ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 අගෝස්තු 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ක්‍රිස්තුස්වහන්සේට පෙර ව්‍යවස්ථාව
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මනුෂ්‍යයෙකු අපවිත්‍ර වන්නේ කුමකින්ද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • 5 දෙවි සෑම නමස්කාරයක්ම පිළිගන්නවා එය සත්‍යයක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 අගෝස්තු 30 පි.
පරිසිවරයෙක් චාරිත්‍රයට අනුව අත් සෝදන අතරේ එහෙම නොකර කෑම කන කෙනෙක් දිහා අමුතු විදිහට බලමින්

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අත් සේදීම යේසුස්ගේ සතුරෝ ලොකු ප්‍රශ්නයක් කරගත්තේ ඇයි?

යේසුස්ගෙත් ගෝලයන්ගෙත් වරදක් අල්ලගන්න බලාගෙන හිටිය සතුරෝ ඔහුට චෝදනා කරපු එක කාරණයක් තමයි අත් සේදීම. ශරීරයෙන් යම් ශ්‍රාවයක් පිට වුණාම, ලාදුරු වැලඳුණාම, මළ සිරුරක් ස්පර්ශ වුණාම පවිත්‍ර වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා මෝසෙස්ට දීපු නීතියේ සඳහන් වුණා. ඒ වගේම අපවිත්‍ර දේවල් අයින් කරන්න ඕනෙ කොහොමද කියලත් නීති තිබුණා. පූජා ඔප්පු කරලා, සෝදලා නැත්නම් වතුර ඉහලා ඒක කරන්න පුළුවන් කියලා නීතියේ සඳහන් වුණා.—ලෙවී. 11–15 පරි.; ගණන්. 19 පරි.

නීතියේ තිබුණ ඒ කාරණා ලොකු කරගත්ත යුදෙව් රබ්බිවරු ඒවාට තවත් හුඟක් දේවල් එකතු කළා. ඒ ගැන පොතක මෙහෙම කියනවා. ‘කෙනෙක් අපවිත්‍ර වෙන්නේ කොහොමද, එයා නිසා තව කෙනෙක් අපවිත්‍ර වෙන්නේ කොහොමද, කොච්චර දුරකටද, අපවිත්‍ර වෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ භාජනද, පවිත්‍ර වෙන්න අනුගමනය කරන්න ඕනෙ මොන වගේ වත්පිළිවෙත්ද වගේ කාරණා ගැන එයාලා අන්තයටම ගියා.’

සතුරන් එක අවස්ථාවක යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබේ ගෝලයන් පුරාණයේ සිටි මිනිසුන් ඇති කරගත් සම්ප්‍රදායන්ට ගරු කරන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන්නේ ඇයි?” (මාක් 7:5) එයාලා එහෙම ඇහුවේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා නෙමෙයි. කෑමට කලින් අත්වලට වතුර වත් කරන එක එයාලා චාරිත්‍රයක් කරගෙන තිබුණ නිසයි. කලින් පොතේ සඳහන් මේ දෙයින් ඒක පැහැදිලියි. “වතුර වත් කරන්න පාවිච්චි කරන්න ඕනෙ මොන වගේ භාජනද, සුදුසු මොන වතුරද, වතුර වත් කරන්නේ කවුද, අතේ කොයි තරම් ප්‍රමාණයක් හෝදන්න ඕනෙද කියන කාරණා ගැන ඒ අය අතර නිතරම වාද ඇති වුණා.”

මිනිසුන් හදාගත්ත නීති ගැන යේසුස් හිතපු විදිහ ඔහු සතුරන්ට කියපු මේ දෙයින් පැහැදිලියි. “ඔබ සැමගේ කුහකකම මොන තරම්ද! යෙසායා ඔබ ගැන පළ කළ අනාවැකිය ඔබට හොඳින්ම ගැළපෙනවා. එහි ලියා තිබෙන්නේ මෙයයි. ‘මේ ජනයා තම තොල්වලින් මට [යෙහෝවා දෙවිට] ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.’ එහෙයින් ඔබත් දෙවිගේ ආඥාවන් අත්හැර මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට ඇලී සිටිනවා.”—මාක් 7:6-8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න