අත්හදා බැලීමට යෝජනා
සිහි කිරීමේ ආරාධනා පත් මෙහෙම බෙදමු
“අපි ආවේ ඔයාට ආරාධනාවක් කරන්න. අපි හැම අවුරුද්දෙම යේසුස්ගේ මරණය සිහි කරනවා. මෙදා සැරේ ඒක වැටිලා තියෙන්නේ මාර්තු 26වෙනිදා. ඒක ලොකෙ පුරාම පවත්වනවා. අපි ආසයි ඔයයි ඔයාගේ පවුලේ අයයි එදාට එනවා නම්. යේසුස් අපි වෙනුවෙන් මැරුණෙ ඇයි කියලා එදාට දෙන කතාවෙන් පැහැදිලි කරනවා. ඒක පවත්වන තැනයි වෙලාවයි මේ පත්‍රිකාවේ තියෙනවා.”
මුරටැඹ මාර්තු 1
“ඇත්තටම යේසුස් නැවත නැඟිට්ටයි කියලා අපි කොහොමද දන්නේ කියලා සමහරු අහනවා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න එක වැදගත් ඇයි කියලා මෙතන කියලා තියෙනවා. [1 කොරින්ති 15:14 කියවන්න.] මේ සඟරාවේ යේසුස්ගේ නැවත නැඟිටීම බොරුවක් නෙමෙයි කියන එකට කරුණු පැහැදිලි කරනවා.”
පිබිදෙව්! මාර්තු
“මේ කාලෙ දරුවන්ව හදා වඩා ගන්න එක එච්චර ලේසි නෑ නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හුඟක් දෙමව්පියන් කියනවා බයිබලේ තියෙන උපදෙස් එයාලට ප්‍රයෝජනවත් වුණා කියලා. දරුවන්ව ප්‍රශංසා කරන එකත්, එයාලගේ ආත්ම විශ්වාසය ගොඩනඟන එකත්කොච්චර වටිනවද කියලා තේරුම්ගන්න මේ බයිබල් උපදෙස තාත්තලට උදව් වෙලා තියෙනවා. [කොලොස්සි 3:21 කියවන්න.] මේ සඟරාවේ තාත්තලාට උදව් වෙන මඟ පෙන්වීම් පහක් පෙන්නලා තියෙනවා.”