යෝබ්
8 එවිට ෂූහිය+ බිල්දද් මෙසේ කීවේය.
2 “ඔබ කොපමණ කල් මෙලෙස කතා කරන්නෙහිද?+
ඔබේ කියුම් නිකම්ම නිකම් සැඩ සුළඟක් වැනිය.+
4 ඔබේ දරුවන් අතින් දෙවිට විරුද්ධව වරදක් සිදු වූවා නම්
ඔවුන් කළ වරදට ඔහු නිසි දඬුවම් නොදී සිටීද?
ඔහුගෙන් කරුණාව අයැදින්නේ නම්,
6 ඔබ නිර්දෝෂ හා අවංක+ ජීවිතයක් ගත කරන්නේ නම්,
මේ වන විටත් ඔබට පිහිට වීමට දෙවි පියවර ගන්නේ නැද්ද?
ධර්මිෂ්ඨකමින් ගොඩනැඟූ ඔබේ නිවසට ඔහු නැවත ආශීර්වාද කරන්නේ නැද්ද?
8 ඔබට වඩා අද්දැකීම් ඇති වැඩිහිටි පරම්පරාවන්ගෙන් මේ ගැන අසන්න.+
ඔවුන්ගේ පියවරුන් සොයා දැනගත් දේවල් විමසා බලන්න.+
9 මන්ද අප අලුත උපන් බිලිඳුන් මෙනි.+ අප දන්නා දේ ඉතා අල්පය.
අපේ ජීවිතයත් සෙවණැල්ලක් මෙන් නැති වී යන්නේය.+
10 ඔවුහු ඔබට දැනමුතුකම් දෙන්නෝය.
ඔවුහු හොඳ අවබෝධයකින් ඔබට උපදෙස් දෙන්නෝය.
13 දෙවිව අමතක කරන තැනැත්තාගේ ජීවිත ගමනත් ඒ හා සමානය.+
දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තාගේ බලාපොරොත්තුද එලෙසින්ම සුන් වී යයි.+
14 ඔහු විශ්වාසය තබන්නේ නැති වී යන දෙයක් කෙරෙහිය.
ඔහු රඳා සිටින්නේ මකුළු දැලක්+ මතය.
15 ඔහු ඒ මත හේත්තු වුවහොත් එය කැඩී යන්නේය.
එය තදින් අල්ලාගෙන සිටියොත් එය වැඩි කල් නොපවතින්නේය.
16 ඔහු හිරු එළියේ පෝෂණය ලබමින් සරුවට වැඩෙන ගසක් මෙනි.
ඔහු උයන පුරාම අතු විහිදුවමින් සරුවට වැඩෙන්නේය.+
17 එහෙත් ඔහුගේ මුල් දුවන්නේ ගල් මතය.
ඔහුගේ නිවස ගල් ගොඩකි.