දේවසේවයේදී jw.org වෙබ් අඩවිය පාවිච්චි කරන්න
“පොළොවේ දුර ඈත කෙළවරවල” ශුභාරංචිය ගැන කියන්න jw.org වෙබ් අඩවිය ඉතා හොඳ ක්රමයක්. (ක්රියා 1:8) නිවැසියන් හුඟදෙනෙක් jw.org වෙබ් අඩවිය ගැන දන්නේ නැති නිසා ඒ ගැන දැනගන්න ලැබෙන්නේ අපි ඒක පෙන්නුවොත් විතරයි.
සංචාරක සේවකයෙක්, ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ලැබෙන හැම වෙලාවෙම ඒක පෙන්වනවා. නිවැසියන්ට ඔහු මෙහෙම කියනවා. “ජීවිතේ වැදගත් ප්රශ්න තුනකට උත්තර හොයාගන්න මං අනිත් අයට උදව් කරනවා. අද මෙච්චර ප්රශ්න ගැටලු තියෙන්නේ ඇයි, දෙවියන් ඒ තත්වය වෙනස් කරන්නේ කොහොමද, ඒ වෙනකම් මේ ප්රශ්නවලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා මේ කෙටි වීඩියෝ එකේ පෙන්නනවා.” ඔහු ඒක පෙන්වන ගමන් නිවැසියාගේ ප්රතිචාරය දිහා බලනවා. ඒක හිත්වලට තදින් කාවදින නිසා හුඟදෙනෙක් උනන්දුවෙන් ඒක බලනවා. ඊටපස්සේ ඔහු මෙහෙම කියනවා. “ඒකේ කිව්වා වගේ බයිබල් සාකච්ඡාවක් කරන්න කැමති නම් වෙබ් අඩවිය හරහා ඉල්ලුම් කරන්න පුළුවන්. සාකච්ඡාව කරන විදිහ දැන් වුණත් මට පෙන්නන්න පුළුවන්.” නිවැසියා කැමති වුණොත් ‘ප්රීතිමත් පණිවිඩයක්’ කියන සඟරාවෙන් ඒක කරන විදිහ ඔහු පෙන්වනවා. දැන් වෙලාව නෑ කියලා කවුරු හරි කිව්වොත් ඊළඟ පාර සාකච්ඡා කරන්න ඔහු සැලසුම් යොදනවා. ඔහු මොනවා හරි බොන්න ආපන ශාලාවකට ගියාම ඔහු ළඟ ඉන්න කෙනෙක් එක්ක සුහද වෙලා ඒ විදිහටම සාකච්ඡාවක් පටන්ගන්නවා. දේවසේවයේදී ඔබත් jw.org වෙබ් අඩවිය පාවිච්චි කරනවාද?