ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 57-59 පි.
  • නිහතමානිකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානිකම
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 57-59 පි.

නිහතමානිකම

නිහතමානී අය ගැනයි, උඩඟු අය ගැනයි යෙහෝවා හිතන්නේ කොහොමද?

ගීතා 138:6; හිතෝ 15:25; 16:18, 19; 22:4; 1පේතෘ 5:5

හිතෝ 29:23; යෙසා 2:11, 12ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 26:3-5, 16-21—උසියා රජ උඩඟු වෙලා දෙවියන්ගේ නීතිය කැඩුවා. එයාට උපදෙස් දෙද්දී කේන්ති ගත්තා. දෙවියන් එයාට දඬුවම් කරපු නිසා එයාට ලාදුරු රෝගය හැදුණා

    • ලූක් 18:9-14—උඩඟු අයගේ යාච්ඤා ගැනයි, නිහතමානී අයගේ යාච්ඤා ගැනයි යෙහෝවාට හැඟෙන විදිහ යේසුස් උදාහරණෙකින් පෙන්නුවා

නිහතමානී වෙලා අවංකවම පසුතැවෙන අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද?

2ලේක 7:13, 14; ගීතා 51:2-4, 17

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 12:5-7—රෙහබෝවම් සහ යූදාවල අධිපතීන් යෙහෝවා ඉස්සරහා නිහතමානී වුණ නිසා යෙරුසලම විනාශ වෙන්න ඔහු ඉඩ දුන්නේ නැහැ

    • 2ලේක 32:24-26—හෙසකියා උඩඟු විදිහට වැඩ කළත් පස්සේ නිහතමානී වුණා. යෙහෝවා එයාට සමාව දුන්නා

අනිත් අය එක්ක ආදරෙන් ඉන්න නිහතමානිකම උදව් වෙන්නේ කොහොමද?

එෆී 4:1, 2; ෆිලි 2:3; කොලො 3:12, 13

  • බයිබල් සිද්ධීන්:

    • උත් 33:3, 4—යාකොබ්ගේ අයියා ඒසව් එයාට හතුරුකම් කරලා තිබුණත් එයාව හම්බ වෙද්දී යාකොබ් ගොඩක් නිහතමනීව වැඩ කළා. ඒ නිසා ඒසව්ගේ තරහ නිවිලා ගියා

    • විනි 8:1-3—විනිශ්චයකරු ගිඩියොන් කේන්තියෙන් හිටිය එෆ්‍රායිම් ගෝත්‍රයේ අයට කිව්වා එයාලා එයාට වඩා ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා. ඒකෙන් එයාලාගේ කේන්තිය නිවිලා ගියා

නිහතමානී වෙන එක හුඟක් වැදගත් කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

මතෙ 18:1-5; 23:11, 12; මාක් 10:41-45

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 53:7; ෆිලි 2:7, 8—කියලා තිබුණ විදිහටම යේසුස් පොළොවට ඇවිත් නිහතමානීව ඔහුගේ පැවරුම කළා. ගොඩක් නින්දා අපහාස විඳලා වේදනාකාරී මරණයකටත් මූණ දුන්නා

    • ලූක් 14:7-11—කෑමකට යද්දී හොඳම ආසනවල ඉඳගන්න හදන අය ගැන කියපු උදාහරණෙන් යේසුස් පෙන්නුවේ නිහතමානී වෙන එක කොච්චර වැදගත්ද කියලා

    • යොහ 13:3-17—කකුල් හෝදන එක සාමාන්‍යයෙන් කළේ සේවකයෙක්. ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගේ කකුල් හෝදලා නිහතමානිකම ගැන හොඳ ආදර්ශයක් තිබ්බා

යෙහෝවා අපි ගැනයි, අනිත් අය ගැනයි හිතන විදිහට හිතන්න පුරුදු වෙන එක නිහතමානී වෙන්න උදව් වෙන්නේ කොහොමද?

රෝම 12:3, 16; 1කොරි 4:7; ෆිලි 2:3, 4

අපි නිහතමානී අය කියලා මවාපාන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

මතෙ 6:16-18; කොලො 2:18, 23

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න