ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lv 254 පි.-255 පි. 3 ¶
  • ගනු දෙනු කිරීම්වලදී මතු වන ගැටලු විසඳාගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගනු දෙනු කිරීම්වලදී මතු වන ගැටලු විසඳාගැනීම
  • “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • සමාන තොරතුරු
  • සමාදානයෙන් සිටීමට වෑයම් කරන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ එකඟනොවීම් නිරාකරණය කරගන්නේ කෙසේද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මතභේද ආදරෙන් විසඳගන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබට පුළුවන්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
“දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
lv 254 පි.-255 පි. 3 ¶

උපග්‍රන්ථය

ගනු දෙනු කිරීම්වලදී මතු වන ගැටලු විසඳාගැනීම

සහෝදරයන් සහෝදරයන්ට විරුද්ධව නඩු කීමේ කාරණය ගැන 1 කොරින්ති 6:1-8හි පාවුල් සාකච්ඡා කළා. කොරින්තියේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන් ‘අධර්මිෂ්ඨ මිනිසුන් ඉදිරියට ගොස් නඩු කියන්න තරම් එඩිතර වීම’ ගැන ඔහු තම බලවත් කනගාටුව ප්‍රකාශ කළා. (1වෙනි පදය) යම් ප්‍රශ්න ඇති වුණොත් උසාවියකට ගොස් තම සහෝදරයන්ට විරුද්ධව නඩු කියනවා වෙනුවට සභාවේ පිහිටුවා තිබෙන සැලැස්ම මාර්ගයෙන් ඒවා විසඳාගැනීමට ප්‍රබල හේතු කිහිපයක් පාවුල් සඳහන් කළා. දෙවිගේ මඟ පෙන්වීමෙන් එම උපදෙස් ලබා දීමට හේතු හා එම උපදෙස් අනිවාර්යයෙන්ම අදාළ වෙනවා කියා පැවසිය නොහැකි අවස්ථාවන් කිහිපයක් ගැන දැන් සලකා බලමු.

සහෝදරයෙකු සමඟ ගනු දෙනුවක් කළ පසු යම් ගැටලුවක් මතු වුණොත් අප එය හැසිරවිය යුත්තේ අපට කැමති විදිහට නොව යෙහෝවා දෙවි කැමති විදිහට බව මතක තබාගත යුතුයි. (හිතෝපදේශ 14:12) යම් මතභේදයක් ඇති වන විට එය විශාල ප්‍රශ්නයක් වීමට පෙර ඉක්මනින්ම විසඳාගැනීමට පියවර ගත යුතු බව යේසුස් පැවසුවා. (මතෙව් 5:23-26) නමුත් කනගාටුවට කරුණක් නම් ඇතැම් ක්‍රිස්තියානීන් ඉතා විවාදශීලීව කටයුතු කරන අතර ප්‍රශ්නය විසඳාගැනීමට නඩු මඟට බැසීමයි. පාවුල් පැවසුවේ, “එකිනෙකාට විරුද්ධව මෙලෙස නඩු කීමෙන් ඔබට සිදු වන්නේ මහත් නින්දාවකි” කියායි. එසේ වන්නේ එවැනි නඩුවක් සභාවේ හා අප නමස්කාර කරන දෙවිගේ හොඳ නමට අහිතකරව බලපාන නිසයි. ඒ නිසා “සිදු වූ පාඩුව ඔබට දරාගත නොහැකිද” කියා පාවුල් ඇසූ ප්‍රශ්නය ගැන අප බැරෑරුම්ව සිතා බැලිය යුතුයි.—7වෙනි පදය.

පාවුල් පැහැදිලි කළේ මතු විය හැකි බොහෝ ගැටලු හා මතභේද විසඳාගැනීමට දෙවි සභාව තුළ හොඳ සැලැස්මක් පිහිටුවා ඇති බවයි. සභා වැඩිමහල්ලන්, ශුද්ධ ලියවිල්ලේ තිබෙන සත්‍යතාවන් ගැන අවබෝධයක් ඇති ප්‍රඥාවන්ත පුරුෂයන් කියා පැවසිය හැකියි. ඒ නිසා ‘මේ ජීවිතයට සම්බන්ධ යම් කාරණාවක් විසඳාගැනීමට විනිශ්චයකරුවන් ලෙස’ කටයුතු කිරීමට ඔවුන්ට හැකි බව පාවුල් පැවසුවා. (3-5 පද) යම් අපහාසයක් හෝ වංචාවක් හෝ ඒ හා සමාන බරපතළ දෙයක් සිදු වී ඇති අවස්ථාවක එය විසඳාගැනීමට පියවර තුනක් ගත යුතු බව යේසුස් පැහැදිලි කළා. මුල්ම පියවර ලෙස අදාළ පාර්ශ්වයන් ප්‍රශ්නය පෞද්ගලිකව විසඳාගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ පියවර අසාර්ථක වුණොත් දෙවෙනි පියවර ලෙස සාක්ෂිකරුවෙකු හෝ දෙදෙනෙකු සමඟ ගොස් එම ගැටලුව විසඳාගැනීමට උත්සාහ දැරිය යුතුයි. එම පියවරත් අසාර්ථක වුණොත් තුන්වෙනි පියවර ලෙස එම ගැටලුව සභාව නියෝජනය කරන වැඩිමහල්ලන්ට භාර දිය යුතුයි.—මතෙව් 18:15-17.

