ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 8/15 8 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ක්‍රිස්තියානි පක්ෂපාතකම පෙන්වීම
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අදදින දෙවියන් වහන්සේගේ දයාව අනුකරණය කරන්න
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 8/15 8 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ දරුවෙක් එක්ක දෙමව්පියන් රැස්වීම්වලදී එකට ඉඳගන්න එක සුදුසුද?

දෙමව්පියන් එක්ක ජීවත් වෙන සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු බාල වයස්කාර දරුවෙකුට, නැවත දෙවිට ළං වෙන්න උදව් කරන්න පුළුවන් විදි ගැන මීට කලිනුත් මුරටැඹ සඟරාවල කතා කරලා තියෙනවා. උදාහරණයකට, ඒ වගේ දරුවෙක් එක්ක බයිබල් පාඩමක් වුණත් කරන්න දෙමව්පියන්ට පුළුවන් කියලා 2001 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ 16-18 පිටුවල සඳහන් වෙනවා. එහෙමනම් ඒ වගේ දරුවෙක් එක්ක රැස්වීම්වලදී එකට වාඩි වුණාට කමක් නැද්ද?

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනෙක් රැස්වීම්වලදී පිටිපස්සේ පේළිවල ඉඳගන්න ඕනෙ කියලා නීතියක් නැහැ. අනිත් අයට වගේම ඒ කෙනාටත් ඕනෙම තැනක වාඩි වෙන්න පුළුවන්. ඒ නිසා සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු දරුවෙකුටත් තමන්ගේ දෙමව්පියන් එක්ක ඉඳගන්න එක වරදක් නැහැ. දරුවා වෙනම තැනක වාඩි වෙලා ඉන්නවට වඩා තමන් ළඟ ඉඳගෙන හිටියොත් ඒ දරුවා රැස්වීම්වලින් ප්‍රයෝජන ගන්නවද කියලා අවධානයෙන් ඉන්න දෙමව්පියන්ට පුළුවන්.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු බාල වයස්කාර දරුවා, දෙමව්පියන් එක්ක ජීවත් වෙන කෙනෙක් නෙවෙයි නම් ඒ දරුවට දෙමව්පියන් ළඟ ඉඳගන්න පුළුවන්ද? එකම ගෙදර ජීවත් වෙන්නේ නැති සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු පවුලේ සාමාජිකයෙක් එක්ක ඇසුරු කරන විදිහ ගැන මීට කලින් අපේ ප්‍රකාශනවල සඳහන් කරලා තියෙනවා.a ඒ වුණත් රැස්වීම්වලදී ඒ වගේ දරුවෙක් තමන්ගේ පවුලේ අය ළඟ නිශ්ශබ්දව වාඩි වෙලා ඉන්න එකයි, පවුලේ අය ඒ දරුවා එක්ක අනවශ්‍ය විදිහට ආශ්‍රය කරන එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනා එක්ක ආශ්‍රය කරන එක ගැන බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට පවුලේ අය කීකරු වෙන්න ඕනෙ.—1 කොරි. 5:11, 13; 2 යොහ. 11.

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනෙක් රැස්වීම්වලදී නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ ඉඳගෙන ඉන්නවා නම්, එයා නෑදෑයෙක් ළඟ ඉඳගත්තත් වෙන කෙනෙක් ළඟ ඉඳගත්තත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ගැන නීතියක් දාන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙමනම් වැදගත් වෙන්නේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු කෙනාගේ පවුලේ අය ඇතුළු සභාවේ ඉන්න අනිත් හැමෝම ඒ කෙනා එක්ක ආශ්‍රය කරන විදිහ ගැන බයිබලයේ සඳහන් උපදෙස් පිළිපදින එකයි. ඒ ඇරෙන්න කවුරුත් බාධාවට පත් වෙන්නේ නැත්නම් ඒ කෙනා ඉඳගන්නේ කොහෙද කියන එක ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නැහැ.

a දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න නමැති පොතේ 237-239 දක්වා පිටු බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න