ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 12 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මස් කන එක වැරදිද?
    1997 පිබිදෙව්!
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 12 පි.

ඔබ දැන සිටියාද?

දේවතා රූපවලට පූජා කළ මස් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

▪ “මස් විකුණන ස්ථානයක තිබෙන ඕනෑම දෙයක් කෑමට ගන්න ඔබට පුළුවන. නමුත් ඒ ගැන විමසීමෙන් වළකින්න. එවිට ඔබේ හෘදය සාක්ෂියට එය බලපාන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 10:25) ඉහත සඳහන් මස් විකුණන ස්ථානවලට මස් ලැබුණේ කොහෙන්ද?

දේවාලවල සතුන්ව පූජා කිරීම ග්‍රීකවරුන්ගේ සහ රෝමවරුන්ගේ ආගමික වතාවත් අතර ප්‍රධාන තැනක් ගත්තා. කොහොමවුණත් එලෙස පූජා කළ සත්වයාගේ සියලුම කොටස් අනුභව කෙරුණේ නැහැ. ඒ නිසා ඉතුරු වූ කොටස් වෙළඳපොළට යවනු ලැබුවා. ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘ආගමික වතාවත් පවත්වන අය පූජාවක් වෙනුවෙන් සතෙකුව මැරූ විට ඒ වෙනුවෙන් ඔවුන්ට යම් මස් ප්‍රමාණයක් දෙනු ලැබූ අතර ඔවුන් ඒවා වෙළඳපොළේදී අළෙවි කළා.’—Idol Meat in Corinth.

එමනිසා වෙළඳපොළේ අළෙවි කළ සියලුම මස් ආගමික වතාවත්වලදී ඉතුරු වූ මස් කියා පවසන්න බැහැ. උදාහරණයකට පොම්පෙයි නගරයේ පුරාණ මස් වෙළඳසැලක කරන ලද කැණීම්වලින් බැටළුවන්ගේ සම්පූර්ණ ඇටසැකිලි ලැබී තිබෙනවා. ඒ අනුව “වෙළඳපොළවල පණ පිටින් සතුන්ව අළෙවි කළ බව හෝ වෙළඳපොළේදීම සතුන්ව මැරූ බව හෝ දේවාලවල පූජා කළ සතුන්ගේ මස් විකුණා තිබෙන බව සිතිය හැකියි” කියා විශාරදයෙක් වූ හෙන්රි ජේ. කැඩ්බෙරි පැවසුවා.

බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම බයිබලයේ තහනම් කර තිබුණත් ක්‍රිස්තියානීන්ට දේවාලවල පූජා කළ සතුන්ගේ මස් කෑම තහනම් කර නැහැ.

යුදෙව්වන් සහ සමරිතානුවන් අතර අමනාපයක් තිබුණේ ඇයි?

▪ “සමරිතානුවරුන් හා යුදෙව්වන් අතර කිසිම ගනු දෙනුවක් නොතිබූ” බව බයිබලයේ සඳහන් වෙනවා. (යොහන් 4:9) පෙනෙන ආකාරයට එවැනි අමනාපයක් ඇති වී තිබෙන්නේ “යෙරොබොවම් රජ” උතුරු දස ගෝත්‍ර රාජ්‍යය තුළ වසු නමස්කාරය පිහිටුවීමත් සමඟ විය හැකියි. (1 රාජාවලිය 12:26-30) සමරිතානුවන් වාසය කළේ ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ අගනුවර වූ සමාරියෙයි. ක්‍රිස්තු පූර්ව 740දී ඇසිරියානුවන් දස ගෝත්‍ර රාජ්‍යය යටත් කරගත් පසු විදේශිකයන්ව සමාරියේ පදිංචි කෙරෙව්වා. ඒ විදේශිකයන් සමරිතානුවන් සමඟ විවාහ වූ නිසා සමරිතානුවන්ගේ ආගමික වතාවත් තවත් දූෂිත වුණා.

ඉන් සියවස් ගණනාවකට පසුව බැබිලෝනියෙන් නිදහස් වී පැමිණි ඊශ්‍රායෙල්වරුන් යෙරුසලමේ පවුරු සහ දෙවිගේ මාලිගාව ගොඩනැඟීමට පටන්ගත් විට සමරිතානුවන් ඊට විරුද්ධ වුණා. (එස්රා 4:1-23; නෙහෙමියා 4:1-8) සමරිතානුවන් හා යුදෙව්වන් අතර තිබූ අමනාපය තවත් උග්‍ර වුණේ ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී පමණ සමරිතානුවන් ඔවුන්ටම කියා දේවමාලිගාවක් ගෙරිසීම් කන්දේ පිහිටුවාගැනීමත් සමඟයි.

යේසුස්ගේ කාලයේදී “සමරිතානුවරයෙක්” යන යෙදුමෙන් කෙනෙකුගේ මනසට නැඟුණේ සමාරියේ ජීවත් වූ කෙනෙකුව නොවෙයි. ඒ වෙනුවට වෙනස්ම ආකාරයේ ආගමික කණ්ඩායමකට අයත් කෙනෙකුවයි. ඇත්තෙන්ම ගෙරිසීම් කන්දේ නමස්කාර කළ සමරිතානුවන් ගැන යුදෙව්වන්ට තිබුණේ පහත් ආකල්පයක්.—යොහන් 4:20-22; 8:48.

[12වන පිටුවේ පින්තූරය]

සතෙකුව පූජා කරන අයුරු දැක්වෙන ක්‍රිස්තු වර්ෂ හයවන සියවසට අයත් තැටියක්

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris

[12වන පිටුවේ පින්තූරය]

යෙරොබොවම් වසු නමස්කාරයේ හවුල් වෙමින්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න