ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ මට අවිශ්වාසවන්ත වෙමින්+ භූතයන්ට*+ පුදපූජා ඔප්පු කිරීම මින් ඉදිරියට අත්හැරිය යුතුයි. එය ඔබේ පරම්පරාවලදී බොහෝ කාලයක් පුරා පැවැත්විය යුතු පනතකි.”’

  • ද්විතීය කතාව 31:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “තව කෙටි කලකින් ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් මිය යනු ඇත.+ ඔබේ මරණයෙන් පසු මේ ජාතිය අනිවාර්යයෙන්ම මාව අත්හැර+ මා සමඟ ඇති කළ ගිවිසුමද කඩ කරන්නෝය.+ ඔවුහු තමන් යන දේශයේ ජීවත් වන මිනිසුන් අදහන බොරු දෙවිවරුන්ව අදහමින් සියල්ලන් ඉදිරියේ ඉතා පිළිකුල්සහගත දේවල් කරන්නෝය.+

  • විනිශ්චයකරුවෝ 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙත් ඒ විනිශ්චයකරුවන් දුන් මඟ පෙන්වීම් පිළි නොගත් සෙනඟ, දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ බොහෝ පිළිකුල්සහගත දේවල් කළෝය.+ යෙහෝවා දෙවිගේ ආඥාවලට කීකරු වෙමින් ජීවත් වූ ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ආදර්ශයට ගන්නවා වෙනුවට ඔවුහු ඉක්මනින් යහපත් මාර්ගයෙන් ඉවත්ව ගියෝය.+

  • විනිශ්චයකරුවෝ 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ගිඩියොන් මිය ගිය පසු ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු නමස්කාර කිරීමට තෝරාගත්තේ බාල්-බේරිත් නම් දෙවියාවය.+

  • යෙරෙමියා 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඇය වේශ්‍යාවක් බවට පත් වුණේ ඇය වේශ්‍යාකම සැහැල්ලුවට ගත් නිසාය. ඇය මුළු දේශයම අපවිත්‍ර කළාය.+ ගස් ගල්වලට වන්දනාමාන කරමින් අනාචාරයේ යෙදුණාය.+

  • එසකියෙල් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ විනාශයෙන් බේරෙන අයව ජාතීන් අතරට වහලුන් ලෙස ගෙන යන විට ඔවුහු සැබවින්ම මාව සිහි කරනවා ඇත.+ ඔවුන්ගේ සිත් වේශ්‍යාකමට ලොල් වී තිබෙන නිසාත් ඔවුන්ගේ දෑස් පිළිකුල්සහගත රූප දෙසට යොමු වී ඇති නිසාත්+ මම දැඩි ශෝකයට පත්ව සිටිමි.+ එලෙස ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මා දැඩි ශෝකයෙන් සිටින බව ඔවුහු තේරුම්ගන්නෝය. එවිට තමන් කළ සියලුම දූෂිත දේවල් ගැන ඔවුන්ට මහත් පිළිකුලක් දැනෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න