මුල් පිටුවෙන්: උදාර මිනිසෙක්
ඔහු නමින් මෝසෙස්
ඈත අතීතයේ ජීවත් වුණු මෝසෙස් ගැන ඔයා අහලා තියෙනවාද? එහෙමනම් ඔයා මේ දේවල් ගැන දන්නවා ඇති.
මෝසෙස් බිලිඳෙක්ව ඉද්දී එයාගේ අම්මා එයාව කූඩයක දාලා නයිල් ගං ඉවුරේ හැංගුවා.
ඊජිප්තුවේ රජුගේ දියණිය මෝසෙස්ව පුතෙක් වගේ හදා වඩා ගත්තත් තමා ඊශ්‍රායෙල් ජාතිකයෙක් බව එයා අමතක කළේ නැහැ.
මෝසෙස් අවුරුදු 40ක් තිස්සේ මිදියන් දේශයේ එඬේරෙක් විදිහට ජීවත් වුණා.
මෝසෙස් ඇවිළෙමින් තිබුණු පඳුර ළඟ ඉඳලා යෙහෝවා දෙවියන්a එක්ක කතා කළා.
ඊශ්‍රායෙල්වරුන්ව වහල්කමින් නිදහස් කරන්න කියලා එයා නිර්භීතව ඊජිප්තුවේ රජුගෙන් ඉල්ලුවා.
ඊජිප්තුවේ රජු සැබෑ දෙවියන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා දෙවියන් ඊජිප්තුවට ගේන්න යන පීඩා දහය ගැන එයා රජුට කිව්වා.
මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගෙන ආවා.
එයා රතු මුහුද දෙබෑ කළා.
මෝසෙස් දෙවියන් දීපු දසපනත ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා.
ක්‍රිස්තියානි, ඉස්ලාම් හා යුදෙව් භක්තිකයන් මෝසෙස්ව හරි ඉහළින් සලකන එක පුදුමයක්ද!
යෙහෝවා දෙවියන් මෝසෙස් මාර්ගයෙන් හුඟක් ආශ්චර්යයන් කළා. ඒ නිසයි ‘බොහෝ පුදුම ක්‍රියා කරපු’ කෙනෙක් විදිහට මෝසෙස්ව හඳුන්වලා තියෙන්නේ. (ද්විතීය කතාව 34:10-12) හැබැයි අතීතයේදී දෙවියන්ට නමස්කාර කරපු අනිත් අය වගේම මෝසෙසුත් ‘අප හා සමාන හැඟීම් තිබුණු මිනිසෙක්.’ (යාකොබ් 5:17) අද අපි මුහුණ දෙනවා හා සමාන ප්‍රශ්න ගැටලුවලට එදා මෝසෙස්ටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් දෙවියන් කෙරෙහි එයාට තිබුණු විශ්වාසය නිසාත් එයා නිහතමානී කෙනෙක් වුණු නිසාත් දෙවියන්ටත් අන් අයටත් ප්‍රේම කළ නිසාත් එයාට නොසැලී ඉන්න පුළුවන් වුණා.
ඒ පැතිවලින් අපිට මෝසෙස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා බලමු.
a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.