ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 දෙසැම්බර් 14 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ බව්තීස්ම විය යුතු ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 දෙසැම්බර් 14 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාවුල් 1 කොරින්ති 15:29 කියපු දෙයින් අදහස් වෙන්නේ ඒ කාලේ හිටපු සමහර ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලාද?

නැහැ. ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලා බයිබලේවත් ඉතිහාස පොත්වලවත් සඳහන් වෙන්නේ නැහැ.

පාවුල් කියපු දේ හුඟක් බයිබල්වල පරිවර්තනය කරලා තියෙන විදිහ නිසයි සමහර අය හිතන්නේ ක්‍රිස්තියානීන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලා. උදාහරණෙකට ‘පැරණි අනුවාදය’ කියන බයිබල් පරිවර්තනයේ ඒක සඳහන් වෙන්නේ මේ විදිහටයි. “මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබූ අය කුමක් කරන්නෝද? මළාහූ කිසිසේත් නැඟිටුවනු නොලබන්නෝ නම් කුමක් හෙයින් ඔවුන් උදෙසා බව්තීස්ම කරනු ලබන්නෝද?”

බයිබල් විශාරදයෙක් වන ග්‍රෙගරි ලොක්වුඩ් මෙහෙම කියලා තියෙනවා. “කිසිම කෙනෙක් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලා කියන්න බයිබලේවත් ඉතිහාසයේවත් කිසිම සාක්ෂියක් නැහැ.” තවත් බයිබල් විශාරදයෙක් වන ගෝඩන් ෆී මෙහෙම කියනවා. “මිනිසුන් මිය ගිය අය වෙනුවෙන් බව්තීස්ම වුණා කියලා බයිබලේවත් ඉතිහාසයේවත් සඳහන් වෙන්නේ නැහැ. අලුත් ගිවිසුමේවත් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එහෙම දෙයක් කළා කියලා කියන්නවත් නියෝජිතයන් මිය ගියාට පස්සේ පල්ලිවල ඒ වගේ දෙයක් කරලා තියෙනවා කියලා කියන්නවත් කිසිම සාක්ෂියක් නැහැ.”

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. මා අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න’ කියලා. (මතෙ. 28:19, 20) කෙනෙක් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙලා බව්තීස්ම වෙන්න නම් එයා යෙහෝවා දෙවියන් ගැනත් යේසුස් ගැනත් ඉගෙනගන්න ඕනේ. ඒ දෙන්නා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඒ දෙන්නට කීකරු වෙන්න ඕනේ. මැරුණ කෙනෙක්ට ඒ දේවල් කරන්න බැහැ. මැරුණ කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙලා ඉන්න ක්‍රිස්තියානීන්ට ඒ දේවල් කරන්නත් බැහැ.—දේශ. 9:5, 10; යොහ. 4:1; 1 කොරි. 1:14-16.

පාවුල් කියපු දෙයින් එයා ඇත්තටම අදහස් කළේ මොකක්ද?

ඒ කාලේ කොරින්තියේ හිටිය සමහර අය විශ්වාස කළේ නැහැ මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා. (1 කොරි. 15:12) ඒ නිසා පාවුල්ට ඕන වුණා එයාලා හිතපු විදිහ වැරදියි කියලා පැහැදිලි කරලා දෙන්න. එයා කිව්වා ‘මා දිනපතා මරණය නමැති අවදානමට මුහුණ දෙනවා’ කියලා. හැම දවසකම මරණය කියන අවදානමට මුහුණ දුන්නත් මැරුණාට පස්සේ යේසුස්ට වගේ තමන්ටත් අනිවාර්යයෙන්ම නැවත නැඟිටීමක් ලැබෙනවා කියලා පාවුල් එයාලට පැහැදිලි කළා.—1 කොරි. 15:30-32, 42-44.

කොරින්තියේ හිටිය අභිෂේක ලත් අය තේරුම්ගන්න ඕන වැදගත් දෙයක් තිබුණා. ඒ තමයි හැම දවසකම එයාලට අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා සහ නැවත නැඟිටින්න කලින් එයාලට මරණය අද්දකින්න වෙනවා කියන දේ. මොකද එයාලා “යේසුස් සමඟ එකට බැඳී සිටින අය ලෙස බව්තීස්ම” වුණ එකට යේසුස් “වින්දා හා සමාන මරණයකට මුහුණ දෙන්න” වෙන එකත් ඇතුළත් වෙනවා. (රෝම 6:3) ඒ කියන්නේ යේසුස් වගේ එයාලටත් පීඩා අද්දකින්න සහ ස්වර්ගයට යන්න කලින් මරණයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි.

යේසුස් බව්තීස්ම වෙලා අවුරුදු දෙකකට පස්සේ ඔහු තමන්ගේ නියෝජිතයන් දෙන්නෙක්ට කිව්වා “මා බව්තීස්ම වන අයුරින් ඔබවත් බව්තීස්ම කරයි” කියලා. (මාක් 10:38, 39) ඔහු ඒ වෙලාවේ කතා කළේ දිගටම විශ්වාසවන්තව ඉන්න නිසා තමන්ට මරණය අද්දකින්න සිද්ධ වෙනවා කියන එක ගැන මිසක් ඇත්තටම බව්තීස්ම වෙන එක ගැන නෙවෙයි. පස්සේ කාලෙක පාවුල් කිව්වා අභිෂේක ලත් අයත් යේසුස් ‘මෙන් දුක් විඳිය යුතුයි. එසේ කළොත් ඔහු සමඟ ඔවුන්ටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත’ කියලා. (රෝම 8:16, 17; 2 කොරි. 4:17) ඒ කියන්නේ ස්වර්ගයට නැවත නැඟිටින්න නම් අනිවාර්යයෙන්ම මරණයට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙනවා කියන එකයි.

එහෙම බලද්දී පාවුල් කියපු දේ මේ විදිහට නිවැරදිව පරිවර්තනය කරන්න පුළුවන්. “මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම් මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම වන අයට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එසේම මිය ගිය අයව නැඟිටුවන්නේ නැත්නම් ඔවුන්ව මිය ගිය අය වීමේ අරමුණින් බව්තීස්ම කරන්නේ කුමන හේතුවකටද?”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න