වැඩිමහල්ලන්ව පත් කර තිබෙන්නේ නීතිඥයන් හෝ ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කිරීමට නොවෙයි. ඒ නිසා යම් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇති අවස්ථාවකදී කළ යුතු දේ තීරණය කරන්නේ ඔවුන් නොවෙයි. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කරන්නේ අදාළ පාර්ශ්වයන්ට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමට හා ගැටලුව සාමකාමී ලෙස නිරාකරණය කරගැනීමට උපකාර ලබා දීමටයි. ගැටලුව ඉතා සංකීර්ණ වන අවස්ථාවලදී වැඩිමහල්ලන්ට චාරිකා සේවකගෙන් හෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් යම් මඟ පෙන්වීම් ලබාගත හැකියි. නමුත් පාවුල් ලබා දුන් උපදෙස් අදාළ නොවන යම් අවස්ථාද තිබෙනවා. ඒවායින් කිහිපයක් ගැන දැන් සලකා බලමු.

ඇතැම් අවස්ථාවලදී යම් කාරණයක් අවසන් කිරීම සඳහා නීතික පියවර ගැනීම අනිවාර්ය විය හැකියි. උදාහරණයකට දික්කසාදයක් සිදු කිරීම, දරුවන්ගේ භාරකාරත්වය ලබාගැනීම, වෙන් වීමෙන් පසු ගෙවන නඩත්තු මුදල තීරණය කිරීම, රක්ෂණ වන්දි ලබාගැනීම, ව්‍යාපාරයක් බංකොලොත් වූ විට ආයෝජනය කළ මුදල ලබාගැනීම, අවසන් කැමති පත්‍රය වලංගු කිරීම යනාදි දේවල් සඳහා නඩු මඟට බසින්න සිදු වෙනවා. එමෙන්ම ඉහත සඳහන් හේතුවක් නිසා තමාට විරුද්ධව නඩුවක් කියන අවස්ථාවලදී තම ආරක්ෂාව සඳහා සහෝදරයෙකුට නීතියේ උපකාර පැතීමට සිදු විය හැකියි.a

කෙසේවෙතත් එවැනි නීතික පියවර විවාදශීලී ස්වභාවයකින් කළොත් පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් ලබා දුන් උපදෙස්වල වැදගත්කම තේරුම්ගෙන ඇති බව කිව නොහැකියි.b සෑම ක්‍රිස්තියානියෙකුම මුල් තැන දිය යුත්තේ යෙහෝවා දෙවිගේ නාමයට කැළැලක් ඇති නොවන අන්දමින් කටයුතු කිරීමට හා සභාවේ සාමය හා සමඟිය රැකගැනීමටයි. යේසුස්ගේ අනුගාමිකයන්ගේ ප්‍රධානතම ගතිලක්ෂණය ප්‍රේමයයි. “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා . . . තමාගේම වාසිය සොයන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5; යොහන් 13:34, 35.

a කලාතුරකින් ක්‍රිස්තියානියෙක් තවත් ක්‍රිස්තියානියෙකුට විරුද්ධව ඉතා බරපතළ අපරාධයක් සිදු කළ හැකියි. උදාහරණ ලෙස ස්ත්‍රී දූෂණයක්, දරුණු පහර ගැසීමක්, මිනී මැරීමක් හෝ බරපතළ සොරකමක් සඳහන් කළ හැකියි. එවැනි අවස්ථාවකදී ඒ අපරාධය ගැන බලධාරීන්ට දැනුම් දීමෙහි කිසි වරදක් නැහැ. එසේ කිරීමෙන් තම සහෝදරයාට විරුද්ධව නඩු කීමට සිදු වන නිසා ඒ ගැන බලධාරීන්ට දැනුම් දීම ක්‍රිස්තියානීන්ට නුසුදුසු දෙයක් කියා නොසිතන්න.

b වැඩි විස්තර සඳහා 1997 මාර්තු 15 මුරටැඹ කලාපයේ 17-22 දක්වා පිටුවල හා 1992 ජූනි 1 මුරටැඹ කලාපයේ 25-28 දක්වා පිටුවල සඳහන් තොරතුරු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න