ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 38 පාඩම
  • ජීවිතේ කියන්නේ තෑග්ගක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතේ කියන්නේ තෑග්ගක්
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • ගබ්සාව
    2017 පිබිදෙව්!
  • ගබ්සාව—පිළිතුර එයද?
    1995 පිබිදෙව්!
  • ගබ්සාව විසඳුමක්ද?
    2009 පිබිදෙව්!
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 38 පාඩම
38වෙනි පාඩම. සැමියෙක් සහ බිරිඳක් එයාලාගේ බබාව තුරුලු කරගෙන ඉන්නවා.

38වෙනි පාඩම

ජීවිතේ කියන්නේ තෑග්ගක්

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

ජීවිතේ කියන්නේ හරිම ලස්සන දෙයක්. අපි ප්‍රශ්නවලට මුහුණ දුන්නත් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ජීවිතේ කියන තෑග්ග අපිට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ජීවිතේ අගය කරන්න ඕනෙ වැදගත්ම හේතුව මොකක්ද?

1. අපි ජීවිතේ අගය කරන්න ඕනෙ ඇයි?

ජීවිතේ කියන්නේ අපේ ආදරණීය තාත්තා වන යෙහෝවාගෙන් අපිට ලැබුණ තෑග්ගක්. අපි ජීවිතේ අගය කරන්න ඕනෙ ප්‍රධානම හේතුව ඒකයි. ඔහු තමයි “ජීවිතයේ උල්පත.” ඒ කියන්නේ ඔහු තමයි හැම දෙයක්ම නිර්මාණය කළේ. (ගීතාවලිය 36:9) “හැම කෙනෙක්ටම ජීවිතයත් හුස්මත් අනිත් හැම දේමත් දෙන්නේ ඔහුයි.” (ක්‍රියා 17:25, 28) යෙහෝවා අපිව නිර්මාණය කළා විතරක් නෙමෙයි අපේ ජීවිතේ පවත්වගෙන යන්න අවශ්‍ය හැම දෙයක්මත් අපිට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතේ සතුටින් ගත කරන්න ඕනෙ හැම දෙයක්මත් ඔහු ලබා දෙනවා.—ක්‍රියා 14:17 කියවන්න.

2. යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑග්ග අපිට වටිනවා කියලා පෙන්නන්නේ කොහොමද?

ඔයාව පිළිසිඳගත්ත මොහොතේ ඉඳලාම යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වුණා. දෙවියන්ගේ සේවකයෙක් යාච්ඤාවකදී කියපු දෙයක් ඔහු බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. එයා කිව්වා “මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා” කියලා. (ගීතාවලිය 139:16) ඔයාගේ ජීවිතේ යෙහෝවාට ගොඩක් වටිනවා. (මතෙව් 10:29-31 කියවන්න.) කෙනෙක් තමන්ගේ හරි තව කෙනෙක්ගේ හරි ජීවිතේට හිතාමතාම හානියක් කළොත් ඒක යෙහෝවාට ලොකු දුකක්.a (නික්මයාම 20:13) අපේ ජීවිතේ අනතුරේ වැටෙන දේවල් කරද්දී නැත්නම් අනිත් අයගේ ජීවිත ගැන කිසිම සැලකිල්ලක් නැතුව අපි වැඩ කරද්දී යෙහෝවාට ලොකු දුකක් දැනෙනවා. හැබැයි අපි අපේ ජීවිතේ වගේම අනිත් අයගේ ජීවිත ආරක්ෂා වෙන විදිහට වැඩ කරද්දී ජීවිතේ කියන තෑග්ග අපිට ගොඩක් වටිනවා කියලා අපි පෙන්නනවා.

තවත් හොයමු

ජීවිතේ කියන තෑග්ග ඔයාට වටිනවා කියලා පෙන්නන්න පුළුවන් සමහර පැති ගැන බලන්න.

3. ඔයාගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න

යෙහෝවා දෙවියන් කැමති දේ කරන්න අපි පොරොන්දු වෙලා තියෙන නිසා අපි අපේ මුළු ජීවිතේම පාවිච්චි කරන්නේ ඔහුට සේවය කරන්න. ඒක හරියට අපි අපේ ශරීරය ඔහුට පූජාවක් හැටියට දෙනවා වගේ. රෝම 12:1, 2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයාගේ සෞඛ්‍යය ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

  • ඔයාට ඒක කරන්න පුළුවන් සමහර විදි මොනවාද?

බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් දොස්තර එක්ක කතා කරනවා.

4. අනතුරු සහ ජීවිත හානි වළක්වගන්න

අනතුරුදායක දේවල් කරන්න එපා කියලා බයිබලයේ අපිට කියනවා. ජීවිතේ ආරක්ෂා කරගන්න කරන්න පුළුවන් සමහර දේවල් ගැන දැනගන්න වීඩියෝ එක බලන්න.

වීඩියෝ: ‘ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න’ (8:34)

හිතෝපදේශ 22:3 කියවලා මේ අවස්ථාවලදී ඔයාගෙයි, අනිත් අයගෙයි ආරක්ෂාව ගැන හිතලා වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා කතා කරන්න.

  • ගෙදරදී.

  • වැඩපොළේදී.

  • සෙල්ලම් කරද්දී.

  • වාහනයක් එළවද්දී නැත්නම් වාහනයක යද්දී.

