ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 10/1 3 පි.
  • කියවන්න වටින පොතක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කියවන්න වටින පොතක්!
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බයිබලයේ තියෙන දේ දැනගන්න ඕනෙද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තේරුම්ගන්න පුළුවන්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි අනුමත කරන සත්‍යය සොයාගත හැකි තැන
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය දෙවියන්ගෙන් ලැබුණ පොතක්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 10/1 3 පි.

මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

කියවන්න වටින පොතක්!

ලොව පුරා වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත බයිබලයයි. බයිබලය ඒ තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇයි? එක හේතුවක් තමයි අපි වගේ මිනිසුන්ගේ ජීවිත අද්දැකීම් බයිබලයේ තියෙන එක. ඒ වගේම මිනිසුන්ට දෙවියන් එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද කියලත් ඒකේ තියෙනවා. ඒ නිසා බයිබලයෙන් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. බයිබලය ලියලා තියෙන්නේ සරලව හා පැහැදිලිවයි. භාෂා ගණනකට ඒක පරිවර්තනය කරන්නත් ඕනම කෙනෙක්ට ඒක කියවලා තේරුම්ගන්නත් පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. බයිබලයේ තියෙන වටිනා ප්‍රතිපත්ති එදාට වගේම අදටත් අදාළයි.

බයිබලය දෙවියන් ගැන තොරතුරු හෙළි කරන පොතක් විතරක් නෙමෙයි දෙවියන්ගෙන්ම ලැබුණු පොතක්. ඔහුගේ නම, පෞද්ගලිකත්වය වගේම ඔහු මිනිසුන්ව හා පොළොව නිර්මාණය කරපු හේතුවත් ඒකේ තියෙනවා. ඒ වගේම යහපත හා නපුර අතර අතීතයේ ඉඳලා තිබුණු අරගලය අවසන් කරමින් යහපත ජය ගන්න විදිහත් බයිබලයේ තියෙනවා. ඒ නිසා විවෘත මනසකින් බයිබලය කියවන කෙනෙකුට දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්නත් බලාපොරොත්තුවක් ඇති කරගන්නත් පුළුවන්.

බයිබලයේ තියෙන තොරතුරු වෙන කොහෙන්වත් හොයාගන්න බැහැ. උදාහරණයකට:

  • මිනිසුන්ගේ ආරම්භය හා මිනිසුන් දුක් වේදනා විඳීමට හේතුව

  • මිනිසුන්ව ගලවගන්න දෙවියන් කරපු දේ

  • යේසුස් අපි වෙනුවෙන් කරපු දේ

  • මිනිසුන්ගේ හා මේ පොළොවේ අනාගතය

ඊළඟ ලිපි කියවලා බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා දැනගන්න ඔබ කැමතිද?

බයිබලය ගැන තොරතුරු බිඳක්

  • තේමාව: දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන රාජ්‍යය මගින් පොළොවේ ධර්මිෂ්ඨ, සාමකාමී සමාජයක් බිහි කිරීම

  • බයිබලයේ පොත්: හෙබ්‍රෙව් භාෂාවෙන් පොත් 39යි. (සමහර කොටස් ඇරමයික භාෂාවෙන්) ග්‍රීක භාෂාවෙන් පොත් 27යි

  • ලිව්වේ: ලේඛකයන් 40දෙනෙක්. ලියන්න අවුරුදු 1,600කට වඩා ගත වුණා. (ක්‍රි.පූ. 1513–ක්‍රි.ව. 98 පමණ)

  • භාෂා: සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 2,500කට වඩා වැඩි ගණනකට පරිවර්තනය කරලා තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න