැයි උඩඟු අය ඉක්මනින්ම කේන්තිගන්නවා. බයිබලයේ කියන්නේ “විනාශයට මුල උඩඟුකමය. වැටීමට හේතුව අහංකාර සිතකි” කියලයි.—හිතෝපදේශ 16:18.

කවුරු හරි ඔයාගේ නමට අපහාස කළොත් මොකද කරන්නේ? ‘කේන්තියෙන් වැඩ කළොත් මං ගැන කියලා තියෙන දේ තවත් පැතිරෙයිද’ කියලා හිතන්න. නීතිමය පියවරක් ගන්න අවස්ථාව තිබුණත් ඉක්මන් වෙන්න එපා. බයිබලයේ කියන්නේ ‘ඔබ හඳුනන කෙනෙකුට විරුද්ධව නඩුවක් දමන්න ඉක්මන් නොවන්න. යමෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වූ විට එය ඔහු සමඟ පමණක් කතා කර විසඳගන්න’ කියලයි. (හිතෝපදේශ 25:8, 9)a එහෙම කළොත් නඩුහබවලට වියදම් වෙන සල්ලිත් ඉතුරුයි.

අපේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් රැසක් බයිබලයේ තියෙනවා. හොඳ නමක් ඇති කරගන්නත් අනිත් අයගේ ගෞරවය දිනාගන්නත් ඒ මඟ පෙන්වීම් ඔයාට උදව් වෙයි.

a ප්‍රශ්න විසඳගන්න උදව් වෙන තවත් යෝජනා බයිබලයේ මතෙව් 5:23, 24 සහ 18:15-17 පදවල සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න