කෙනෙක් වාහනේ ආසන පටිය දාගන්නවා.

5. නූපන් දරුවෙක්ගේ ජීවිතේට අනතුරක් කරන්න එපා

බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් එයාගේ බඩ ආදරෙන් අතගානවා.

මව්කුසේ දරුවෙක් වැඩෙද්දී එයා ගැන හැම දෙයක්ම යෙහෝවා දකිනවා කියලා දාවිත් ලස්සනට විස්තර කළා. ගීතාවලිය 139:13-17 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා දකින විදිහට කෙනෙක්ගේ ජීවිතේ පටන්ගන්නේ පිළිසිඳගන්න වෙලාවේද? නැත්නම් ඉපදෙන වෙලාවේද?

අම්මලාගේ සහ නූපන් දරුවන්ගේ ජීවිත ආරක්ෂා වෙන විදිහේ නීති යෙහෝවා දෙවියන් අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟට දීලා තිබුණා. නික්මයාම 21:22, 23 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා නූපන් දරුවෙක්ගේ ජීවිතේට හානියක් වුණොත් යෙහෝවා ඒ කෙනාව සැලකුවේ කොහොමද?

  • කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් හිතාමතාම කළා නම් දෙවියන් ඒක සලකන්නේ කොහොමද?b

  • දෙවියන් හිතන විදිහ ගැන ඔයා හිතන්නේ මොකක්ද?

වීඩියෝ එක බලන්න.

වීඩියෝ: ‘දෙවි වගේ ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න’ (5:00)

ජීවිතේ වටිනා දෙයක් විදිහට සලකන කාන්තාවකට වුණත් හිතෙන්න පුළුවන් ගබ්සාවක් කරන එක ඇර වෙන විසඳුමක් නැහැ කියලා. යෙසායා 41:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ගබ්සාවක් කරගන්න කියලා අනිත් අය බලපෑම් කරනවා නම් එයාට උදව් ගන්න පුළුවන් කාගෙන්ද? එහෙම කියන්නේ ඇයි?

සමහරු මෙහෙම කියනවා: “සමහර වෙලාවට ගබ්සාවක් කරන එක තමයි එකම විසඳුම.”

  • යෙහෝවාට අම්මාගේ වගේම නූපන් දරුවාගේ ජීවිතෙත් වටිනවා කියලා ඔයාට විශ්වාස ඇයි?

ඉගෙනගත්ත දේ

යෙහෝවාගෙන් තෑග්ගක් විදිහට ලැබිලා තියෙන ජීවිතේට ආදරේ කරන්න, ඒකට ගරු කරන්න, ඒක ආරක්ෂා කරගන්න කියලා බයිබලයේ අපිට කියනවා. අපේ වගේම අනිත් අයගේ ජීවිත ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • මිනිස්සුන්ගේ ජීවිත යෙහෝවාට වටින්නේ ඇයි?

  • කෙනෙක් හිතාමතා තව කෙනෙක්ගේ ජීවිතේට හානියක් කරද්දී ඒ ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?

  • ජීවිතේ කියන තෑග්ග ඔයා ගොඩක් අගය කරන්නේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ජීවිතේ කියන තෑග්ග දුන්නාට යෙහෝවාට ස්තුති කරන්න පුළුවන් කොහොමද?

‘ගීතිකා අංක 141 - ජීවිතය සැබෑම ත්‍යාගයක්’ (2:41)

ගබ්සාවක් කරගත්ත කාන්තාවකට දෙවියන් සමාව දෙයිද කියන ප්‍රශ්නයට උත්තර දැනගන්න.

“ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?” (වෙබ් ලිපිය)

දෙවියන් ජීවිතේ ගැන හිතන විදිහ දැනගෙන ඉන්න එක විනෝදයට තෝරගන්න දේවලට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න.

“අනතුරුදායක ක්‍රීඩාවල ඔබ නිරත විය යුතුද?” (2000 ඔක්තෝබර් 8 ‘පිබිදෙව්!’)

ජීවිතේ නැති කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?” (වෙබ් ලිපිය)

a මානසිකව වැටිලා, කලකිරිලා ඉන්න අය ගැන යෙහෝවා ගොඩක් සැලකිලිමත් වෙනවා. (ගීතාවලිය 34:18) ඒ වගේ කෙනෙක්ට සමහර වෙලාවට එයාගේ ජීවිතේ නැති කරගන්න වුණත් හිතෙන්න පුළුවන් කියලා දෙවියන් තේරුම්ගන්නවා. ඔහුට ඕනෙ ඒ වගේ අයට උදව් කරන්න. ඒ වගේ සිතුවිලි අයින් කරගන්න දෙවියන් උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න “සිය දිවි හානි කරගන්න හිතෙන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙයිද?” කියන ලිපිය බලන්න. ඒ ලිපිය “තව දැනගන්න” කියන කොටසෙත් සඳහන් වෙනවා.

b ගබ්සාවක් කරලා තියෙන කෙනෙක් ඒ ගැන දැන් ඕනෑවට වඩා හිතලා කලකිරෙන්න ඕනෙ නැහැ. ඒ ගැන පසුතැවෙන අයට යෙහෝවා දෙවියන් සමාව දෙනවා. ඒ ගැන තව තොරතුරු දැනගන්න “ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න. ඒ ලිපිය “තව දැනගන්න” කියන කොටසේ සඳහන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න