සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2015 ජූනි 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
මීකල් දාවිත්ට කතා කරපු විදිහ වැරදි ඇයි? විවාහක යුවළයන් ඒකෙන් ඉගෙනගන්න ඕන මොකක්ද? (2 සාමු. 6:20-23) [මැයි. 11, w11 8/1 12 පි. 1 ඡේ.]
දේවමාලිගාව හදන්න කියලා නාතන් දාවිත්ට කිව්ව එකේ වරද යෙහෝවා දෙවි නාතන්ට පෙන්නලා දුන්නාම ඔහු ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද? (2 සාමු. 7:2, 3) [මැයි. 11, w12 2/15 24 පි. 6-7 ඡේ.]
දාවිත් කළේ බරපතළ වරදක් කියලා කෙළින්ම කියනවා වෙනුවට 2 සාමුවෙල් 12:1-7 තියෙන නිදසුන නාතන් යොදාගත්තේ ඇයි? මේ වාර්තාව දක්ෂ ගුරුවරුන් වෙන්න අපිට උදව් වෙන්නේ කොහොමද? [මැයි. 18, w12 2/15 24 පි. 2-3 ඡේ.]
අබ්සලොම්ට ඊශ්‍රායෙල්වරුන් රැවටුණේ ඇයි? සූක්ෂ්ම විදිහට අපිව රවට්ටන්න හදන අයගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද? (2 සාමු. 15:6) [මැයි. 25, w12 7/15 13 පි. 7 ඡේ.]
උපකාර අත්‍යවශ්‍ය වෙලාවක යෙහෝවා දෙවි දාවිත්ට උපකාර කළේ කොහොමද? අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (2 සාමු. 17:27-29) [ජූනි 1, w08 9/15 6 පි. 15-16 ඡේ.]
විදේශිකයෙක් වුණ ඉත්තයි එක්ක දාවිත් කටයුතු කරපු විදිහ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? (2 සාමු. 18:2) [ජූනි 1, w09 5/15 27 පි. 7 ඡේ.]
සභාවේ ඉන්න වයසක අයට බාසිල්ලයිගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (2 සාමු. 19:33-35) [ජූනි 8, w07 7/15 15 පි. 1-2 ඡේ.]
දෙවිට විශ්වාසවන්තව ඉන්න අපිට දාවිත්ගේ වචන උදව් වෙන්නේ කොහොමද? (2 සාමු. 22:26) [ජූනි 15, w10 6/1 26 පි. 6-7 ඡේ.]
නාතන් දෙවිට විශ්වාසවන්තව ඉන්නවා කියලා පෙන්නුවේ කොහොමද? අපිට ඒ ගුණාංගය විදහාපාන්න පුළුවන් කොහොමද? (1 රාජා. 1:11-14) [ජූනි 22, w12 2/15 25 පි. 1, 4-5 ඡේ.]
දෙවිගේ සේවකයෙක් තමන් කරන දේ හරියි කියලා පෙන්වන්න නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඉඩ තියෙන්නේ මොන වගේ අවස්ථාවලදිද? (1 රාජා. 3:1) [ජූනි 29, w11 12/15 10 පි. 12-14 ඡේ.]